පොහොසතෙක් වෙන්න ඕනේනම් මුලින්ම පොහොසතෙක් වගේ හිතන්න පුරුදු වෙන්න කියන කතාව අපි සෑහෙන කාලයක ඉදලා අහන කතාවක්. නමුත් අපි ඇත්තටම මේ කතාවේ හරිම තේරුම තේරුම් අරගෙන තියෙනවද කියන එක අපි ආයෙත් හිතලා බලන්න ඕනේ දෙයක්. අන්න ඒ නිසා අද ලිපියෙන් අපි ඔබට කියලා දෙන්නේ පොහොසතෙක් වගේ හිතන විදිහ ගැන.
සාමාන්‍යයෙන් සෑම දෙයකටම වගේ පොහොසත් බව කියනදේටත් මූලිඛවම බලපාන ප්‍රධානම සාදකය තමයි " සිත " කියන්නේ. අන්න ඒ නිසා තමයි පොහොසතෙක් වෙන්න ඕනේනම් , මුලින්ම පොහොසතෙක් වගේ හිතන්න පුරුදු වෙන්න කියලා කියන්නේ.
නමුත් නිකමට හිතලා බලන්න , ඔබ මේ කාරණය දැනගෙන හිටියට, ඇත්තටම ඔබ පොහොසතෙක් වගේ හිතන්න දන්නවද? පොහොසතෙක් හිතන විදිහ අපි හිතන විදිහට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන අදහසක් තියෙනවද?
ඔබ කවදා හරි අහලා තියෙනවද, පොහොසතෙක් හිතන විදිහ, සාමාන්‍ය මිනිසෙක් හිතන විදිහට වඩා පරස්පර විරෝදී බව?
මම ඔබට පුංචි උදාහරණ ටිකක් දෙන්නම් මේ ගැන.
සාමාන්‍ය මිනිසෙක් හිතන්නේ ස්ථීර ආදායම් මාර්ග කියන්නේ , තමන්ගේ සාර්ථකත්වය ගොඩනගන්න උදව් වන දෙයක් ලෙසට, නමුත් පොහොසතුන් හිතන්නේ එය සාර්ථකත්වයට බාධාවක් විදිහට
සාමාන්‍ය මිනිසුන් හිතන්නේ මුදල් ඉතිරි කිරීම කියන්නේ කල යුතු දෙයක් ලෙසට, නමුත් පොහොසතුන් හිතන්නේ මුදල් ඉතිරි කිරීම කියන්නේ නොකල යුතු මෝඩ වැඩක් විදිහට
සාමාන්‍ය මිනිසුන් හිතන්නේ , තමන්ටම කියලා ගෙයක් දොරක්, වාහනයක් ගන්න එක හොද දෙයක් ලෙසට, ඒත් පොහොසතුන් හිතන්නේ එය නොකල යුතු මෝඩ වැඩක් විදිහට
සාමාන්‍ය මිනිසුන් හිතන්නේ මුදල් තමන් ලග ඉතිරි වීම හොද දෙයක් ලෙසට, පොහොසතුන් හිතන්නේ ඉතිරි නොවෙන එක හොද දෙයක් ලෙසට.
සාමාන්‍ය මිනිසුන් හිතන්නේ රැකියාවක් කියන්නේ මුදල් උපයන්න තියෙන සුරක්ෂිතම මාර්ගය විදිහට, ඔවුන් හිතන්නේ ව්‍යාපාර , ආයෝජන කියන්නේ ආවදානම් සහිත මාර්ග කියලා. නමුත් පොහොසතුන් හිතන්නේ රැකියාව කියන්නේ මිනිසෙක්ට මුදල් උපයන්න තියෙන අවදානම්ම මාර්ගය කියලා.
සාමාන්‍ය මිනිස්සු හිතන්නේ තමන් පොහොසත් වෙන්නේ, ආදායම් මට්ටම අනුව කියලා, පොහොසතුන් හිතන්නේ තමන් පොහොසත් වෙන්නේ වියදම් කරන ආකාරය අනුව කියලා.
ටිකක් අපබ්‍රන්සයි නේද?
හැබැයි ඒක තමයි ඇත්ත. අපි හිතමු ඔබ හෙට මේ ලෝකයේ ඉන්න, හොදම මූල්‍ය උපදේශකවරයා හොයාගෙන ගිහින් ලක්ෂ ගානක් වියදම් කරලා, පොහොසත් වෙන හැටි ඉගෙන ගන්න යනවා කියලා... ඔහු ඔබට එතැනදී අනිවාර්යයෙන්ම කියන්නේ ස්තීර ආදායම් සහිත රැකියාවෙන් ඉවත් වෙන්න, මුදල් ඉතිරි කරන්න එපා, තමන්ට කියලා ගෙවල් දොරවල්, යාන වාහන ගන්න එපා, සල්ලි ලග තියා ගන්න එක අඩු කරලා වැය කරන එක වැඩි කරන්න වගේ දේවල් ටිකක්. එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සු හිතන විදිහට පරස්පර විරෝදී, අපි කරන්න හොද නෑ කියලා හිතන දේවල් ටිකක්.
පුදුමයි නේද? හැබැයි ඇත්තටම ඕක තමයි පොහොසතුන්ගේ සිතීමේ ක්‍රමය. පොහොසත් වෙන්න ඕනේනම්, පොහොසතෙක් වගේ හිතන්න පුරුදු වෙන්න කියන එකේ තියෙන හරිම තේරුම තමයි, මෙන්න මේ වගේ හිතන්න මනස හදා ගන්න කියන එක....
එහෙම නැත්නම්, මුදල් ඉතිරි කරන එක මෝඩ වැඩක් වෙන්නේ කොහොමද, මුදල් ඉතිරි වෙනවට වඩා වියදම් වෙන එක හොද වෙන්නේ කොහොමද, ගෙවල් දොරවල් , යාන වාහන තියෙනවාට වඩා නැති වෙන එක හොද වෙන්නේ කොහොමද, ස්තීර ආදායම් මාර්ග නැති එක පොහොසත් වෙන්න උදව් වෙන්නේ කොහොමද වගේ දේවල් හරියට විද්‍යාත්මකව තේරුම් ගන්න කියන එක.....
මොකද ඒ දේවල් ඔබට තේරෙන්නේ නැත්නම් ඔබට කවදාවත් පොහොසතෙක් වගේ හිතන්න අමාරුයි... (ඇත්තටම අමාරුයි නෙමේ.. ඔබට එහෙම හිතන්න බෑ..)
ප්‍රායෝගික මූල්‍ය අද්‍යාපණය තුලදී මෙන්න මේ දේවල් ටික තේරෙන කෙන්ට අපි කියනවා, මූල්‍යමය සාක්ෂරතාවයක් තියෙන කෙනෙක් කියලා. හැබැයි සාමාන්‍යයෙන් ලෝකයේ මේ මූල්‍යමය සාක්ෂරතාවය තියෙන මිනිස්සු ඉන්නේ 20%ක් වගේ ප්‍රමාණයක්. අන්න ඒ නිසා තමයි , ලෝකයේ සංසරණය වන මුදල් වලින් 80%ක්ම මේ 20%ක මිනිස්සු ප්‍රමානය පාලනය කරන්නේ.
මෙන්න මේ විදිහට මූල්‍යමය සාක්ෂරතාවය ගොඩනගා ගන්න ඔබටත් අවශ්‍යනම්, පොහොසතෙක් වගේ හිතන්න ඉගෙන ගන්න අවශ්‍යනම් ඔබටත් පුලුවන් , ඒ වෙනුවෙන්ම අප නිකුත් කර ඇති , " පොහොසත් බවේ රන් දොරටු " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා පහත සබැදිය හරහා PDF eBook එකක් ලෙස Downlaod කරගෙන පරිහරණය කරන්න.
Komentáre