ජීවිතය දිනන්න තියෙන ක්‍රම තුන,
ලිදකින් වතුර ගැනිමේදී අපිට භාවිතා කරන්න පුලුවන් ක්‍රම කීපයක් තියෙනවා. එක ක්‍රමයක් තමයි භාල්දියක් ලනුවක බැදලා ඒ ලනුවේ ආදාරයෙන් අපිට ලිද ඇතුලේ තියෙන වතුර ඉහලට ඇදලා අරගෙන තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න එක. මේ වැඩේ ටිකක් අමාරු වැඩක්. ලිද ගැබුරු ලිදක් නම්, වතුර මට්ටම තියෙන්නේ ඉතා පහලින් නම් අපිට මේ විදිහට වතුර ඉහලට ගන්න විශාල වෙහෙසක් වගේම කාලයක් ගත කරන්න සිදු වෙනවා.
එහෙම නැත්නම් අපිට පුලුවන් මේ ලිදට "බොලොක්කයක්" සවි කරලා ඒ ආදාරයෙන්, කලින් තරම් වෙහසක් නොවී වේගයෙන් හා පහසුවෙන් මේ වැඩේ කරගන්න. එහෙමත් නැත්නම් අපිට පුලුවන් මේ දේ ලිද ඇතුලට මෝටරයක් සවි කරලා සියල්ලටම වඩා පහසුවෙන් හා වේගයෙන් කරගන්න.
මීට අමතරව අපිට කුමක් හෝ ක්‍රමයකින් මේ ලිදේ වතුර මට්ටම ඉහල නංවාගෙන අතින් වතුර ගත හැකි මට්ටමට ගේන්න පුලුවන්නම් මේ කිසිම දෙයක් නොකර වුනත් අපිට වතුර ගන්න පුලුවන්.
මෙන්න මේ වගේම තමයි ඔබේ ජීවිතයේ සාර්ථකත්වයත්. එය තමන් වෙතට ලගා කරගන්න මේ ලෝකයේ විවිද ක්‍රම ස්ථාපණය වෙලා තියෙනවා. හැම වෙලාවෙම මේ ක්‍රම අතුරින් ඔබ භාවිතා කරන ක්‍රමය අනුව ඔබ කොතරම් වේගයෙන් හා පහසුවෙන් තමන්ගේ සාර්ථකත්වය වෙත ලගා වෙනවද යන්න තීරණය වෙනවා.
උදාහරණයක් විදිහට, බාල්දියක් කබයක බැදලා වතුර අමාරුවෙන් ඉහලට ගන්නවා වගේ අපි ඕනෑම කෙනෙකුට දැඩි වෙහෙසක් දරලා , දැඩි කැපවීමකින් හා අදිෂ්ඨානයකින් යුතුව වැඩ කරලා ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන සාර්ථකත්වය කරා ලගා වෙන්න පුලුවන්.
එහෙමත් නැත්නම් අපිට මේ වැඩේම ඒ වෙනුවෙන් වන විවිද මනෝව්ද්යාත්මක හා කලමණාකරන උපක්‍රම හා ශිල්ප ක්‍රම භාවිතා කරලා කලින් අමාරුවෙන් කරපු වැඩේ බොලොක්කයක් හෝ මෝටරයක් ආදාරයෙන් කරනවා වගේ කරන්නත් පුලුවන්, එහෙමත් නැත්නම් ලිදේ වතුර මට්ටම වැඩි කරනවා වගේ තම ආද්‍යාත්මික ශක්තීන්ගේ මෙහෙයවීමෙනුත් ඔබට ඔබේ සාර්ථකත්වය ලගා කරගන්න පුලුවන්.
පළමු ක්‍රමය අසාර්ථක වෙන්නේ ඇයි?
මෙම ක්‍රම වලින් සැබෑ ලෙසින්ම ඔබ ඔබේ සාර්ථකත්වය වෙත යාමට භාවිතා කල යුත්තේ කුමක්ද යන්න ඔබ විසින්ම තීරණය කල යුත්තක්. කෙසේ වෙතත් අපි කිසිම කෙනෙක්ට මේ ලෝකයේ ගත කරන්න අසීමිත කාලයක් ලැබී නෑ. මේ නිසා හැකි ඉක්මනින් තමන්ට අවශ්‍ය ඉලක්ක වෙතට ලගා වෙලා ජීවිතය විදින්නට පටන් ගැනීම ඔබ නොකලොත් ඔබ අසාර්ථකව හෝ සාර්ථක වීම වෙනුවෙන් ගත කරන සෑම දිනයක් හරහාම ඔබට සාර්ථක මිනිසෙක් ලෙස ජීවත් වෙන්න තියෙන කාලය අඩු වීමක් සිදුවෙනවා.
හොදින් හිතන්න අදවන විට සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිත කාලය ලෙස වාර්ථා වෙන්නේ සාමාන්‍යයෙන් වසර 60ක් වගේ කාලයක් ඒ කියන්නේ වසර 30 ගත වුන මොහොතේදී ඔබ ආසන්න වශයෙන් ඔබේ ජීවිත කාලයෙන් අඩක් ගෙවා අවසන් වෙනවා. එසේ නම් ඔබ ඔබේ ජීවිතයේ අවම වශයෙන් වසර 30ක් ගෙවෙන විටවත් ඔබට අවශ්‍ය ඉලක්ක වලට ලගා වෙලා සාර්ථක නොවුනොත් ඔබට ඔබේ ජීවිත කාලයෙන් හරි අඩක්වත් සාර්ථක මිනිසෙක් ලෙස , ඔබට අවශ්‍ය ආකාරයෙන් ජීවත් වෙලා මියයන්න තියෙන හැකියාව නැති වෙන බව ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. එවන් තත්වයක් තුලත් ඔබ තව දුරටත් දැඩි වෙහෙසක් හා කාලයක් වැය කරමින් ඔබේ සාර්ථකත්වය සොයනවානම් එය ඉතාම අනුවන ක්‍රියාවක් බව ඔබටම වැටහිය යුතුයි.
වේගවත් සාර්ථකත්වයකට මග
සාමාන්‍යයෙන් තමන්ගේ සාර්ථකත්වය වෙත වේගයෙන් ලගා වෙන්නත්, තම ජීවිතයේ වැඩි කාලයක් ජීවිතය තමන්ට අවශ්‍ය පරිදි ගත කරන්නටත් හැකි ආකාරයේ තත්වයක් ගොඩනගා ගන්න තියෙන හොදම ක්‍රමය වෙන්නේ , මහන්සිය , කැපවීම වැනි සාදක ඇතිකරගන්නවා වගේම සාර්ථකත්වය වෙත ලගා වීම වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි උපක්‍රම පිලිබදව දැනුවත් වෙලා ඒවා හරහා තම ගමන වේගවත් එකක් කර ගැනීම. එනම් කබයක් හා බාල්දිය පමනක් භාවිතා කරනවා වෙනුවට එයට බොලොක්කයක් එකතු කරගැනීමේන් තම කාර්යය පහසු කරගන්නවා වගේ දෙයක් සිදු කිරීම.
උදාහරණයක් ලෙස බැලුවොත්, අපි දන්නවා යම් දෙයක් සාර්ථක කරගන්න ඒ අරමුණ තුල මනස රදවාගෙන කටයුතු කිරීම ඉතාම වැදගත් බව. හරියටම බැලුවොත් ඔබේ මනස යම් අරමුණක රදාවගෙන කටයුතු කිරීමේ හැකියාව මත තමයි ඔබේ සාර්ථකත්වයේ හැම දෙයක්ම වගේ ගොඩනැගෙන්නේ. කෙසේ වෙතත් මෙන්න මේ ආකාරයෙන් යම් අරමුණක සිත රදාව ගන්න ඔබට දැඩි උත්සාහයකින් යුතුව මනස හුරු කිරීමෙන් පුලුවන්. උදාහරණයක් ලෙස අපි හිතුවොත් ඔබට ආර්ථික වශයෙන් දියුනු වෙන්න අවශ්‍යයි කියලා, ආර්තීක වශයෙන් දියුනු වීම යන්න යම් ආයාසයක් දරාගෙන මනසේ රදවා ගනිමින්, අමතක වෙන්න ඉඩ නොදෙමින් , ඔබේ මනස වෙනත් අරමුණු වෙත යන එක පාලනය කරමින් මේ කටයුත්ත ඔබට සිදු කරන්න පුලුවන්.
එහෙමත් නැත්නම් ඔබට මේ දේම නිරායාසයෙන් අරමුණ වෙත මනස යොමු වන ආකාරයේ මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් භාවිතයෙනුත් ඉතා පහසුවෙන් කරන්න පුලුවන්. ඉහත සදහන් ආර්තීක වශයෙන් දියුනු වීම යන උදාහරණයම ගත්තොත් අපිට " ආර්තීක වශයෙන් දියුනු වීම " යන්න " 20XX- XX-XX වන විට රු 1000000ක් ඉතිරි කිරීම" ලෙස වෙනස් කිරීමෙන් පමණක් මේ දේ ඉතා පහසුවෙන් සිදු කරන්න පුලුවන්.
මේ දේ හරහා වෙන්නේ ඔබේ මනසට යම් අභියෝගයක් සහිත සිතුවිලි දාරාවක් ලබා දෙන එක. ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපිට යම් ප්‍රශ්ණයක් ඇති වුනොත් ඒ දේ අපේ මනසට නිතර නිතර පැමිනෙනවා. සමහර අයට යම් ප්‍රශ්ණයක් ඇති වුනොත් ඒ දේ විසදෙනකම් කිසි දෙයක් හරියට කරගන්න බැරි තත්වයකට පත් වෙනවා. සෑම විටම එය මතකයට එන්න පටන් ගන්නවා. " ආර්ථික වශයෙන් දියුනු වීම " යන්න " 20XX- XX-XX වන විට රු 1000000ක් ඉතිරි කිරීම" ලෙස වෙනස් කල ගමන් ඔබට ඔබේ අරමුණ තුල ගැටලුවක් ඇතිවීම සිදුවෙනවා. මෙහිදී "දියුනු වෙන්න අවශ්‍යයි" යන සාමාන්‍ය සිතුවිල්ල වෙනුවට ඔබේ මනසට ඇතිවෙන්නේ 20XX- XX-XXට පෙර රු මිලියනයක් ඉතිරි කරන්න තමන් මොනවද කරන්න ඕනේ කියන සිතුවිල්ල. මේ නිසා හැම වෙලාවෙම ඔබේ මනස නිරායාසයෙන්ම ඔබට අවශ්‍ය අරමුන වෙත වැඩිපුර යොමු වීමක් සිදුවෙනවා වගේම, නිරායාසයෙන්ම ඒ වෙනුවෙන් කල යුත්තේ කුමක්ද යන්නත් සිතන්නත් පතන් ගන්නවා. මෙයත් සමග ඔබේ අරමුණ වෙත ලගා වෙන්න අවශ්‍ය කරන අලුත් අදහස් සිත තුල ඇතිවීම, අවස්ථාවන් ඉතා පහසුවෙන් ග්රහනය වෙන්න පටන් ගැනීම වැනි බොහෝ දේ නිරායාසයෙන්ම සිදුවෙන්නට පටන් ගන්නවා.
මෙය මෙම අවස්ථාවේදී නිරායාසයෙන්ම සිදුවෙන්න පටන් ගත්තාට පළමු අවස්ථාවේදී ඔබ ඔබ විසින්ම යොදන ආයාසයකින් සිදුකල යුතු වෙනවා. මේ නිසා සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉතා වේගයෙන් මෙම මනෝවිද්‍යාත්මක හා කලමණාකරන උපක්‍රම භාවිතයෙන් තම ගමන යන්න උත්සාහ කරන කෙනාට තම අරමුණු වෙතට ලගා වෙන්න හැකියාව ලැබෙනවා.
මේ ආකාරයෙන් ඔබේ මනසේ යම් සාර්ථකත්වයක් පිලිබද සිතුවිල්ලක් ඇතිවූ මොහොතේ පටන එය ප්‍රායෝගිකව ලගා කරගැනීම දක්වාම භාවිතා කල හැකි මනෝවිද්‍යාත්මක හා කලමණාකරන ශිල්ප ක්‍රම ගැන හදාරන්න ඔබට අප නිකුත් කර ඇති, " ජීවිතය දිනන ප්‍රායෝගික මග" ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය PDF eBook එකක් ආකාරයෙන් පහතින් Download කරගැනීමෙන් ඔබට හැකියාව තිබෙනවා.
මීලගට මේ ආකාරයෙන් තමන්ගේ අරමුණු වෙතට ලගා වෙන්න තියෙන පහසුම ක්‍රමය තමයි, ලිදේ වතුර මට්ටම තමන්ගේ අත මට්ටමට ගේන්න කටයුතු කරනවා වගේ ඔබේ මනසේ ශක්තිය, සිතුවිලි තරංග වල ශක්තිය , ආද්‍යාත්මික ශක්තිය වගේ දේවල් භාවිතා කරලා තමන්ගේ සාර්ථ්කත්වය ලගා කරගන්න එක. බැලූ බැල්මට මෙය හරිම ගුප්ත පදනමක් නැති කතාවක් වගේ පෙනුනට , මෙය අද වනවිට බටහිර විද්‍යාව පවා පිලිගන්න ක්‍රමයක්. ඒ වගේම ඔප්රා වින්ෆ්රි, විල් ස්මිත් වගේ ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ද චරිත පවා මෙම ක්රමයන් භාවිතා කල අය ලෙස ඔවුන්ගේ ජීවිතයේ උදාහරන සමගින් සාක්ෂි දරන මට්ටමට අද ලෝකය පත් වෙලා තිබෙනවා.
නමුත් කලින් ක්‍රමය වගේ තමන් සිදුකරන ක්‍රියාවත්, ලැබෙන ප්රතිඵ්ලයත් අතර සබදතාවය හදුනා ගන්න බොහෝ දෙනෙක්ට අපහසු නිසා මේ දේවල් යම් තරමකින් තවමත් භාවිතයට ගැනෙන්නේ ඉතා අඩුවෙන්. ඒ වගේම ලංකාව වගේ රටවල මෙවැනි ක්‍රම අතීතයේ , බටහිර විද්‍යාවෙන් ඔප්පු කරන්න පෙර ඕනෑ තරම් පැවතුනත් , ප්‍රායෝගිකව භාවිතයට ගැනීම සිදු වුනත්, අද වන විට නිර්මානය වී ඇති කාර්යය බහුල ජීවන රටාව නිසා, මෙවැන්නක් අථදා බලන්න මිනිසුන් තුල තිබෙන උනන්දුව ක්‍රමයෙන් අඩු වී තිබෙනවා, නමුත් ඔබට ඉතා සුලු මට්ටමේ යටි සිත බලගැන්වීමේ අභ්‍යාසයකින් හෝ මේ දේ අරබන්න පුලුවන්නම් ඉතා කෙටි කාලයක් තුල මේහි ප්‍රතිඵ්ල අත්විදින්නට හැකියාව තිබෙනවා.
බොහෝ විට ඔබට ඉහත සදහන් කල ප්‍රායෝගික කළමණාකරන හා මනෝවිද්‍යාත්මක ක්‍රම ශිල්ප සමගින් මෙවන් දෙයකුත් භාවිතා කරන්න පුලුවන්නම් ඔබේ සාර්ථකත්වයේ ගමන ඔබ සිතනවාටත් වඩා පහසු , ඉතා වේගවත් එකක් කරගන්න හැකියාව තිබෙනවා.
සාමාන්‍යයෙන් යම් පුද්ගලයකුට සතුටින්, ජවයකින් යුතුව, තම අරමුණ වෙත ලගා වෙන්න අවශ්‍යනම් , ජීවිතයේ සමබරතාවයකින් යුතුව තම අරමුණු වෙතට ලගා වෙන්න අවශ්‍යනම් , ඔහු හෝ ඇය මෙම මනෝවිද්‍යාත්මක හා කළමණාකරණ ශිල්ප ක්‍රම වගේම , මානසික හා ආද්‍යාත්මික ශක්තීන්ගේ උදව්වත් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කල යුතු වෙනවා. ( අනිවාර්යයෙන්ම යනු එසේ වූවානම් වඩා සුදුසුයි යන අදහස නොව එම කරුණු දෙකෙහි එකතුවක් නියත වශයෙන්ම තිබිය යුතුය යන්නයි)
ඔබේ මානසික හා අද්යාත්මික ශක්තීන් ප්‍රායෝගිකව ඔබේ අරමුණු වෙත ලගා වීම වෙනුවෙන් ඔබ දැන සිටිය යුතු මූලිඛ කරුණු හා ඔබ පුහුණු කල යුතු මූළික අභ්‍යාස පිලිබද ඉගෙන ගන්න " අසිරිමත් යටි - සිත විශ්මිත සාර්ථකත්වයක රහස " ප්‍රායෝගික උපදෙස් පොත PDF eBook එකක් ආකාරයෙන් පහතින් Download කරගැනීමෙන් ඔබට හැකියාව තිබෙනවා.
Comentarios