මේ ලිපිය කියවන ඔබ ඇතැම් විට ව්‍යාපාරිකයෙක් වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් ව්‍යවසායකයෙක්, ස්වයං රැකියාවක නිරත වූවෙක් හෝ විකුණුම් හා අලෙවි අංශයේ රැකියාවේ නිරත වන සේවකයෙක් වෙන්න පුලුවන්. ඔබ මේ කවුරු වූතත් නියත වශයෙන්ම මුදල්, ආදායම් කියන්නේ ඔබේ ජීවිතයේ ඉහලින්ම තියෙන එක් දෙයක් බවට සැකයක් නෑ.
ඒ නිසා අද මේ ලිපියෙන් මම ඔබට කියලා දෙන්න යන්නේ, ප්‍රායෝගිකව , සැබෑ ලෝකය තුල ඔබ යම් ප්‍රබල මට්ටමකින්, ඔබට දැනෙන මට්ටමකින්, ආදායම් තත්වය වැඩිකරගන්න බලාපොරොත්තු වෙනවානම්, ඒ දේ සාර්ථකව ලගා කරගන්න , ඔබ අවදානය යොමු කරන්න ඕනේ දේවල් කීපයක් ගැන.
මේ දේ වඩාත් තේරුම් ගන්න පහසු වෙන්න අපි හිතමු මීලග දවස් 30ක කාලය ඇතුලතදී ඔබට ඔබේ ආදායම් තත්වය දෙගුණ තෙගුණ කරගන්න ඕනේ කියලා. නැත්නම් අපි හිතමු මීලග දවස් කීපය ඇතුලතදී ඔබට ඔබේ ආදායම් මට්ටම මිලියනයක් ( ලක්ෂ 10ක් ) වගේ ප්‍රමාණයකට ගෙනෙන්න ඕනේ කියලා... එහෙමනම් ඔබ මොනවද කරන්න ඕනේ? අන්න ඒ දේ තමයි සරලවම මේ ලිපියෙන් අපි ඔබට කියලා දෙන්න යන්නේ.
පියවර 01
ඔබට ඒ වගේ මට්ටමකට ලගා වෙන්න ඕනේනම් ඔබ මුලින්ම කරන්න ඕනේ දේ තමයි ඔබේ ඔලුව සකස් කරගන්න එක. මනස හරි ආකාරව පිහිටුවා ගන්න එක. මේ දේ ප්‍රායෝගිකව කරන්න පුලුවන් වෙයිද, බැරි වෙයිද? මේක මට කරන්න පුලුවන් දෙයක්ද නැද්ද වගේ සැක සහිත තත්වයන්ගෙන් මිදෙන එක. තමන්ගේ අරමුණ දෙස හොද ධනාත්මක දෘෂ්ඨි කෝණයකින් බලන්න හුරු වෙන එක. මොකද ඔබට සියල්ලම අරබන්න වෙන්නේ ඒ තත්වයට පැමිනියාට පස්සේ!
උදාහරණයක් විදිහට හිතන්න, මාසෙකට ලක්ෂ 10ක ආදායමක් කියන දේ ගැන හිතනකොට ඔබට හිතෙන්නේ මේක හරි අමාරු දෙයක් විදිහටනම් , එතැනදිම මේ තත්වයට ලගා වෙන්න බැරි වෙන්න මානසික වශයෙන් ඔබ බාදාවක් හදාගෙන ඉවරයි. නමුත් හිතන්න මාසෙකට ලක්ෂ 10ක් කියන්නේ, පැයකට ආසන්න වශයෙන් රු 1388ක් උපයනවා කියන එක.
හොදට හිතලා බලන්න , ඔබ දන්නා හදුනන අය අතරේ රු 1388ක් වියදම් කරලා යමක් මිලදී ගන්න පුලුවන් කී දෙනෙක් ඉන්නවාද? මේ ලංකාව තුල ඒ හැකියාව තියෙන කී දාහක් මිනිස්සු ඉන්නවාද? මේ ලෝකයේ කොතරම් ඉන්නවාද? ඔබට පුලුවන්නම් පැයකට, ඒ මිනිස්සුන්ගෙන් එක් අයෙක් හොයාගෙන ඒ කෙනාට රු 1388කට වැඩි යමක් විකුණන්න ඔබට පුලුවන් සරලවම මාසෙකට රු ලක්ෂ 10ට වැඩි ආදායමක් ලබන්න.
දැන් ඔබ සමහර විට හිතයි, පැය 24ම මිනිස්සු වැඩ කරන්නේ නෑනේ කියලා. සමාවෙන්න ඔබට එහෙම හිතුනානම්, ඔබ ඉන්නේ තාමත් 21 වෙනි සියවසේ නොවන බව කියන්නම ඕනේ. අපි මේ ඉන්නේ තාක්ෂණය අතින් ඉතා දියුණූ ලෝකෙක. අද ඔබට මේ ලෝකයේ ඕනෑම රටක ඉන්න කෙනෙක්ට, ඕනෑම මොහොතක ඕනෑම දෙයක් අලෙවි කරන්න පුලුවන් තරමට තාක්ෂණය දියුනුයි. සරලවම කීවොත් අද ඔබ කරන්න ඕනේ දේවල් ටික කරලා, දවසම නිදා ගත්තත් , අවදි වෙනකොට ඔබේ බැංකු ගිණුමට සල්ලි වැටිලා තියෙන තරමට තාක්ෂණය දියුනුයි. හැම තැනම ස්වයංක්‍රීය මෙහෙයුම් පද්දති ක්‍රියාත්මකයි. ඇමරිකාවේ ඉන්න කෙනෙක්ට ඔබෙන් භාන්ඩයක් මිලදී ගෙන ඔබට මුදල් ගෙවන්න යන්නේ මිනිත්තු කීපයයි. ඇසිපිය ගහන මොහොතකදී ඒ සල්ලි ඔබේ ගිණුමට බැර වෙනවා! ඔබ ඉන්නේ එවැනි ලෝකයක. ඒ නිසා ඔබ මේ ලෝකයට ගැලපෙන්න හිතන්න පටන් ගන්න එක ඉතාම වැදගත්.
අද වන විට ඈත පිටිසර ගම් වල පවා ජාත්‍යන්තරව ගනුදෙනු කරන , නින්දෙදිත් මුදල් උපයන පිරිසක් බිහි වෙලා අවසන්. ලංකාව තව දුරටත් සිටින්නේ පසුපසින් නෙමේ. ඔබ එයට ගැලපෙන්න හිතන්න පටන් ගත්තේ නැත්නම් ඔබට අනාගතයේදී ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදුවෙනවා!
ඒ නිසා ඔබට ඉහල සාර්ථකත්වයක් අවශ්‍යනම්, ඔබේ ඉලක්ක දෙස වෙනස් විදිහකට බලන්නත්, ඔබ නිදාගෙන හිටියත් ඔබේ ගනුදෙනු කරුවන්ට ඔබ සමග සම්බන්ද වෙන්නත් , තොරතුරු දැනගන්න තියෙන හැකියාවන් ඇති කරන්නටත්, අවශ්‍ය ගනුදෙනු සුදුකරන්න තියෙන හැකියාවන් ඇති කිරීමටත් සිද්ද වෙනවා!
පියවර 02
මේ ආකාරයෙන් උපයන්න ඕනේනම් ඔබ දෙවනුව තේරුම් ගන්න ඕනේ දේ තමයි, ඔබ විකුණන්නේ මොනවද කියන දේට වඩා ඔබ විකුණන්න කොතරම් දක්ෂද කියන දේ වැදගත් වන බව. පහත තියෙන්නේ ඒ වෙනුවෙන් හොද ප්‍රායෝගික උදාහරණයක්. මෙතන පොල්කටු 5ක් මෙම අලෙවිකරුවා විසින් ඇ.ඩො 19.99ක මිලකට අලෙවි කරනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් රු.3500ට ආසන්න මුදලක්.
මේ විදිහට ඔබ නොහිතන බොහෝ දේවල් වලට ලොකු වටිනාකමක් ඇතිකර ගන්න ඔබට අවශ්‍යනම් පුලුවන්. ඔබ එයට දක්ෂණම් බොහෝ දෙනෙක් නොහිතන දේවල් හරහා වුවත් ඔබට ලොකු ආදායමක් ලබන්න පුලුවන්. හැබැයි ඔබට සිද්ද වෙනවා, ඒ දේ හරි විදිහට හරි තැනදී හරි පුද්ගලයාට විකුණන්න.
හිතන්න ඔබ මේ පොල්කටු ටික පාර අයිනට අරගෙන ගිහින් විකුණන්න හැදුවොත් කවදාවත් ඔබට මේ වගේ මිලක් ගන්න පුලුවන්න්ද? නමුත් අන්තර්ජාතික වෙලද පොලට ඔබ එය රැගෙන ගියොත් එතැනදී මේ මිල ප්‍රායෝගිකයි.
ඒක හරියට මේ පොල්කටු ටික අරගෙන පාර අයිනට ගිහින් රු 3500ටක විකුණන්න හදනවා වගේ වැඩක්. එතැනදී මහන්සිය වැඩියි, නමුත් ප්‍රතිඵල එන ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ නිසා ඔබ හරියට, හරි තැන, හරි කෙනා වෙනුවෙන් විකුණන්න ඉගෙන ගන්න එක ඉතාම වැදගත්. මොකද එහෙම නැති වුනොත් ඔබට ඔබේ ඉලක්කයට යන්න ටිකක් නෙමේ ගොඩක් අමාරු වෙනවා. ලොකු කාලයක් ගත කරන්න වෙනවා!
3. පියවර
අපි කලින් පියවරේදී කිව්වා, හරි තැන හරි විදිහට, හරි පුද්ගලයා හදුනාගෙන විකුණන්න ඔබ දැනගන්න ඕනේ කියලා. නමුත් එහෙම කිවේ ඔබේ ගමන වේගවත් කර ගැනීම වෙනුවෙන් බව ඔබ නිවරැදිව තේරුම් ගන්න ඕනේ, නැත්නම් ඔබට මේ පියවරයි ඒ පියවරයි පරස්පර විරෝදියි කියලා දැනෙන්න පටන් ගන්නවා.
විකිනීම කියන්නේ කලාවක්. ඒ කලාව දන්න මිනිහට , ඇත්තටම විකුණන්නේ මොකක්ද, කාටද විකුණන්නේ, කොහෙද විකුණන්නේ කියන එක අදාල නෑ. නමුත් විකුණන්න දන්න මිනිහෙක් හරි තැන , හරි විදිහට, හරි කෙනාට විකුණන්න පටන් ගත්තොත් එතැන දියුනුව ඉතාම වැඩියි.
ඒ නිසා ඔබට මාසෙකට ලක්ෂ 10 වගේ අගයකට යන්න ඕනේනම්, හරි තැන, හරි කෙනාට , හරි විදිහට, විකුණනවා වගේම, වැරදි තැන , වැරදි කෙනාට, වුනත් විකුණන්න පුලුවන් හැකියාවක් ඇතිකරගන්න එකත් වැදගත්. මොකද එතකොට ඔබව කාටවත් වට්ටන්න බෑ.
උදාහරණයක් විදිහට හිතන්න, අපේ රට ඕනෑ තරම් වතුර තියෙන රටක්, ඕනෑම කෙනෙක්ට වතුර ටිකක් ඕනේ වුනොත් , කිසිම මුදලක් නොගෙවා, වතුර ටිකක් ඉල්ල ගන්න ඕනෑ තරම් හැකියාවක් මේ මොහොත වෙන කොටත් මේ රටේ තියෙනවා. ඒ තත්වය එහෙම වුනත්, අද අපේ රට තුල වතුර ආනයනය කරලා විශාල මිල ගනන් වලට , විවිද සන්නම් නාම යටතේ අලෙවි කිරීමත් සිදුවෙනවා. හරියට බැලුවොත් ඒක ඇස්කිමෝවරුන්ට අයිස් විකුණනවා වගේ වැඩක්. නමුත් ඒ දේ සැබෑවටම අපේ රට තුල සිද්ද වෙනවා.
එහෙම දෙයක් කරන්න පුලුවන්, මිනිස්සුන්ගේ මනස මෙහෙයවන්න පුලුවන් අලෙවි කරුවෙක්ට විතරයි. යමක් අවශ්‍ය නැති කෙනාගේ මනස තුල පවා, තමන්ට අනවශ්‍ය දෙය මිලදී ගන්න පෙලබවීමක් ඇතිකරලා , ඒ වෙනුවෙන් ආශාවක් ඇතිකරලා, ඒ වෙනුවෙන් මිල ගෙවන තැනට මනස පත් කරලා, ගනුදෙනුව අවසන් කරන එක කාලාවක්. ඒ වෙනුවෙන් විවිද ක්‍රම ලෝකයේ තියෙනවා. ඒ දේවල් ඔබ හරියට ඉගෙන ගන්න ඕනේ. ඒ තත්වයට ඔබ ලගා වුනොත් ඔබට ඔබේ ආදායම් ගැන ඇත්තටම බය වෙන්න ඕනේ නෑ.
මොකද ඒ තත්වයේදී ඔබට හැම කෙනෙක්ම , ඔබේ වර්ථමාන හෝ අනාගත පාරිබෝගිකයෙක්. මොකද එතැනදී ඔබට පුලුවන් වෙනවා ක්‍රමානුකූලව ඔබට අවශ්‍ය තැනට ඕනෑම කෙනෙක්ගේ මනස මෙහෙයවන්න.
සමහරු හිතනවා මේ වගේ තත්වයකට ලගා වෙන එක අමාරු දෙයක් කියලා, නමුත් ඇත්තටම එහෙම නෑ, ප්‍රශ්ණය තියෙන්නේ බොහෝ දෙනෙක් මේ දැනුම ප්‍රායෝගික මට්ටමකින් සොයා නොයාම පමණයි.
බොහෝ දෙනෙක් තවමත් විකුණන්න ඉගෙන ගන්න තෝර ගන්නේ විශ්ව විද්‍යාලයක හෝ වෙනත් වෘත්තීය පුහුණු ආයතනයක විශය නිර්දේෂ හැදෑරීම. නමුත් විකිණීම මුදල් ඉපයීම කියන්නේ එහෙම කරන්න පුලුවන් දෙයක් නෙමේ. ඔබට යම් විශය කරුණු ටිකක් පාඩම් කරලා, විභාගයක් සමත් වෙලා සහතික පතක් තිබුන පමණින් විකුණන්න පුලුවන් වෙන්නේ නෑ. විකිණීම , මුදල් ඉපයීම කියන්නේ ප්‍රායෝගික විශයක් , එය නිරන්තරයෙන් යාවත් කාලීන වන විශයක්.
උදාහරණයක් විදිහට බැලුවොත් දැනට වසර කීපයකට කලින් මිනිසුන් යම් භාන්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට තීරණය කල ආකාරයයි, වර්ථමානයේදී කෙනෙක් එම තීරණය ගන්න ආකාරයයි හත්පසින්ම වෙනස්. නමුත් 80%ක් පමණ බොහෝ ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයින්, බොහෝමයක් ආයතන වල සේවය කරන අලෙවි නිලදාරීන් ක්‍රියාත්මක වෙන්නෙ මේ දේවල් ගැන අවබෝධයක් නැතුව. ඔවුන් තවමත් කරන්නේ අතීතයේ කල ආකාරයෙන්ම, ඔවුන් පිලිබද තමන්ගේ ආයතනය පිලිබද හදුන්වා දෙමින් , තමන් අලෙවි කරන්නට යන දේ ගැන පැහැදිලි කරමින් අලෙවියක් සිදු කිරීමට උත්සාහ කිරීම. නමුත් වර්ථමානයේදී එම විකුණුම් රටාව පාරිබෝගික මනස මෙහෙයවීමට සුදුසු වන ආකාරයේ විකුණුම් රටාවක් නෙමේ.
ඔබම සිතන්න , ඔබට යම් පුද්ගලයෙක් යමක් කෙසේ හෝ විකුණන්නට උත්සාහ කරන බව ඔබට දැනුන හොත් ඔබ එය මිලදී ගැනීම වෙනුවෙන් දැඩි උනන්දුවක් දක්වනවාද, නැත්නම් ඔබ එම පුද්ගලයාගෙන් ඉවත් වන්නට උනන්දුවක් දක්වනවාද? මේ දේ හරියට තේරුම් නොගෙන ඔබ ඔබේ පාරිබෝගිකයා හමුවට යන පළමු අවස්ථාවේදීම, ඔබ ඔබේ පාරිබෝගිකයා අමතන පළමු අවස්ථාවේදීම , පාරිබෝගිකයා ඔබෙන් ඈත් වෙන්නට උත්සාහ කරන එක ඔබට නවත්වන්නට අමාරුයි.
මොකද ඔබ ඔබව හදුන්වාදෙන පළමු මොහොතේදීම ඔබේ පාරිබෝගිකයා , ඔබ පැමිනෙන්නේ ඔහුට යමක් කෙලෙස හෝ විකිනීමේ අපේක්ෂාවෙන් බවත්, හැකි තරම් ඉක්මනින් ඔබෙන් ඈත් විය යුතු බවත් තීරණය කරනවා. එවැනි තත්වයකදී ඔබ සතුව කොතරම් හොද භාන්ඩ හා සේවා තිබුනත්, එය කොතරම් එම පාරිබෝගිකයාට සුදුසු වුනත්, එහි මිල කොතරම් වාසි සහගත වුවත් ඔබට එය අලෙවි කිරීම ඉතා අපහසු වෙනවා.
ඔබට මේ වගේ තත්වයන් විශය නිර්දේෂයක් තුල හමු වෙන්නේ නෑ. මේ ලෝකයේ ජීවත්වන මිනිසුන්ගේ මනස වෙනස් වන තරම් වේගයෙන් විශය නිර්දේෂ වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා ඔබට , ඔබ අලෙවිකරන දෙය, ඔබ අලෙවි කරන කෙනා, ඔබ එය අලෙවිකරන තැන කුමක් වුවත් ඒ හරහා සාර්ථක වෙන්න පුලුවන් මට්ටමට ඔබේ විකුණුම් හැකියාව දියුනු කරගන්න ඕනේනම් ඔබට එය ප්‍රායෝගික මට්ටමකින් ඉගෙන ගන්නම සිදුවෙනවා!
මේ පියවර තුන ඔබට සපුරන්න පුලුවන්නම් ඔබට මුදල් කියන දේ එතරම් ගැටලුවක් බවට පත් වෙන්නේ නෑ. ඔබේ ව්‍යාපාර දියුණු කිරීම, ඔබේ අලෙවි ඉලක්ක සපුරගෙන රැකියාවෙන් ඉහලට යන එක එතරම් අපහසු දෙයක් වෙන්නෙ නෑ. නමුත් එසේ නොවන තාක් කල් ඔබට ඔබ තුල කොතරම් හොද භාන්ඩ හා සේවා තිබුනත්, ඔබ කොතරම් මහන්සි වුනත්, ඔබ මහන්සි වෙන ප්‍රමාණයට ප්‍රතිඵල නැති වීම සිදුවෙනවා.
මුදල් උපයන කාලාව ගැන පිලිවෙලට ඉගෙන ගන්න , පොහොසත් බවේ රන් දොරටු ප්‍රායෝගික උපදෙස් පොතමෙතැන Click කර Download කර ගන්න.
Comments