අපි පොඩි කාලේ ඉදලාම අහලා තියෙන කතාවක් තමයි, හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන කතාව. බීජයක් හිටෙවුවාම ඒ බීජය ඉදිරියට රූස්ස ගහක් වෙයිද? නැත්නම් අකාලයේ මැරිලා යයිද කියන දේ ලේසියෙන්ම කියන්න පුලුවන් වගේම, ඕනෑම මනුස්සයෙක් දිහා බැලුවහමත් මේ මනුස්සයාගේ අනාගතය මොන වගේ එකක් වෙයිද කියලා සාමාන්‍යයෙන් ජීවිතේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙකුට ලේසියෙන්ම පුලුවන්. මොකද හැම වෙලාවකම ඕනෑම පුද්ගලයකුගේ ජීවිතේ අනාගතය තීරනය වෙන්නේ වර්තමානය මත ඒ නිසා සෑම විටම කෙනෙකුගේ වර්ථමාණ තත්වය, සිතුම් පැතුම් වල විලාශය, කතා බහ කරන ආකාරය, ඇසුරු කරන පුද්ගලයන් වගේ දේවල් වලින් බැලූ බැල්මට මේ පුද්ගලයගේ අනාගතය මොන වගේද කියන දේ කියන්න පුලුවන් වගේම ජීවිතේ ගැන අත්දැකීම් තියෙන කෙනෙකුටනම් සමහර විට 80% 90%ම නිවරැදිව මේ දේවල් කියන්න පුලුවන්!
මේ විදිහටම පුද්ගල චරිත දිහා බලලා ඊට සාපේක්ෂව ඔවුන්ගේ සාර්ථකත්වය තීරණය වෙන්නේ කොහොමද කියන දේ ගැනත් කාලයකට ඉහත නැපෝලියන් හිල් වැනි බොහෝ දෙනෙක් අතින් විවිද පරීක්ෂණ සිදුවුන අවස්ථාවනුත් තිබුනා!
ඉතිං අපි හිතුවා මේ විදිහට මනෝවිද්‍යාත්මක පරීක්ෂණ මගින් සොයා ගත්ත සාර්ථකත්වයට හේතුවෙන චරිත ලක්ෂණ නෙමේ අසාර්ථකත්වයට හේතු වන චරිත ලක්ෂණ කීපයක් අද ඉදිරිපත් කරන්න. ඒ වෙන කාගෙවත් ඇද කුද හොයන්නවත්, ඒ අය සාර්ථක වෙයිද නොවෙයිද කියලා හිතන්නවත් නෙමේ තමන් සාර්ථක වෙයිද නොවෙයිද කියන දේ තමන් ගැනම විශ්ලේෂණයක් කරලා බලලා තේරුම් ගන්න! බලන්න මේ ලිපිය කියවන ඔයා තුලත් මේ ලක්ෂණ තියෙනවාද කියලා!
1. අනවශ්‍ය දේවල් ඔලුවට දා ගන්න එක
අසාර්ථක වෙන මිනිස්සු තමන්ගේ ඉලක්කයට ලගා වීමට උවමනා නැති එක එක වල් පල් අහන්න, බලන්න, කියවන්න , ඒවා ගැන කතා කරන්න කාලය වැය කරනවා. ගොඩක් වෙලාවට අසාර්ථක මිනිස්සු තුල තියෙන්නේ විසිරුනු මනසක්, ඉතින් හැම වෙලාවෙම මේ අයගේ හිත ඉතාම වේගයෙන් එහේ මෙහේ දුවනවා! මේ අය මලගෙදරකට යන්න සුදු ඇදුමක් ගන්න ඇදුම් සාප්පුවට ගොඩ උනොත් තමන්ගේ වැඩේ කරගෙන එනවා වෙනුවට වටේම තියෙන ඇදු ඇදලා බල බලා ඉදලා පුලුවන් තරම් කාලේ කාලා තමයි එලියට එන්නේ!
ඒ වගේම මේ අයට තමන් , අහන, බලන , කියවන, කතා කරන දේවල් ගැන නිශ්ඡිත තේරීමක් නෑ. ඒ දේවල් තමන්ගේ දියුනුව වෙනුවෙන් දායක වෙන ආකාරය ගැන අවබෝදයක් නෑ. හිතෙන හිතෙන, ආස හිතෙන දේවල් පස්සේ දුවනවා!
මේ අය ගොඩක් දේවල් කරන්නේ ආසාවට මිසක් තේරුම ඇතුව නෙමේ. මේ අයගෙන් කවුරු හරි “ඇයි මේ දේ ඔයා කරන්නේ?” කියලා ඇහුවොත් , “මම ආස නිසා” කියනවා ඇරෙන්න දෙන්න පැහැදිලි උත්තරයක් මේ අය ලග නෑ. මේ වගේ අය ගොඩක් වෙලාවට හැගීම් එක්ක වැඩ කරන්න යන නිසා බොහෝ වෙලාවට ජීවිතේ ආර්ථික අතින් වගේම අනිත් හැම පැත්තකින්ම අස්තීර ගතියක් ඇති කරගන්නවා!
ලස්සන ලස්සන දේවල් වලට හිත යන නිසා, මේ දේවල් මත තීරණ ගන්න හුරුවෙන නිසා මේ අය ගොඩක් වෙලාවට තමන්ට ජීවිතේ වැරදුනා කියලා තේරුම් ගන්නේ ගොඩක් පරක්කු වෙලා. ඒ නිසා මේ වගේ අය වැඩ වරද්ද ගන්නේ අයේ හරි ගස්සන්නවත් විදිහක් නැති වෙන්න.
2. තමන් කවුද යන්න හරියට දන්නේ නැති කම
අපි හැමෝම අදින පලදින විදිහ, කතා කරන විදිහ, හැසිරෙන විදිහ වගේ ජීවිතේ බොහෝ දේවල් තීරණය වෙන්නේ අපි අපි ගැන තේරුම් අරං ඉන්න විදිහ ගැන. ලෝකයම දන්න හොද ව්‍යාපාරිකයෙක් වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් කතා ක්‍රියා කරන විදිහයි, ගමේ හොදම චන්ඩියා වෙන්න හිතා ගෙන ඉන්න කෙනෙක් ක්‍රියා කරන විදිහයි එකිනෙකට වෙනස් වෙනවා වගේ හැම වෙලාවෙම තමන් ගැන තමන් දකින විදිහ අනුව තමන් කතා කරන විදිහ , අදින පලදින විදිහ, හැසිරෙන විදිහ, තීරණ ගන්න විදිහ වගේ ගොඩක් දේවල් තීරණය වෙනවා!
නමුත් අසාර්ථක වෙන කෙනෙක්ගේ ගොඩක් වෙලාවට තමන් ගැන අහිතකර මතයක් හෝ තමන් කවුද යන්න හරි හැටි තීරණය නොකල තත්වයක් තමා තිබෙනෙනේ! මෙතනින් භයානකම තත්වය තමා තමන් ගැන හරි හැටි තේරුම් ගෙන නොසිටීම.
මොකද එහෙම අයට තමගේ අනාගතය ගැන පැහැදිලි චිත්‍රයක් නෑ. ඒ නිසා ඒ අයගේ පෞර්ෂතවය හරි හැටි වර්ධනය වීමක් සිදුවන්නේ නෑ. මේ අයට එක ඉලක්කයක් තියාගෙන වැඩ කරන්න බෑ. හැම වෙලාවෙම එක එක දේවල් හිතෙනවා. මේක කලෝත් හොදයි, මේකට වඩා අරක හොදයි වගේ එක එක දේවල් හිතිලා එක දෙයක්වත් කරගන්න බැරි තත්වයකට මේ අය පත් වෙනවා! ඒ වගේම මේ අයට එක දෙයක් එක දිගට කරගෙන යන්න අමාරුයි. එක දෙයක් එක දිගට කරගෙන යනකොට එපා වෙනවා, ආතතිය ඇති වෙනවා, කම්මැලි හිතෙනවා වගේ දේවල් මේ අයට වෙනවා!
හැම දෙයකින්ම ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා! ඒ දේවල් හිතපු විදිහට ඉටු වුනේ නැත්නම් ඒ දේ හරි ගස්ස ගන්න මොනවද කරන්න ඕනේ කියලා හිතවා වෙනුවට මේ අය කරන්නේ අලුතින්ම අලුත් දෙයක් කරන්න පටන් ගන්න උත්සාහ කරන එක. මේ නිසා මේ අය හැම වෙලාවෙම එක එක දේවල් කර කර ඉන්නවා හැරෙන්න , තමන් පටන් ගත්ත සාර්ථකත්වයේ ගමන ඉවර කරන්නේ නෑ.
3. තමන්ට පුලුවන් උපරිමයෙන් කැපවෙන එක
තමන්ට පුලුවන් උපරිමයෙන් කැපවෙන එක කොහොමද අසාර්ථක වෙන කෙනෙක්ගේ ලක්ෂණයක් වෙන්නේ? ඇතැම් විට ඔබට එහෙම හිතේවි. ඔවු ඇත්තටම ඒක අසාර්ථකත්වයේ ලක්ෂණයක් තමා.
ඔබට සාර්ථක වෙන්න ඕනේ නම් ඔබ කැප වෙන්න ඕනේ, අවශ්‍ය ප්‍රමාණය මිසක් ඔබට පුලුවන් ප්‍රමානය නෙමේ. තමන්ට පුලුවන් ප්‍රමානයෙන් තමන් කැපවෙනවායයි සිතන මිනිස්සු ගොඩක් වෙලාවට නිදහසට කාරනා කියන්න දක්ෂයෝ. මේ අයට ගොඩක් මහන්සි වුනත් අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. මේ නිසා ටික කාලයක් යනකොට මේ අයට තමන් කරන දේවල් එපා වෙනවා! තමන් ගැනම කලකිරීමක් ඇති වෙනවා!
මේ අය ගොඩක් වෙලාවට ජීවිතේ සතුට කියන දේ ලගා කරගන්නේ ඉතාම අඩුවෙන්! ඒ අයගේ ජීවිතේ තියෙන්නේ ගොඩක් වෙලාවට මහන්සියයි , පරාජිත බවයි විතරයි. සමහර වෙලාවට තව පොඩ්ඩක් මහන්සි වුනානම් ලගා කරගන්න පුලුවන් සාර්තකත්වය මේ අය නිකරුනේ නැතිකරගන්නවා!
මේ වගේ අය යමක් පටන් ගන්නකොට ඉතා මහන්සියෙන් වැඩ කලත්, පසු කාලීනව ඔවුන්ගේ උනන්දුව කැපවීම අඩු කරනවා. මොකද මේ අය හිතනවා තමන්ට පුලුවන් උපරිමයෙන් තමන් කලා, ඒත් හරියන්නේ නෑ කියලා. මේ අය ගොඩක් වෙලාවට තමන්ගේ සාර්ථකත්වය නැති කරගන්නේ සාර්ථකත්වයට ගොඩාක්ම ලං වෙලා!
තමන් මහන්සි වුනා කියන සිතුවිල්ල තමන් තුල තියෙන නිසා මේ වගේ අයට ගොඩක් වෙලාවට තරහා යනවා, ඒ නිසා කාලයත් එක්ක මේ අය තමන් ඇසුරු කරන, තමන්ගේ සාර්ථකත්වයට අවශ්‍ය පුද්ගලයන් හෝ දැනටමත් සාර්ථක පුද්ගලයන් තුල තමන් ගැන අහිතකර චිත්‍රයක් ඇති කිරීම නිරායාසයෙන්ම සිදුකරනවා! මේ නිසා කාලයක් යනකොට මේ අයට උදවු කරන්න ඉන්න පිරිස ඉතාම සීමා සහිත තත්වයකට පත් වෙනවා!
4. තමන්ට අවශ්‍ය ජීවිතය ගොඩනගනවා වෙනුවට ඒ ජීවිතය අනුකරනය කිරීම.
මේ අය තමයි ඇත්තටම මෝඩ කම නිසා තමන්ට ලැබෙන්න තියෙන දේ නැති කරගන්න පිරිස. මේ අයට ඉක්මනට සාර්ථක වෙන්න මාර උවමනාවක් තියෙනවා. ඒ වගේම තමන් ආස කරන ජීවිතය ගත කරනවා වගේ දැනෙන කෙනෙක් දැක්කම මේ අය මාර උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මේ අය ගොඩක් වෙලාවට අවදානය යොමු කරන්නේ පිට ඔපේට මිසක් ඇත්තටම ඒ දේ ලගා කරගන්න අවශ්‍ය කරන්නේ මොකක්ද කියන දේට නෙමේ!
මේ අය අතේ තියෙන හැම රුපියලම හිතන්නේ බලන්නේ නැතුව තමන් කැමති ජීවිතය වේගයෙන් ලගා කරගන්න වියදම් කරනවා. මේ වගේ අයට ලොකු ගෙදරක ජීවත් වෙන්න හරි තමන් කැමති වාහනයක් ගන්න හරි ආසවක් ඇති වුනොත් මේ අය ඒ දේ ලගා කරගන්න අවශ්‍ය මූල්‍ය තත්වය ඇතිකර ගන්න වෙහෙසෙනවා වෙනුවට මුලින්ම කරන්නේ තියෙන සන්තකේම වියදම් කරලා හරි කුලියට හරි ලොකු ගෙයක් හරි වාහනයක් හරි ගන්න උත්සාහ කරන එක.
මේ අය ඇත්තටම සාර්ථක වෙනවා වෙනුවට , සාර්ථකත්වයේ නිදහස අත්විදිනවා වෙනුවට, තමන් සාර්ථකයි කියලා පෙන්නන්න ගිහින් ලොකු ප්‍රශ්න ගොඩක පැටලෙනවා!මේ අයටනම් ගොඩක් වෙලාවට තමන් කරපු වැරදි තේරෙද්දි ගැලවෙන්න බැරි තරමේ ප්‍රශ්ණ ගොඩකට හිර වෙලා ඉවරයි!
5. ගොඩක් රෑ වෙලා නිදා ගන්න එක වගේම පරක්කු වෙලා ඇහැරෙන එක.
මේ වගේ අයටත් සාර්ථකත්වය කියන දේ තියෙන්නේ ගොඩක් ඈතින්. මෙහෙම අයට ගොඩක් වෙලාවට තමන්ට තියෙන වැඩ රාජකාරි අමතක වෙනවා, ඒ වගේම මේ අයට යමක් තේරුම් ගැනීමේ හැකියාව අඩු වෙනවා. මේ වගේ අය තීරන ගන්නකොට වුනත් ගොඩක් වෙලාට වැරදීම් සිදු කරනවා. මානසික ඒකාග්‍රතාවය අඩුවෙනවා වගේ තත්වයටන්ට පත් වෙනවා!
ඒ වගේම මේ අයට අලුතින් යමක් හිතීමේ හැකියාව අනෙක් අයට සාපේක්ෂව අඩු වීමක් සිදු වෙනවා. ආතතිය වගේ දේවල් වැඩි වීමට, පිලිවෙලක් නැති ගතිය වගේ ලක්ෂණ ඇති වෙන්නත් මේ කාරනය හේතුවක් වෙනවා, ඒ වගේම ශාරීරික සෞඛ්‍ය පැත්තෙනුත් මේ අය කාලයත් සමග ආපස්සට යනවා. මේ වගේ අයට මානසික ආතතිය, තරහව, මානසික හා ශාරීරික වෙහෙස, කම්මැලි ගතිය වගේ දේවල් පහසුවෙන් ඇතිවෙනවා.
6. මිත්‍යා මත විශ්වාස කරන එක.
ගොඩක් වෙලාවට මේ වගේ අයත් තමන්ට ලැබෙන්න තියෙන දේවල් මෝඩකම නිසා නැතිකර ගන්නවා. මේ අයට ගොඩක් වෙලාවට ඇත්තටම කරනන් ඕනේ මොකක්ද යන්න තේරුම් ගැනීමේ හැකියාව අඩුයි. ඒ වගේම පෞර්ෂත්වය පැත්තෙනුත් මේ අය ගොඩක් පස්සට යනවා.
තමන් ගැන වෙනුවට වෙනත් දෙයක් ගැන විශ්වාස කරලා විවිද තීරන ගනන් ගිහින් වැඩ ඔක්කොම අවුල් කරගන්නවා. මේ අය ගොඩක් වෙලාවට තමන්ට සාර්ථක වෙන්න තියෙන සල්ලි හා කාලය වෙන වෙන දේවල් වෙනුවෙන් නාස්ති කරලා අසාර්ථක වෙනවා. ඒ වගේම මේ අය කාලයත් සමග සාර්ථක වෙන වගේම සාර්ථක වෙලා සිටින සමාජයෙන් ඈත් වීමකට ලක් වෙනවා. මේ නිසා දියුනු වෙන්න තියෙන ගොඩක් මාර්ග මේ අය නැති කර ගන්නවා.
7. තමන් ගැන ආඩම්බර වීම
ආඩම්බර කම කියන්නේ කොහොමත් අසාර්ථක බවේ ලක්ෂණයක්. ගොයම සරු වෙන්න සරු වෙන්න බිමට නැමෙනවා වගේ, සාර්ථක වෙන්න වෙන්න ඇත්තටම සාර්ථක මිනිස්සු තුල ඇති වෙන්නේ නිහතමානි කම, සතුට හා අභිමාණය පමණයි. ඔබ ගැන හැම වෙලාවෙම ආඩම්බර වෙන්න ඕනේ ඔබ නෙමේ අනිත් අය. නමුත් ගොඩක් අය කරන්නේ අනිත් අය වෙනුවට තමන් ආඩම්බර වෙන්න ගිහින්, තමන් ගැන තියෙන ප්‍රසාදය නැතිකර ගන්න එක.
මේ වගේ ආඩම්බර වෙන අයට කොච්චර මූල්‍යමය වැනි කාරනා අතින් සාර්ථක වුවත් සමාජීය තත්වයන්ගෙන් ප්‍රතික්ෂේප වීම නිසා කාලයත් සමග සාමාජීය අසාර්ථක බවකට පත් වෙනවා. ගොඩක් වෙලාවට මේ අයට මුලු ජීවිත කාලයම වෙහෙසුනත් මේ තත්වය යතා තත්වයට පත් කරගන්න ලැබෙන්නේ නැති තරම්.
8. අසාර්ථක මිනිසුන් ඇසුරු කිරීම.
කතාවක් තියෙනවා අපි වැඩියෙන්ම ඇසුරු කරන පුද්ගලයන් 5 දෙනා වගේ තමයි අපේ ජීවිතෙත් ගොඩ නැගෙන්නේ කියලා. ගොඩක් වෙලාවට සාර්ථක මිනිස්සු ඇසුරු කරන අය තෝරා ගැනීමේදී ගොඩක් සැලකිලිමත් වෙනවා. නමුත් අසාර්ථක මිනිස්සු එහෙම නෑ. මේ නිසා ගොඩක් වෙලාවට ඔවුන්ගේ කාලය තමන්ගේ දියුනුව වෙනුවෙන් වැයකරනවා වෙනුවට, වෙනත් වැඩකට නැති වැඩ වෙනුවෙන් වැය කරන්න සිදුවෙනවා. නැති කරදර වලට පැටලෙන්න වෙනවා. ඒ වගේම සාර්ථක සමාජය තුලින් මේ අයව ප්‍රතික්ෂේප වීමකට ලක්වෙනවා.
මේ වගේ අයට පූර්ණ කාලීනව ධනාත්මක වෙන්න හරිම අමාරුයි. ගොඩක් වෙලාවට සමහරු සාර්තක වෙනකොට මුල අමතක කරන්න හොද නෑ වගේ දේවල් කියලා මේ දේ සාදාරණීය කරනය කරන්න හැදුවත්, ඇත්ත ජීවිතේදී තමන්ට සාර්ථක වෙන්න ඕනේනම් අනවශ්‍ය අය අයින් කරලා , සාර්ථක මිනිස්සු ටිකක් තමන් ගාවට ලගා කරගන්නම වෙනවා.
උපදෙස්: චතුස්ක අමරසේකර (ව්‍යවසායක , දේශක)
සටහන: Team Winner's Lounge
තවත් කාලය නාස්ති නොකර සාර්ථක වෙන හැටි හරියටම ඉගෙන ගන්න
* සාර්ථකත්වය වෙනුවෙන් සිතුවිලි හා ආකල්ප වෙනස් කරන ආකාරය * හිතේ තියෙන බලාපොරොත්තු නිවරැදිව ඉලක්ක බවට පත්කරන ආකාරය * ආර්ථිකය, ආදරය හා පවුල් සබදතා, සෞඛ්‍ය වෙනුවෙන් නිවරැදිව ඉලක්ක පිහිටුවීම * ඉලක්ක වෙනුවෙන් දිගු කාලීන කෙටිකාලීන සැලසුම් සකස් කිරීම * සැලසුම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දින සැලසුම් සැකසීම. * සාර්ථකත්වය වෙනුවෙන් තමා ජීවත් වෙන පරිසරය සකසා ගැනීම
සහ තවත් බොහෝ දේ උදාහරණ හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව ඉගෙන ගන්න. Winners Lounge Goal Setting & Planning Guide Pack එක ඔබත් අදම ඇනවුම් කරන්න
වැඩි විස්තර සදහා පිවිසෙන්න > Goal Setting Guide Pack
Comments