top of page

ඕනෑම දෙයක් ජයගන්න තියෙන පියවර 3නේ ක්‍රමය. - සාර්ථකත්වයේ ප්‍රායෝගික රහස් 2

Updated: Mar 29, 2019


මේ ලෝකයේ ඕනෑම කෙනෙක්ට තමන් හිතන ඕනෑම ඉලක්කයක් වෙත ලගා වෙන්න , අනිවාර්‍යයෙන්ම අනුගමනය කල යුතු පියවර 3ක් තියෙනවා. මේ පියවර 3න් එකක් හෝ මේ ලෝකයේ ඉන්න කවුරු හරි කෙනෙක් පාවිච්චි කරන්නේ නැත්නම් , ඔහුට හෝ ඇයට තමන් හිතන ඉලක්කයට ලගා වීම නීරස අමාරු දෙයක් වීම හෝ ලගා කරගන්න බැරි දෙයක් බවට පත්වීම අනිවාර්‍යයෙන්ම සිදුවෙනවා.


ඇත්තටම ඔබ සාර්ථක වෙනවද නැද්ද යන්න තීරණය වෙන්නේ මේ පියවර තුන ඔබ කොතරම් සාර්ථකව තියනවාද යන කරුන මත පමණයි කීවොත් එහි වරදක් නෑ. ඒ වගේම ලෝකයේ සාර්ථක වූ ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් ඕනෑම සංවිදානයක පවතින්නේ මේ පියවර 3න හරහා ගමන් කල ගමනක්.


මේ පියවර තුන වෙන්නේ,

1. අරමුණක් සහිත පරිසරයක් නිර්මාණය කර ගැනීම

2. සැලසුම් සහගත පරිසරයක් නිර්මාණය කර ගැනීම

3 ධනාත්මක, මානසික වශයෙන් ශක්තිමත් පරිසරයක් නිර්මාණය කරගැනීම


අරමුණක් සහිත පරිසරයක් නිර්මාණය කර ගැනීම


ලෝකයේ සාර්ථක වූ ඕනෑම කෙනෙක් දිහා බලන්න, ඒ හැම කෙනෙක් තුලම තමන්ට ලගා වෙන්න අවශ්‍ය ඉලක්කය පිලිබද පැහැදිලි නිශ්චිත අදහසක් තිබෙනවා. ඒ අදහස කාලයෙන් කාලයට වෙනස් වෙන , අපහැදිලි දෙයක් නෙමේ. හොදින් සාර්ථක වෙන සමාගමක් දෙස බලන්න , ඔවුන් සෑම වසරකම තමන් ලබා ගන්න බලාපොරොත්තුවෙන ලාභය ගැන නිශ්චිත ඉලක්කයක් පිහිටුවනවා. ඔවුන් ඒ වසර තුල කරන හැම දේම කරන්නේ ඒ ඉලක්කය හිතේ තියාගෙන. නමුත් අසාර්ථක පුද්ගලයන්ගේ මේ තත්වය නෑ. අද හිතනවා සාර්ථක වෙන්න ඕනේ කියලා නමුත් හෙට ඒ දේ මතක නෑ. උදාහරණයක් ලෙස ඔබ ඔබ ගැනම හිතන්න, ඔබ ජනවාරි 1වනදා ඔබේ ජීවිතය සම්බන්දයෙන් ලගා කරගන්න සිතූ අරමුණු ගැන සිතන්න. ඒ අරමුණු වෙත ලගා වෙන්න ජනවාරි 1 තිබුන වුවමනාව අද වෙන විට ඔබේ සිතේ ඒ ආකාරයෙන්ම තියෙනවාද? ඔබට ඒ ජවය ඒ ආකාරයෙන්ම දැනෙනවාද?


ඔබට ඇත්තටම සාර්ථක වෙන්න ඕනේනම් ඔබේ ඉලක්ක වෙත ලගා වෙන්න තියෙන උවමනාව, ජලයේ ගිලුනු මිනිසෙක්ට හුස්ම ගන්න උවමනා වෙන තරමටම ඔබට දැනෙන්න ඕනේ. සියලු දේටම වඩා වැඩියෙන් ඔබේ මනස සැම වෙලාවෙම ඔබේ අරමුණ වෙනුවෙන් අරමුණු ගත වෙලා තියෙන්න ඕනේ. ඒ දේ ඔබ ගාව නැත්නම් ඔබට ප්‍රායෝගිකව සාර්ථක වීම කියන දේ තවමත් තියෙන්නේ ලගා කරගන්න බැරි තරම් දුරකින්.


දැන් ඔබට හිතෙයි ඒ විදිහට මනස එකම ඉලක්කයක තියාගෙන වැඩ කරන එක අමාරු වැඩක් කියලා, නෑ ඇත්තටම ඒ දේ අමාරු වෙන්නේ, ඔබ තමන්ගේ අරමුණ ඇතිකර ගැනීම නිවරැදි මනෝවිද්‍යාත්මක ක්‍රමයකට සිදු නොකල නිසා, යම් අරමුණක් ඇතිකරගත්තාම ඒ වෙනුවෙන් නිරායාසයෙන්ම ඇති වෙන පූර්ණකාලින අරමුණු ගත බවක් ඇතිකරගත හැකි ක්‍රම ඕනෑ තරම් තියෙනවා. ඔබ ඒ ක්‍රම භාවිතා කරනවානම් ඔබට මේ විදිහට අරමුණක් සහිතව ජීවත් වීම අපහසු වෙන්නේ නෑ. ඔබට එකම අරමුණක් ඇතිව වසර ගනනක් වුනත් එකම ආකාරයේ ජවයකින් යුතුව ක්‍රියාත්මක වෙන්න මේ හරහා පුලුවන්.


සැලසුම් සහගත පරිසරයක් නිර්මාණය කර ගැනීම


අරමුණු ගතවූ ඕනෑම කෙනෙක්ට මීලගට අවශ්‍ය වෙන දේ තමයි ඒ අරමුණ වෙත ලගා වෙන්න අවශ්‍ය සැලැස්මක්. සාමාන්‍යයෙන් ඔබ නිවරැදිව අරමුණක් පිහිටුවා ගෙන ඇත්ද යන්න ඔබටම තහවුරු කරගන්න පුලුවන් ක්‍රමය තමයි, ඔබ අරමුණ පිහිටවූ මොහොතේ පටන් "මම කොහොම හරි , කවදා හරි මේ ඉලක්කය වෙතට ලගා වෙනවා" කියලා හිතන්න බැරි වෙනවා . හැම වෙලාවෙම කවදා හරි කොහොම හරි වෙනුවට නිශ්චිතවම කවදා වෙන විට කුමන කුමන දේවල් කරමින් තම ඉලක්කයට ලගා විය යුතුද යන්න සිතන්න ඔබේ සිත ඉබේම ඔබව පොලබවනවා. මේ නිසා නිවරැදිව ඉලක්කයක් පිහිටවූ කෙනෙක්ට නිරායාසයෙන්ම සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. එය අනිවාර්‍යයෙන්ම සිදු වෙන්නක්. එහෙම වෙන්නේ නැත්නම් එහි අදහස වෙන්නෙ නිවරැදිව ඉලක්කය පිහිටුවාගැනීම කරලා නෑ කියන එක.


ඒ වගේම සැලැස්මක් හදනකොටත් ඒ වැඩෙත් හරියට කරන්න අපි වගබලා ගන්න ඕනේ. සැලැස්මක් හදන එකේ මූලික අරමුණ තමයි තමන්ගේ ඉලක්කය වෙත ගමන් කරන ප්‍රායෝගික ගමන පහසු කර ගැනීම. ඒ නිසා ඔබේ සැලැස්ම තුලින් ඒ අරමුණ අනිවාර්‍යයෙන්ම ඉටු වෙන්න ඕනේ, සැලැස්ම දිහා බැලුවම ඔබට ක්‍රයාත්මක වෙන්න අභිප්‍රේරණයක් ලැබෙන්න ඕනේ. මේ දේ කරන්න පුලුවන් කියන විශ්වාසය 100% ඔබ තුල ඇති වෙන්න ඕනේ. ඔබ ඉදිරියට යනවද , ඔබේ දුවලතා මොනවද යන්න ඒ ඒ මොහොතේ මනින්න පුලුවන් වෙන්න ඕනේ. මෙන්න මේ දේවල් නැත්නම් , ඔබේ සැලැස්ම දැක්කාම ඔබට එය ක්‍රියාත්මක කරන්න හිතෙන්නේ නැත්නම් එය කිසි ලෙසකින්වත් නියම ආකාරයෙන් සැකසූ සැලැස්මක් බවට පත් වෙන්නේ නෑ.


මේ ආකාරයෙන් නිවරැදිව ඉලක්ක පිහිටුවීමේ සිට සැලසුම් සකස් කරමින් එය ක්‍රියාත්මක කිරීම දක්වාම සම්පූර්ණ ප්‍රායෝගික උපදෙස් ඇතුලත් " ජීවිතය දිනන ප්‍රායෝගික මග" ප්‍රායෝගික උපදෙස් පොත පරිහරණය කලොත් ඔබට ඉහත පියවර දෙක සම්පූර්ණ කරන හැටි ගැන සම්පූර්ණ අවබෝධයක් ලබන්න ගැකියාව තිබෙනවා. එය තුල පිටු 115ක් පුරාවට පියවරෙන් පියවර මේ පිලිබදව උදාහරණ සහිතව අපි දක්වා තිබෙනවා.


ජීවිතය දිනන ප්‍රායෝගික මග - ප්‍රායෝගික උපදෙස් පොත PDF eBook එකක් ආකාරයෙන් Download කරගැනීමට මෙතැන click කරන්න.

ධනාත්මක, මානසික වශයෙන් ශක්තිමත් පරිසරයක් නිර්මාණය කරගැනීම


මීලගට ඔබ කොතරම් අරමුණුගත වුනත්, කොතරම් සැලසුම් සහගත වුනත් වැඩක් නෑ ඔබට ඒ දේවල් ක්‍රියාත්මක කරගෙන යාමේදී ඇතිවෙන බාදාවන්ට සාර්ථකව, ධනාත්මකව මුහුණ දෙන්න බැරිනම්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ පූර්ණ කාලීනව ධනාත්මක පුද්ගලයෙක් වීම ප්‍රායෝගිකව සාර්ථක වෙන්න අත්‍යවශ්‍යයි.


පූර්ණ කාලීනව ධනාත්මක පුද්ගලයෙක් කියන්නේ එක වෙලාවක , ධනාත්මක වෙලා සමහර වෙලාවට ඍනාත්මක වෙන තත්වයන්ගෙන් මිදිලා ස්වභාවයෙන්ම ධනාත්මකව සිතන, ඕනෑම දෙයක් දිහා ධනාත්මකව බලන පුද්ගලයෙක්. එහෙම වන්නනම් ඔබ ඔබේ යටි සිත සමග කරන ගනිදෙනුව ඉතා හොදින් කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ. මොකද ඔබේ යටි සිත තමයි සැබෑ ලෙසින්ම ඔබ ධනාත්මක කරනවාද , ඍණාත්මක කරනවාද යන්න තීරණය කරන්නේ. ඔබට මෙන්න මේ දේත් හරියට කරගන්න පුලුවන්නම් ඔබට ඉතා ලේසියෙන්ම ඔබේ ඉලක්ක වෙත හිතන ආකාරයෙන්ම ලගා වෙන්න පුලුවන්,


මනස ධනාත්මක කරගන්නවා වගේම, යටි සිතේ ශක්තිය වැඩිදියුනු කිරීම මගින් ඔබේ සාර්ථකත්වයේ ගමන ඉතා පහසු එකක් කරගන්න ආකාරය ගැන ප්‍රායෝගිකව ඉගෙන ගන්න, ඔබට අසිරිමත් යටි සිත - විශ්මිත සාර්ථකත්වයක රහස ප්‍රායෝගික උපදෙස් පොත අද්‍යනය කලොත් හැකියාව තිබෙනවා.


සිරිමත් යටි සිත - විශ්මිත සාර්ථකත්වයක රහස ප්‍රායෝගික උපදෙස් පොත PDF eBook එකක් ආකාරයෙන් Download කරගැනීමට මෙතැන click කරන්න.


මෙම පොත් දෙකම සැබෑ ජීවිතය තුල ප්‍රායෝගික සාර්ථකත්වයක් ලගා කරගැනීම අරමුණු කරගෙන නිර්මාණය කර ඇති පොත් දෙකක් බැවින්, මෙය Download කිරීමේදී ඔබට ලැබෙන යොමු අංකය සමග අපට ඊමේල් පණිවිඩයක් එවීමෙන් මෙහි ඇතුලත් ප්‍රායෝගික ශිල්ප ක්‍රම පරිහරණයේදී ඔබට ඇතිවෙන ප්‍රායෝගික ගැටලු සම්බන්දයෙන් නොමිලේ උපදෙස් ලබා ගැනීමේ හැකියාවක් ඇත.


" ඔබ සාර්ථකත්වය සම්බන්දයෙන් කොතරම් දේ ඉගෙන ගත්තත්, එයින් ඔබ ප්‍රායෝගික ප්‍රතිඵ්ලයක් ලබන තෙක් ඒ කිසිවකින් ප්‍රයෝජනයක් ඔබට නැත "
3,043 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page