ඇන්ඩෘ කානගී කියන්නේ ඉතා දිලිදු පවුලක ඉපදුන පුද්ගලයෙක්, කොතරම් දිලිදුද කීවොත් ඔවුන්ට තමන්ට අවශ්‍ය මූලික වෛද්‍ය පහසුකම් සදහාවත් මුදල් තිබුනේ නෑ. කානගී ඉපදුනේ ගෙදර, කානගී ඉපදෙනකොට ඒ වෙනුවෙන් වෛද්‍යවරයෙක් හෝ වින්නඹු මාතාවකගේ උදවු ලබා ගන්නවත් කාගනීගේ පවුලේ අයට පුලුවන් වුනේ නෑ. කානගීගේ තාත්තා කලේ මේස රෙදි වියලා ගෙයින් ගෙට ඇවිදලා ඒවා විකුනන එක, අම්මා කුලියට රෙදි සේදුවා, කානගීගේ නිවසේ සමහර දවසට කෑම තිබුනේ නෑ. මොනවා හරි පුංචි දෙයක් කාලා වේල් දෙක තුනක් පිරිමහා ගන්න ඔවුන්ට බොහෝ දවස් වල සිදු වුනා.
මේ මුදල් ප්‍රශ්ණ නිසාම කානගී ඉගෙනගත්තේ අවුරුදු 4ක් විතරයි. ඊට පස්සේ කානගී ගෙදර වැඩ වලට උදවු වෙන්න ගෙදර නැවතුනා. කානගීට තිබුනේ එකම එක කමිසයයි, හැමදාම රෑට නිදාගන්න යනකොට ඒක කානගීගේ අම්මා හෝදලා වේලෙන්න දානවා, ඊට පස්සේ පහුවදා උදේට ඒ කමිසයම ඇදගෙන කානගී ගෙදර වැඩ වලට උදවු වෙනවා. කානගීට පුංචි කාලේ ඉදලා ලොකු පෝසතෙක් වෙන්න හීනයක් තිබුනා ඒ වෙන මොකටවත් නෙමේ අම්මට සේද ඇදුමක් අරගෙන දෙන්න.
කානගී හැමදේම ඉගෙන ගත්තේ සමාජයෙන් , පරිසරයෙන්, ඒ හැරෙන්න කනගීට කිසිම අද්‍යාපණ සුදුසුකමක් තිබුනේ නෑ. පසු කාලීනව කානගී තමන්ගේ ව්‍යාපාර කටයුතු වලටත් බාවිතා කලේ මේ දැනුමමයි. ඒ නිසාම කානගීට ඉතා හොදින් හැමදේම කරගන්න පුලුවන් වුනා. කානගී බොහොම හිත හොද නමුත් හොද බුද්දියක් තිබුන කෙනෙක්. ඔහු කොතරම් හොද හිතක් තිබුන කෙනෙක්ද කීවොත් , ඔහු තමන්ගේ අම්මට පොරොන්දු වුනා අම්මා ජීවත් වෙලා ඉන්නකම් , ඔහු විවාහ වෙන්නේ නැතුව අම්මට සලකනවා කියලා. ඔහු ඒ විදිහටම පොරොන්දුව ඉටුකර අවුරුදු 52දී තමයි අවසානයේ විවාහ වුනේ. මොකද තමන්ව හදා ගන්න අම්මා හැමදාම පැය 17ක් විතර වැඩ කරපු එකේ ණය ගෙවන්න තියෙන එකම විදිහ අම්මා මැරෙනකන් තමන්ට පුලුවන් උපරිමයෙන් බලාගන්න එක කියලා කානගී දැනගෙන හිටියා.
බොහොම පුංචි තැනකින් , ඉතා සුලුවට ව්‍යාපාර පටන් අරගෙන පියවරෙන් පියවර මේ හිත හොද මනුස්සයා කොච්චර ඉදිරියට ආවද කීවොත් ඔහු අන්තිමට නතර වුනේ මුලු ලෝකයේම සිටින විශාලම ධනවතුන් අතරට එකතු වෙලා, කානගී මිය ගිහින් දැන් වසර ගනනක් වෙලත් තවම කානගී තරම් පොහොසත් වෙන්න දැනට ලෝකයේ සිටින අංක එකේ පොහොසතාටවත් බැරි වෙලා තියෙනවා. කානගී ඉගෙන නොගත්තට ඔහු පොත් 8ක් ලියලා තියෙනවා. ඒ වගේම ඔහුට ප්‍රායෝගිකව ජීවත්වෙන හැටි ගැන, අරමුණුකරා යන හැටි ගැන තිබුන දැනුම එක්ක කාටවත් හැරෙන්නවත් පුලුවන්කමක් තිබුනේ නෑ.
ඇන්ඩෘ කානගී කියන්නේ අදටත් හෙටටත් සාර්තක වෙන ඕනෑම කෙනෙක්ට ආදර්ශයට ගන්න පුලුවන් ඉතා ප්‍රබල චරිතයක්. නිකමට හිතලා බලන්න මෙහෙම පුංචි තැනක ඉදලා ලෝකයේ විශාලම ධනවතුන් අතරට යන්න කානගීට පුලුවන් වුනානම් අපිට මොනවද කරන්න බැරි?
සටහන : මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර
දිනපතා මෙවැනි ලොව දිනූ මිනිසුන්ගේ චරිත කතා සහිත ලිපි ඔබේ ජංගම දුරකතනයට ලබා ගන්න, ඔබත් ඔබගේ Dialog, Hutch හෝ Airtel ස්මාර්ට් ජංගම දුරකතනයෙන් Reg හිස්තැනක් Achiever ලෙස සදහන් කර 77000ට SMS පණිවිඩයක් යොමු කරන්න.
දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදුගාස්තු පමණයි.
Comments