top of page

ජීවිතය දෙස බලන විදිහ වෙනස් කරන්න , සාර්ථක වෙන්න කරන්න ඕනේ දේ ඔබටම වැටහේවි.

Updated: Aug 5, 2019


ඔබ ඔබේ ජීවිතය මෙහෙය වන්නේ සාර්ථකත්වය දෙසටද අසාර්ථකත්වය දෙසටද? ඔබ සාර්ථක වෙන පුද්ගලයෙක්ද නැත්නම් අසාර්ථක වෙන පුද්ගලයෙක්ද? නිකමට ඔබ ගැන ඔබම හිතලා බලන්න. එහෙම හිතා ගන්න බැරිනම් මේ ප්‍රශ්ණ ටික ඔබ ඔබෙන්ම අහලා බලන්න.


*ඔබ අද දවස පටන් ගන්න මොහොතේදී සිටියට වඩා මේ වන විට කොතරම් සාර්ථකත්වයට ලගා වී තිබෙනවාද?

* ඔබ ඊයේ දිනයට වඩා අද කොතරම් ඔබේ සිහින හා ඉලක්ක වලට ලගා වී තිබෙනවාද?

* ඔබ කලින් සතියට වඩා කොතරම් ප්‍රමාණයක් මේ සතිය තුල ඔබේ සිහින හා ඉලක්ක වලට ලගා වී තිබෙන්වාද?

* ඔබ කලින් මාසයට වඩා කොතරම් ප්‍රමාණයක් මේ මාසයේ ඔබේ සිහින ඉලක්ක වලට ලගා වී තිබෙනවාද?

* 20xx ජනවාරි 1 වන දින අවුරුද්ද ලබනකොට " මම මේ වසරේදී ලගා කරගන්නවා" යි හිතපු ඉලක්ක වලට මේ මොහොත වන ටික ඔබ කොතරම් ලගා වී තිබෙනවාද?


හිතට අවංකව ඔබ සමග ඔබම සංවාදයක යෙදෙන්න.


ඔබට " මම සෑහෙන තරමකින්, සැලකිය යුතු මට්ටමකින් මගේ සිහින වලට , මගේ සාර්ථකත්වයට ලගා වී ඇතැයි කියා සතුටු වෙන්න පුලුවන්ද? නැත්නම් ඔබ තවමත් පටන් ගත්ත තැනමද? ඔබේ හීන තවමත් හීන විතරමද?


එය එසේනම් මේ ඔබේ ජීවිතය වෙනස් වෙන මොහොත බව දැනගෙන ලිපිය අවසන් වෙනතෙක් හොද අවදානයකින් යුතුව කියවන්න.


අපි හැමෝටම හීන තියෙනවා, අපි ඒ හීන බලාපොරොත්තු එක්ක ජීවත් වෙනවා , නමුත් ඒ හීන සැබෑ ජීවිතය තුල ලගා කරගන්නේ ඉතාම සුලු පිරිසක් විතරයි. ලෝකය පුරාම සිටින මිනිසුන්ගේ ප්‍රතිෂතයක් විදිහට බැලුවත් , තමන් සිහින දකින ආර්ථික තත්වයවත් ලගා කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ මේ ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ගෙන් 20%කට පමනයි. ආර්ථික, සාමාජීය, සෞඛ්‍ය, පවුල් ජීවිතය, ආද්‍යාත්මික ජීවිතය ආදී සෑම අංශයකින්ම සාර්ථක වූ මිනිසුන් සිටින්නේ, ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ගෙන් 3%කටත් අඩු ප්‍රමාණයක්.


ඇයි එහෙම වෙලා තියෙන්නේ? සාර්ථක වෙන එක මේ තරම් අමාරුද?


ඍණාත්මක සිතුවිලි ආකල්ප වලින් යුතු මිනිසෙක් විදිහට ලෝකය දෙස බැලුවොත්, මෙතරම් ප්‍රමානයකට සාර්ථක වෙන්න බැරි වෙලා තියෙන්නේ අපහසු නිසා තමයි. නමුත් ඔබ සිතනවාද අසාර්ථක මිනිසෙකු ලෙස තම ජීවිත කාලය පුරාම දුක් විදින එකට වඩා සාර්ථකත්වය වෙනුවෙන් කැපවෙන එක, මහන්සි වෙන එක අපහසුයි කියලා.


කවුරුහරි ඔබට දන්නේ නැති පාරකින් කොහේ හරි ගමනාන්තයකට යන්න කීවොත් ඒක කරන එක ටිකක් අමාරුයි, නමුත් ඒ පාරෙම, ඒ පාර ගැන දන්න පුද්ගලයෙකුට ගමන් කරන එක ලේසියි!


පරිගනකයක් ගලවලා නැවත සවිකරන එක පරිගණක ගැන දැනුමක් නැති කෙනෙකුට කරන්න ටිකක් අමාරුයි, නමුත් ඒ පිලිබදව දන්න කෙනෙකුට ඒක සුලු දෙයක්.


ඒ වගේම,


සාර්ථක වෙන එක සාර්ථක වෙන ක්‍රමය දන්නේ නැති කෙනෙක්ට අමාරුයි, නමුත් ඒ ක්‍රමය දන්න කෙනෙක්ට ඒක ඒ තරම් අපහසු දෙයක් නෙමේ. මේ ලෝකයේ බොහෝ දෙනෙක් අසාර්ථකව ජීවත් වෙන්නේ ඇත්තටම සාර්ථක වෙන්න අපහසු නිසා නෙමෙයි, සාර්ථක වෙන ක්‍රමය දන්නේ නැති නිසා.


බොහෝ දෙනෙක් හිතන්නේ තමන් අසාර්ථක වෙන්නේ සාර්ථක වීම වෙනුවෙන් අභිප්‍රේරනයක් නැති නිසා කියලා. නමුත් ඔබ සිතන්න... ඔබ අද දවස පටන් ගත්තාට වඩා ඔබේ සිහින වලට ලගා වෙලා ඇති බව, සෑම දිනකම අවසානයේ ඔබට දැනෙනවානම්, ඔබට අමුතුවෙන් අභිප්‍රේරනයක් අවශ්‍යද? එවන් අවස්ථාවක ඔබට ඉදිරියට නොයා සිටින්නට, ඔබේ ගමන අතර මැද අත්හැර දමන්න සිතෙනවාද?


අපි බොහෝ දෙනෙක් අපේ අසාර්ථකත්වයට හේතු ලෙස හදුනා ගන්නේ බොහෝ විට නිවරැදි හේතු නෙමේ, කුඩා කල සිට අපිට අසාර්ථකත්වයට හේතු ලෙස කියලා දීලා තියෙන්නෙත් නිවරැදි දේවල් නෙමේ.

* ඉගෙන ගත්තේ නැති නිසා අසාර්ථක වෙනවා,

* කවුරුත් උදවු කරන්න නැති නිසා අසාර්තක වෙනවා,

* රජය හරි ආකාරයෙන් කටයුතු නොකරන නිසා අසාර්ථක වෙනවා,

* දුප්පත් නිසා අසාර්ථක වෙනවා.


නිකමට කල්පනා කරලා බලන්න මේ දේවල් ඇත්තටම ඇත්තද? එහෙනම් ලෝකයේ සාර්ථක වූ මිනිස්සුන්ගේ ලයිස්තුවේ කී දෙනෙක් මේ දේවල් තියාගෙන එතැනට ආපු අය ඉන්නවාද කියලා ඔබම කල්පනා කරලා බලන්න. ඉගෙනීමෙන් අසාර්ථක, විභාග අසමත් වූ, අතරමග ඉගෙන ගන්න එක නතර කරපු මිනිස්සු ඇත්තටම කොහොමද එහෙනම් සාර්ථක මිනිසුන්ගේ ලයිස්තුවට ඇතුලත් වුනේ?


හොදින් හිතන්න.... ඇත්තටම අපි හිතාගෙන ඉන්න හේතු නිසාද අපි අසාර්ථක?


ඇත්තම කතාව ඔබ අසාර්ථකනම් ඔබ අසාර්තක ඔබ ඔය හිතන කිසිම හේතුවක් නිසා නෙමෙයි, ඔබ අසාර්ථක ඔබ සාර්ථක වෙන ක්‍රමය දන්නේ නැති නිසා.


මේ ලෝකයේ සාර්ථක වෙන්න ඕනෑ තරම් මාර්ග තියෙනවා, නමුත් ඒ මාර්ග වල යන්න, ඒ මාර්ග හදුනා ගන්න ශක්තියක් ඔබට තියෙන්න ඕනේ, ඒ වගේම ඒ මාර්ග වල ගමන් කරනකොට විවිද අභියෝග අනිවාර්යයෙන්ම ඇති වෙනවා ඒ දේවල් වලට මුහුන දෙන්න අවශ්‍ය ශක්තිය ඔබ සතුව තියෙන්න ඕනේ. ඒ හැකියාවන් ඔබට එක වර ලැබෙන්නේ නෑ. ඒ දේවල් ඔබ පියවරෙන් පියවර ගොඩනගා ගන්න ඕනේ.


ඔබට ගෙයක් හදා ගන්න අවශ්‍යනම් ඔබ මුලින්ම වහලය සකස් කරන්නේ නෑ, ඔබ මුලින්ම පටන් ගන්නේ අත්තිවාරමෙන්, එතැනින් එහාට තමයි බිත්ති බැදලා , වහලය සකස් කරන්නේ. ඒ වගේම සාර්ථකත්වය කරා යන ගමනත් ඔබට හිතෙන හිතෙන විදිහට යන්න බෑ. එය යම්කිසි නිශ්ඡිත ක්‍රමයකට යා යුතුයි. අන්න ඒ නිසා තමයි මම ඔබට මුලින්ම සදහන් කලේ බොහෝ දෙනෙක් සාර්ථක නොවෙන්නේ සාර්ථක වෙන්න අමාරු නිසා නෙමේ ක්‍රමය දන්නේ නැති නිසා කියලා.


ඔබේ හිතේ කුමන ආකාරයක බලාපොරොත්තුවක් තිබුනත් ඔබ ඒ වෙතට ලගා වෙන්නනම් පියවර 4ක් හරහා ඒ වෙතට ලගා විය යුතු වෙනවා.


1. ධනාත්මක ආකල්ප සහිත පුද්ගලයෙක් වීම.


ඔබ දන්නවා ඔබේ සාර්ථකත්වයේ වැඩි කොටසක් තීරණය කරන්නේ ඔබේ මනස, ඔබේ මනසේ ධනාත්මක බව, ඔබේ සිතුවිලි වල ධනාත්මක බව, ඔබේ තීරණ වල ධනාත්මක බව කියන හැම දෙයක්ම තීරණය වන්නේ ඔබ කොයිතරම් දුරකට ධනාත්මක ආකල්ප වලින් යුතුද කියන දේ මත. ඔබ ගැටලු හමුවේ කොයි තරම් ධනාත්මකව , නිවරැදි තීරණ ගනිමින්, ශක්තිමත්ව ඉදිරියට යනවද කියන දේ තීරනය වන්නේ ඔබේ ආකල්ප වල ධනාත්මක බව මත. මේ නිසා ඔබ කුමන ආකාරයක සිහිනයක් කරා ගියත් ඒ වෙනුවෙන් ධනාත්මක ආකල්ප සහිත පුද්ගලයෙකු වෙන්නම ඕනේ පලමුවෙන්.


එහෙම නැති වුනොත් ඔබ අතර මග ගැටලු අභියෝග හමුවේ බිද වැටෙන්න තියෙන හැකියාව ඉතා ඉහලයි.


2. ඉලක්ක සහිත පුද්ගලයකු වීම.


ඔබ කොතරම් ධනාත්මක ආකල්ප සහිත පුද්ගලයෙකු වුවත් ඔබට යම් නිශ්චිත ඉලක්කයක් නැත්නම් ඒ වෙතට නිවරැදිව ඔබ සිතන ආකාරයෙන් ලගා වෙන්නවත් , ඒ වෙනුවෙන් සැලැස්මක් සකස් කරන්නවත් හැකියාවක් නෑ. ඔබට සාර්ථක වෙන්න හැකියාව තියෙන්නේ ඔබ යම්කිසි ඉලක්කයක් ඇතුව ඉදිරියට යනවානම් පමනයි. උදාහරනයක් විදිහට ඔබ ගෙයක් හදනවනම් ඔබ මුලින්ම තීරණය කල යුතුයි ඔබ කී දෙනෙක්ට , කුමන ආකාරයේ පහසුකම් සහිත නිවසක් හදනවාද යන්න. එසේ නැතුව ගෙයක් නිකන්ම ගෙයක් ඕනේ කියන සිතුවිල්ලෙන් සිටියට ඒ වෙනුවෙන් සැලැස්මක් සකස් කරන්නවත් හැකියාවක් නෑ.


ඒ නිසා ඔබේ හිතේ තියෙන හීන නිවරැදිව ඉලක්ක බවට පත්කරගෙන, ඉලක්ක සහිත පුද්ගලයකු වීම ඔබ දෙවනුවට කල යුතුයි. සිහින දකින පුද්ගලයන් සෑම වෙලාවකම සිතන්නේ මම කවදා හරි කොහොම හරි මගේ සිහිනය ලගා කරගන්නවා කියලා. නමුත් ඔබ ඔබේ සිහිනය ඉලක්කයක් බවට නිවරැදිව පරිවර්ථනය කලොත් ඔබට කිසිම විදිහකින් කවදා හරි කොහොම හරි එතැනට යනවා කියන දේ සිතන්න හැකියාවක් නෑ. අනිවාර්යයෙන්ම ඔබට කවදා වන විට කොයි ආකාරයෙන් තම ඉලක්ක වෙත ලගා වෙනවාද යන්න සිතන්න සිදුවෙනවා.


මේ නිසාම නිවරැදිව ඉලක්ක පිහිටුවන ආකාරය ඔබ හරියට ඉගෙන ගත යුතු වෙනවා. එය 100% ඔබේ සිතුවිලි රටාව වෙනස් කරන්න සමත් අභ්‍යාසයක්. ඔබ නිඅරැදිව ඉලක්ක පිහිටුවහොත් ඔබ සිතන ආකාරය ඒ මොහොතේ පටන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.


එය ඔබේ සාර්ථකත්වය ප්‍රායෝගික මට්ටමට ගෙන ඒමේ පලමු පියවර. එතැනින් එහාට සියල්ල කල හැකි වන්නේ ඉලක්ක හරි ආකාරයෙන් පිහිටවූවොත් පමනයි.


3. සැලසුම් සහගත පුද්ගලයකු වීම


ඔබ නිවරැදිව ඉලක්ක පිහිටුවීම කලානම් , ඔබ සැලසුම් සහගත පුද්ගලයකු වීම, ඔබේ ඉලක්කය වෙත යාමට අවශ්‍ය සැලසුම් ඔබේ හිතට එන්න පටන් ගැනීම , අලුත් අදහස් ඇති වීම, මෙතෙක් ඔබ නොදුටු අවස්ථාවන් ඔබට දැනෙන්නට පටන් ගැනීම වගේ බොහෝ දේවල් ඒ හරහා වන චින්තන රටාවේ වෙනසත් සමග ඇති වෙනවා.


නමුත් ඔබේ සිතට එන සියල්ල එක් කර නිවරැදි නිශ්චිත ලිඛිත සැලැස්මක් ඔබට ඔබේ ඉලක්කය වෙත යන්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එහෙම වුනොත් විතරයි මම කලින් ඔබෙන් අහපු ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න ඔබට ඇත්තටම පුලුවන් වෙන්නේ. ඕනෑම දිනයක අවසානයේදී ඔබ අද ඔබේ ඉලක්කයට ලගා වීම වෙනුවෙන් කොයි තරම් දුරක් පැමින තිබිය යුතුද? ඔබ ඇත්තටම කොයි තරම් දුරක් පැමින තිබෙනවාද? ඔබ සැලසුම් කල අයුරින් ඔබ ගමන ඉදිරියට යනවාද යන ආකාරයේ පැහැදිලි අවබෝදයක් ඇතිව ඔබේ ගමන යන්න, ඔබට සැලැස්මක් තියෙනවානම් පුලුවන්.


සැලැස්මක් තියෙන පුද්ගලයෙක් උදෑසන අවදි වන්නේම තමන්ගේ සැලැස්මට අනුව තම ඉලක්ක වෙත යන්න අද දිනය තුල කල යුත්තේ කුමක්ද යන්න ගැන නිවරැදි අදහසක් ඇතිව. ඒ නිසා යම් ආකාරයකින් ඔබ අසාර්ථක වුවත් ඔබ අසාර්ථක වූ බව, මෙන්ම කොතරම් අසාර්ථක වූවාද එයට හේතු මොනවාද, එය නිවරැදි කරගත හැක්කේ කෙසේද යන සියලු දේ ඔබට සැලැස්මක් තියෙනවානම් පැහැදිලිව තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා.


මේ පියවර 3න ඔබට නිවරැදිව සම්පූර්ණ කරගන්න පුලුවන්නම් ඔබ නිසකවම ප්‍රායෝගිකව ඉදිරියට යන පුද්ගලයෙක් මෙන්ම , ඔබ කවදා වන විට සාර්ථක වනවාද යන්න ගැන නිවරැදි අදහසක් ඇතිව ජීවත්වන පුද්ගලයකු බවට පත් වනවා. සෑම දිනයක් තුලම ඔබ බලාපොරොත්තු වන ජීවිතය වෙනුවෙන් කල යුත්තේ කුමක්ද එය කරන ආකාරය කුමක්ද යන්න පිලිබද අවබෝධයක් සහිත පුද්ගලයකු බවට පත් වනවා. ඒමෙන්ම ඔබ යන ගමන පිලිබදව, ඔබ ගමන් කරන්නේ කුමන ඉලක්කයක් වෙතද අද වන විට ඔබ සිටින්නේ කොතැනද යන සියලු දේ ගැන ඔබ සතුව අවබෝධයක් තියෙන නිසා ඔබට ආත්ම විශ්වාසයෙන් යුතුව, අභිප්‍රේරණය වූ ස්ථාවර මනසක් සහිතව ඉදිරියට යාමේ හැකියාව ලැබෙනවා.


4. පරිසරය පාලනය කල හැකි පුද්ගලයකු වීම


ඉහත පියවර 3න් පසුව 4 වන පියවර ලෙස ඔබ ඔබේ පරිසරය ඔබට අවශ්‍ය පරිදි හසුරවා ගැනීමේ හැකියාව ලබා ගත යුතු වෙනවා. ඔබේ සාර්ථකත්වයට අවශ්‍ය පරිදි පරිසරය වෙනස් කරගත නොහැකිනම් , පරිසරයට අනුව ඔබට වෙනස් වන්න සිදුවෙනවා, එසේ නැත්නම් ඔබේ ගමනට ඔබ ජීවත්වන පරිසරයේ සිටින ඔබ ඇසුරු කරන පුද්ගලයන් ඇතුලු අනෙකුත් සාදක බාදකයක් ලෙස සෑම විටම ඔබ ඉදිරියට පැමිනීම සිදුවනවා.


මේ නිසා පරිසරය නිසි ආකාරයෙන් හසුරවා ගැනීම පිලිබදව අවබෝධයක් ලබා ගැනීම ඔබේ ගමන වේගවත් පහසු එකක් වීමට ප්‍රබලවම බලපානවා.


මේ කරුනු ටික ඔබ නිවරැදිව ඔබේ ජීවිතයට බද්ද කරගත්තොත් ඔබට සාර්ථකත්වය පිලිබද තියෙන අවිනිශ්චිත බව නැතිව නිශ්චිත පැහැදිලි ගමනක් යාමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම එතැනින් එහාට ඔබට හිතන්න තියෙන්නේ ඔබ ඔබේ ගමන වේගවත් කරගෙන ඉක්මනින් සාර්ථකත්වය කරා ලගා වෙන්නේ කොහොමද කියන දේ පමණයි.


1. ධනාත්මක ආකල්ප සහිත පුද්ගලයෙක් වීම.

2. ඉලක්ක සහිත පුද්ගලයකු වීම.

3. සැලසුම් සහගත පුද්ගලයකු වීම

4. පරිසරය පාලනය කල හැකි පුද්ගලයකු වීම


කියන කරුණු හතර නිවරැදිව තමන්ගේ ජීවිතයට එකතු කරගන්නා ආකාරය, පියවරෙන් පියවර, උදාහරණ හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව ඉගෙන ගන්න, ඔබේ හීන ඉලක්ක බවට පත් කරමින්, මූළ්‍ය, ආදරය හා පවුල් ජීවිතය, සෞඛ්ය ආදී ඔබේ සිතේ තියෙන ඕනෑම සිහිනයක් ප්‍රායෝගිකව ලගා කරගත හැකි මට්ටමට ඔබේ ජීවිතය පත්කර ගන්න ඔබත් කැමතිනම් , මේ සියලු කරුණු ඇතුලත් " ජීවිතය දිනන ප්‍රායෝගික මග - ප්‍රායෝගික උපදෙස් පොත " ( PDF EBook ) හා ප්‍රායෝගික අභ්‍යාස සදහා වන වැඩපත්‍රිකා දැන්ම ඔබත් Download කරගන්න.


1,263 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page