
ධනාත්මකව හිතෙන මනසක් කියන්නේ, නිරායාසයෙන්ම ධනාත්මක දේවල් ග්‍රහණය කරගන්න, නිරායාසයෙන්ම ධනාත්මක සිතුවිලිම නිපදවන ආකාරයේ මනසකට. මෙන්න මේ වගේ ධනාත්මක දේවල් හිතෙන මනසක් තියෙනවා කියන්නේ , සාර්ථකත්වය හබාගෙන යන කෙනෙට ඉතාමත් වටිනා දෙයක්.
මොකද සාර්ථකත්වය කරා යන ගමනේදී අපිට ඇතිවෙන බාධක වලින් වැඩි ප්‍රමාණයක් අපිට ඇතිවෙන්නේ අපි හිතන දේවල් නිසා නෙමෙයි, අපිට හිතෙන දේවල් නිසා. මෙන්න මේ නිසා ඔබට තියෙන්නේ නිරායාසයෙන්ම ධනාත්මකව හිතෙන මනසක් නම්, ඇත්තටම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා , ඔබට ඔබේ සාර්ථකත්වයේ අරමුණු වෙතට ලගා වෙන එක ඉතාම ලේසි දෙයක් බවට පත් වෙනවා.
ඔබට ධනාත්මකව හිතෙන මනසක් නැත්නම් , ඒ කියන්නේ ඔබට තියෙන්නේ ඍණාත්මකව තියෙන මනසක්. ඒ කියන්නේ ඔබේ මනසට එන සිතුවිලි වලින් වැඩි ප්‍රමාණයක් , ඔබව සාර්ථකත්වයෙන් ඈත් කරන, සාර්ථකත්වය වෙත ලගා වෙන්න අමාරු කරන ආකාරයේ ඒවා කියන එක.
ඒ නිසා ධනාත්මකව හිතෙන මනසක් හදා ගන්න කලින්, කෙනෙක්ට ධනාත්මක දේවල් හිතෙන්නත්, තව කෙනෙක්ට ඍණාත්මක දේවල් වැඩිපුර හිතෙන්නත් හේතුව ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න එකත් වැදගත්.
මේකට තියෙන හේතුව තමයි, එකිනෙක පුද්ගලයාගේ යටි සිත තුල තියෙන ආකල්පමය තත්වයන්. ආකල්ප කියන්නේ අපේ යටි සිත තුල තදින් තැම්පත් වෙච්ච විශ්වාසය මුසු වුන සිතුවිලි වලට. සාමාන්‍යයෙන් මෙන්න මේ ආකල්ප වල ස්වභාවය මත තමයි , අපිට හිතෙන දේවල් , අපි ගන්න තීරන, අපේ ක්‍රියාකාරකම් වගේ බොහෝමයක් දේවල් වැඩි පුරම තීරණය වෙන්නේ.
උදාහරණයක් විදිහට හිතන්න , ඔබේ බිරිඳට හෝ සැමියාට අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා ඔබට කවුරු හරි කිව්වා කියලා. අපි හිතමු මේක කියන්නේ ඔබත් එක්ක තරහින් ඉන්න, ඔබේ ජීවිතේ අසාර්ථක වෙනතෙක් බලාගෙන ඉන්න කෙනෙක් කියලා. අපි හිතමු මේ දේ කියපු ගමන් ඔබ මේ කියන්නේ බොරුවක් බව දන්නවා කියලා, එහෙම නම් ඔබ මේ දේ දැඩිව හිතේ තැන්පත් කර නොගන්නා තෙක්, ඔබ මෙය ගනන් නොගන්නා තෙක්, ඔබ මෙය විශ්වාස නො කරන තෙක් මේ සිතුවිල්ලට ඔබට ලොකු බලපෑමක් කරන්න බෑ. ඔබට මේ දේ ඇහුවා කියලා ඔබට හිතෙන දේවල් වලවත්, ඔබ ක්‍රියාත්මක වන විදිහේවත් වෙනසක් වෙන්නේ නෑ.
නමුත් ඔබ හිතන්න මේ දේ ඔබට කියන්නේ ඔබ හොදින්ම විශ්වාස කරන කෙනෙක් කියලා.... ඒ වගේම ඔබ විශ්වාස කරන තවත් කීප දෙනෙක්ම මෙය තහවුරු කලා කියලා. අන්න එතකොට මේ අදහස ඔබේ හිතේ තදින් විශ්වාසය මුසු වෙලා සටහන් වෙනවා.
එතැනින් එහාට ඔබට ඔබේ බිරිදව හෝ සැමියාව පෙනෙන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සමහර විට එහෙම දෙයක් නැති වුනත්, ඔබට ඔහු හෝ ඇය කරන මෙයට අදාලම නැති දේවල් පවා සැක සහිතව පෙනෙන්න පටන් ගන්නවා.
වෙනදා ඔබේ බිරිද හෝ සැමියා ලස්සනට ඇදගෙන එලියට බහිනකොට හිතෙන දේ නෙමෙයි දැන් හිතෙන්නේ. වෙනදා ඔබේ බිරිද හෝ සැමියා රෑ වෙලා ගෙදර එනකොට හිතුන දේවල් නෙමේ දැන් හිතෙන්නේ. මොකද ඔබේ ආකල්ප වෙනස් වෙලා, ඒ අනුව ඔබට හිතෙන දේවලුත් වෙනස් වෙලා.
දැන් ඔබට තේරෙන්න ඕනේ ආකල්ප මත තමයි හිතෙන දේවල් තීරණය වෙන්නේ කියන දේ, ඒ වගේම ආකල්ප වෙනස් වුන ගමන් හිතෙන දේවල් වෙනස් වෙනවා කියන දේ...
දැන් අපි ඔබට කියලා දෙන ක්‍රමයේදීත් සිදු වෙන්නේ ඔබේ ආකල්ප වෙනස් කිරීම හරහා ඔබට හිතෙන දේවල් වෙනස් කරන එක. මේක ලෝකයේ බොහෝමයක් මනෝ විද්‍යා උපදේශකවරු, සාර්ථකත්වය සම්බන්ධයෙන් උපදෙස් දෙන උපදේශකවරු ඉතාම සාර්ථක විදිහට භාවිතා කරන සරල ක්‍රමයක්.
මෙතැනදී අපි කරන්නේ ඔබට දවසේ සිතෙන මුල්ම සිතුවිල්ල වෙනස් කරන එක. සාමාන්‍යයෙන් අපි උදෑසන අවදි වෙන මොහොතේ ඉදලා පැයක් පමණ කාලයක් තුල හිතෙන දේවල් කියන්නේ අපේ දවසම වෙනස් කරන්න පුළුවන් දෙයක්.
උදෑසන අවදි වෙනකොටම හොද බැනුමක් අහගෙන අවදි වුන දවස් ගැන හිතන්න, නැත්නම් ප්‍රශ්ණයක් එක්ක අවදි වුන දවස් ගැන හිතන්න, ඒ වගේ දෙයක් වුනාම දවස පුරාම ඒ ඍණාත්මක හැගීම් අපේ මනස තුල වැඩ කරනවා.
උදේ පාන්දර නැගිට්ට ගමන් සින්දුවක් අහන්න, ඒ සින්දුව ඔබට දවස පුරාම නිතර නිතර මතක් වෙනවා. ඒ ගීතයේ තාලය ඔබේ ඇගේ තියෙනවා වගේ දැනෙනවා.
මෙන්න මේ ක්‍රමය හරහා වෙන්නෙත් මෙන්න මේ වගේ දෙයක්. අපි මෙතැනදී කරන්නේ උදේ අවදි වුන ගමන් හොද ධනාත්මක සිතුවිල්ලක් ඔබේ මනසට ඇතුලත් කරන එක. උදේ අවදි වෙන මොහොත කියන්නේ ඉතාම ප්‍රබල මොහොතක් , මොකද ඔබේ උඩු හිත ඔබ නිදාගෙන ඉන්න වෙලාවෙදී අක්‍රීය වෙලා තියෙන්නේ, වැඩ කරන්නේ ඔබේ යටි හිත පමණයි. ඔබ අවදි වූ මොහොතේ පටන් තමයි ඔබේ උඩු හිත ටිකෙන් ටික තමන්ගේ රාජකාරී පටන් ගන්නේ.
ඒ නිසා අවදී වුන ගමන් ඔබේ මනසට යමක් ඇතුලු වුනොත් ඒ දේවල් ඉතා ලේසියෙන් ඔබේ යටි සිතට ඇතුල් වෙලා තැම්පත් වෙනවා. අපි මේ වෙලාව පාවිච්චි කරලා ධනාත්මක සිතුවිලි ඔබේ මනසට ඇතුල් කරනකොට ඒ ධනාත්මක සිතුවිලිත් ඉතාම ලේසියෙන් ඔබේ යටි සිත තුල තැම්පත් වෙනවා.
මේ දේ නිතර නිතර දිනපතා වෙනකොට , මේ සිතුවිලි ආකල්ප බවට පත් වෙන්න පටන් ගන්නවා, ඒ කියන්නේ ටික දවසක් යනකොට ඔබට හිතෙන දේවල් මේ ධනාත්මක ආකල්ප වලට අනුව ඇති වෙන්න පටන් ගන්නවා.
ඒ කියන්නේ ටික දවසක් යනකොට ඔබ දන්නේම නැතුව ඔබට හිතෙන දේවල් වෙනස් වෙනවා.
මේ ක්‍රමයේ තියෙන අනිත් විශේෂත්වය තමයි, මේ ක්‍රමය හරහා ඔබට හිතෙන දේවල් වෙනස් වෙන්න පටන් ගන්නේ දිගු කාලීනව විතරක් නෙමේ, මේ හරහා ඔබේ මනස තුල ඉතා ක්ෂණික වෙනස් කම් සිදු වෙනවා.
උදේ අහපු සින්දුව දවස පුරාම නැවත නැවත මතකයට එනවා වගේ, මේ දේ හරහා, ඔබ ඇතුලත් කර ගන්න ධනාත්මක සිතුවිලි දවස පුරාම නැවත නැවත ඔබේ මතකයට එන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබේ දවසේ තියෙන ධනාත්මක බව ඉතාම ලේසියෙන්ම වැඩි කරගන්න ඔබට මේ හරහා අවස්ථාව ලැබෙනවා.
ඒ කියන්නේ මේ ක්‍රමය හරහා කෙටි කාලිනවත් ඔබේ මනස ධනාත්මක කරලා, දිගු කාලීනවත් ඔබට ධනාත්මක දේවල් හිතෙන මනසක් නිර්මාණය කරනවා.
මේ අභ්‍යාසයේ නිරත වෙන්න පුළුවන් ක්‍රම මොනවද?
බොහෝ දෙනෙක් මේ අභ්‍යාසයේ නිරත වෙන්න හිතාගෙන කරන ලොකු වැරදි දෙයක් තමයි, උදෑසනම ධනාත්මක දේවල් ලියවුන පොතක් වගේ දෙයක් කියවන එක. නමුත් ඒක මේ දේට සුදුසු දෙයක් නෙමේ.
මොකද ඔබ එක දිගට යමක් කියවගෙන යනකොට ක්‍රියාත්මක වෙන්නේ ඔබේ උඩු හිත, යටි හිත නෙමේ. මේ අභ්‍යාසයේ අරමුණ තමයි , කෙලින්ම යටි සිතට අදහස් ඇතුල් කරන එක, ඒ නිසා ඒ වෙනුවෙන් උඩු සිත ක්‍රියාත්මක වෙන විදිහේ දේවල් කරලා හරියන්නේ නෑ.
මේක කරන්න හොදම ක්‍රමය තමයි, උදේ නැගිට්ට ගමන්, ධනාත්මක වදනක් වගේ පුංචි දෙයක් කියවන එක. කියවපු ගමන් හිතට වදින, ඉතාම කෙටි වදන් පාවිච්චි කරන එක. එතැනදී ඔබේ උඩු හිත ප්‍රබලව ක්‍රියාත්මක වෙන්නේ නෑ, ඒත් අදහස ඉතාම ලේසියෙන් ඔබේ යටි සිතට යනවා.
මේ අභ්‍යාසයේ දිනපතා නිරත වෙන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට Winner’s Lounge Wake up Alert සක්‍රීය කරගැනීමෙනුත් පුළුවන්. මේ දේ සක්‍රීය කලාම , හැමදාම උදෑසන 5ට ඔබට මේ අභ්‍යාසයට ගැලපෙන වදනක් කෙටි පණිවිඩයක් ලෙසට ඔබේ දුරකතනය ලැබෙනවා.
සාමාන්‍යයෙන් ලෝකයේ දුරකතන පාවිච්චි කරන 80%කට ආසන්න පිරිසක් සාමාන්‍යයෙන් අවදි වුන ගමන් කරන පළමු වෙනි දේ තමයි තමන්ගේ දුරකතනය අතට ගන්න එක. ඔබටත් ඒ පුරුද්ද තියෙනවානම් මේ දේ ඉතාම සාර්ථකයි.
ඔබට කරන්න තියෙන්නේ, උදේ අවදි වුන ගමන් ඔබට ලැබිලා තියෙන ධනාත්මක වදන සහිත කෙටි පණිවිඩය කියවලා දවසේ වැඩ පටන් ගනන් එක විතරයි. ටික දවසක් යනකොට ඔබට හිතෙන දේවල් වෙනස් වෙන ආකාරය ඔබටම දැනෙන්න පටන් ගනියි.
Winner's Lounge Wake up Alert සේවාව සක්‍රීය කර ගැනීමට,
සිංහල සේවාව සදහා,
ඔබගේ Dialog | Airtel හෝ Hutch දුරකතනයෙන් REG හිස්තැනක් QODS ලෙස සදහන් කර 77000 ට SMS කරන්න.
ඉංග්‍රීසි සේවාව සදහා
ඔබගේ Dialog | Airtel හෝ Hutch දුරකතනයෙන් REG හිස්තැනක් QOD ලෙස සදහන් කර 77000 ට SMS කරන්න.
දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදු ගාස්තු පමණි.
Comments