කොරෝනා වෛරසය ගැන මේ වෙන කොට අපි හැමෝම දන්නවා. ඒ වගේම මේ වෛරසය ඇතිවීම ගැනත් මේ වෙන කොට විවිධ මතවාද ලෝකය තුල ගොඩනැගෙන්නට පටන් ගෙන අවසන්. මේ ලිපියෙන් අපි ඔබට ඉදිරිපත් කරන්න යන්නෙත්, ඒ වගේම සුවිශේෂී මතවාදයක් ගැන.
මෙය මතවාදයක් හා අනුමාන කිරීමක් පමණයි. එබැවින් මෙය හරහා මෙහි සත්‍ය අසත්‍යතාව ගැන තීරණය කරන්නට අපි ඔබව මෙහෙය වන්නේ නෑ. නමුත් මෙය ඔබෙත් මගෙත්, මුළු මහත් ලෝකයේත් අනාගතය සම්බන්ධයෙන් නිසා මේ සම්බන්ධයෙන් අවම දැනුවත් බවක් වත් තිබිය යුතුයයි අප විශ්වාස කරන නිසා මෙම ලිපිය ඔබට ඉදිරිපත් කල යුතුයයි අප තීරණය කලා.
දේශපාලනික රාමුවෙන් පිටතට ගොස් , සමස්ත ලෝකයේ ම පාලනය යම් පිරිසක් තුල රඳවා ගනිමින්, ලෝකයේ සියලු දේ පාලනය කිරීමේ සංකල්පයක්, ඒ වෙනුවෙන් උත්සාහ දැරීම පිලිබද ඉඟි පිලිබද ලෝකයේ සාකච්ඡාවට බඳුන් වෙන්නේ අද ඊයේ නෙමේ. සියලු ම රජයන්ට, සියලු ම ආයතනයන්ට ඍජුව හා වක්‍රව බලපෑම් කරමින්, තමන්ගේ සැලසුම් අනුව ලෝකය මෙහෙය වීමේ රහස් සංවිධානයන් වැනි දේ පිලිබද ඇතැම් විට ඔබ දැනටමත් අහලා ඇති..
කොහොම වුනත් මේ පිලිබද නවතම මතවාදයක් මේ වෙනකොට ලෝකයේ සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.. ඒක තමයි ID2020 කියන්නේ.
ID2020 පිලිබද ක්‍රියාවලිය අද ඊයේ ඇරඹුණු එකක් නෙමේ. මේ පිලිබද ක්‍රියාවලිය වසර ගනනක් එහාට යනවා. නමුත් එය ඒ තරම් ලෝකයේ අවධානයට ලක් වෙමින් ක්‍රියාත්මක වුනේ නෑ. නමුත් මේ කොරෝනා වෛරස ගැටලුවත් සමග අද වන විට ID2020 , ලෝකයේ ඇතැම් පිරිස් අතර දැඩි අවධානයකට ලක් වුන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා.
ID2020 කියන්නේ සරලවම කීවොත් ඩිජිටල් අනන්‍යතා ක්‍රියාවලියක්. මෙහිදී සිදුවන්නේ කුඩා microchips එකක් ඔබේ ශරීරයට ඇතුල් කර ඒ හරහා ඔබගේ දත්ත පවත්වාගෙන යාමේ ක්‍රියාවලියක්. එය ඇත්තටම ඔබ චිත්‍රපට වල දකින තත්වයකට සමාන තත්වයක්.
මෙම ID2020 ව්‍යාපෘතිය මූලික වශයෙන් මෙහෙයවීම සිදුවන්නේ, ලෝකයේ ධනවත් ම පුද්ගලයා ව සිටි බිල් ගේට්ස් ගේ මයිරෝසොෆ්ට් ආයතනය විසින්. මීට අමතරව මේ වෙනුවෙන් මූල්‍යමය දායකත්වය ලබා දෙන්නේ, ලෝකයේ බොහෝමයක් ක්ෂේත්රයන් තුල තම අණසක පතුරවා ගෙන සිටින රොකෆෙලර් පවුලට අයත් රොකෆෙලර් පදනම විසින්. ( රොකෆෙලර් යනු එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවූ ධනවත්ම ව්‍යාපාරිකයායි ) ඒ වගේම මෙම ව්‍යාපෘතිය තුල ලෝකයේ දුප්පත් රටවල ප්රතිශතීයකරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ගාවී එන්නත් සන්ධානයත් තම දායකත්වය දක්වනවා.
ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් වලට අනුව ID2020 හරහා ලෝකයේ සෑම මිනිසෙක්ටම තම මූලික අයිතිවාසිකම් සපුරා ගනිමින් ජීවත් වීමේ අවස්ථාව සැලසෙනවා, ඒ වගේම අවශ්‍ය පුද්ගලයාට අවශ්‍ය උදව් ලබා දෙමින් ලෝකය තුල උපරිම දියුණු මට්ටමක් වෙත ලගා වීමේ අවකාශ ලැබෙනවා. බොහෝ විට වෛද්‍ය ප්‍රතිකාර, ආධාර වැනි දේ අවශ්‍ය පුද්ගලයා වෙතට ම ලැබෙනවා ද යන්න තහවුරු කර ගනිමින්, වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් අදාළ ක්‍රියාවලින් මෙහෙයවීමේ හැකියාව මේ හරහා රජයන් ඇතුළු අනෙකුත් ආයතනයන්ට ලැබෙනවා.
නමුත් මේ පිලිබද විරුද්ධ මත දරන පිරිසේ අදහස වන්නේ මෙය හුදෙක් ලෝකයේ පාලන බලය හිමි 1% පමණ වූ අති සාර්ථක මිනිසුන් කණ්ඩායම විසින් ලෝකයේ ජීවත් වන සෑම මිනිසෙකුගේ ම පාලන බලය තම අතට ගැනීමට තැත් කිරීමක් ලෙසටයි.
මෙය නිසි ආකාරයෙන් ව්‍යාප්ත වුනොත් ඒ හරහා දැනට පවතින මුදල් වෙනුවට ලෝකය පුරාම භාවිතා වන පොදු විද්‍යුත් මුදල් ඒකකයක් හරහා ගනුදෙනු වීම වැනි තත්වයන් නිර්මාණය කිරීම හරහා මෙය නොමැතිව කිසිදු මිනිසෙක්ට ලෝකයේ ජීවත් වීමට අපහසු තත්වයක් ඇති කිරීම හරහා ඔබ කැමති වුනත් නැති වුනත් මෙය ඔබේ ශරීරයට ඇතුලත් කර ගැනීමට සිදුවන තැනට ඔබව මෙහෙයවීමේ හැකියාවක් ඔවුන්ට හැකි බව ඔවුන්ගේ මතයයි.
එමෙන්ම එයත් සමග පුද්ගලිකව ඕනෑම මිනිසෙක් මෙහෙයවීමේ හැකියාව මෙහි මෙහෙයවන්ට ලැබෙන අතර ඇතැම් විට මේ ලෝකයේ සිටිය යුත්තේ කවුද, නො සිටිය යුත්තේ කවුද යන්න පවා ඔවුන්ගේ තීරණයන් මත සිදුවිය හැකි බවට පවා මත පල වීම මේ වන විට සිදු වනවා.
කෙසේ වෙතත් ඕනෑම දෙයක යහපත් හා අයහපත් තත්වයන් ඇති බැවින්, මෙය තුලත් යහපත් තත්වයන් රාශියක් මෙන්ම අයහපත් තත්වයන් ඇති වීමේ අවදානම් රාශියක් තිබෙනවා. කෙසේ වෙතත් මෙය ඉදිරිපත් කිරීමේදී නියත වශයෙන්ම මෙම අවදානම් පිලිබද ගැටලුව ඇතිවන නිසා, කොරෝනා වෛරසය හරහා මෙම microchips විශාල පිරිසකට එන්නත් කිරීමට අවස්ථාව සලසා ගැනීමේ වෑයමක් තිබිය හැකි බවටත් ඇතමුන් මත ඵල කරනවා. විශේෂයෙන් බිල් ගේට්ස් පවා මෙවැනි වසංගතයන් ඇති විය හැකි බවට අනාවැකි පවසමින් ක්‍රියාත්මක වීම, මෙම ක්‍රියාවලියේ මූලික පියවරයන් විය හැකි බවට ඇතමුන් විශ්වාස කරනවා. මේ නිසා මෙය ක්‍රියාත්මක වීමට පෙර නවතා ගත යුතුය යන මතයත් කරලියට පැමින තිබෙනවා.
කෙසේ වෙතත් වන විටත් තායිලන්තයේ අවතැන් කඳවුරු වල ජීවත් වන 35000ක පිරිසකුත්, ඉන්දුනීසියාවේ දුප්පත් පවුල් 6000ක ජීවත් වන පිරිසකුත් අරබයා මෙම ව්‍යාපෘතිය අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්. ඒ හරහා ඔවුන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් (සෞඛ්‍ය අධ්‍යාපනය වැනි) නිසි අයුරින් සම්පූර්ණ කර ගැනීමේ අවස්ථාව ලබා දීමත්, සහනාධාර වැනි දේ නිසි අයුරින් ලැබීම තහවුරු කර ගැනීමත් ඔවුන් මේ හරහා අපේක්ෂා කරන බව ID2020 සන්ධානය පවසනවා.
________
කොරෝනා ජය ගන්න රටක් ලෙස ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ක්‍රියාවලිය ඉතා ප්‍රසංසනීයයි. කරුණාකර ඔබේ වගකීම ඉටුකරන්න. වගකීමෙන් කටයුතු කර ආසාදතියෙන් වීමෙන් වලකින්න. රටක් ලෙස මෙම උවදුර පරාජය කර නැවත නැගී සිටීමට ඔබේ සහය ලබා දෙන්න. මේ මොහොත තුල වගකීමෙන් කටයුතු කරන්න.
Comments