අපි ජීවිතේ බොහෝ වෙලාවට අසාර්ථක කරගන්නේ අපිට සාර්ථක වෙන්න බැරි නිසා හෝ අපහසු නිසා නෙමෙයි, අපි බලාපොරොත්තු වෙන සාර්ථකත්වය ලගා කරගන්න නිශ්චිතවම මොනවද කරන්න ඕනේ කියලා තේරුම් අරගෙන ඒ දේවල් හරියට නොකරන නිසයි.
මේ නිසා අපි මේ ලිපියෙන් ඔබට කියලා දෙන්නේ, හරියටම ඔබ ඔබේ සිතේ තියෙන බලාපොරොත්තුව ලගා කරගැනීම වෙනුවෙන් නිශ්චිතවම ක්‍රියා කල යුතු වන්නේ කොහොමද කියන කාරනය ගැන.
හොදයි මුලින්ම, මේ වෙනකොට ඔබ කවුද, මොනවද කරන්නේ, ඔබට ඉස්සරහට යන්න බැරි වෙන්න තියෙන හේතු මොනවද ආකාරයේ හැම දෙයක්ම අමතක කරලා ඔබට ලගා කරගන්න අවශ්‍ය දේ ගැන විතරක් මතක් කරගන්න, ඒ දේ හිතේ තියාගෙන මේ ලිපිය කියවන්න.
මේ වෙලාවේ ඔබ හිතපු බලාපොරොත්තුව මොකක්ද කියන දේ මම හරියටම දන්නේ නෑ, ඇතැම් විට එය ආර්ථිකමය වශයෙන් සාර්ථක වීම පිනිස වන දෙයක් වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් පවුල් ජීවිතය අතින් හෝ සෞඛ්ය අතින් යම් සාර්ථකත්වයකට ලගා වීමක් වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් ඔබ තවමත් ඉගෙනීම් කටයුතු වල යෙදෙනවානම් ඔබේ අරමුණ අද්‍යාපණික අතින් සාර්ථක වීම වෙන්න පුලුවන්.
කෙසේ හෝ මේ කුමන ආකාරයක බලාපොරොත්තුවක් ඔබ සතුව තිබුනත්, ඔබට තවමත් ඒ බලාපොරොත්තුව සාර්ථක කරගන්න බැරි වුනානම් එය බලපාන හේතු 2ක් තියෙනවා. ඒ තමයි,
1. ඔබ දන්නේ නෑ ඔබ තවමත් ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් නිශ්චිතවම කල යුත්තේ කුමක්ද යන වග.
2. ඔබ කල යුත්තේ කුමක්ද යන්න දැන සිටියත් ඔබට ඒ දේ හරි ආකාරයෙන් කරගන්න හැකියාවක් නෑ.
උදාහර්නයක් විදිහට අපි හිතමු ඔබේ හිතේ තියන බලාපොරොත්තුව ආර්ථික වශයෙන් සාර්ථක වීම කියලා, එහෙමනම් ඔබට තවමත් ඒ දේට ලගා වෙන්න බැරි වුනානම් එයට හේතු වෙලා තියෙන්නේ එක්කෝ පළමු කරුණ අනුව ඔබ නිශ්චිතවම් ආර්ථික දියුනුව ලගා කරගන්න මොනවද කරන්න ඕනේ කියන දේ නොදන්න කම. ඒ කියන්නේ ඔබ උපරිම ධනාත්මක මනසකින් සිටියත් හැමදාම ඔබ හිතන්නේ මම කොහොම හරි, කවදා හරි සාර්ථක වෙනවා කියන සිතුවිල්ල මිසක් හරියටම කොහොම , කවදා වන විට සාර්ථක වෙනවද කියන දේ නෙමෙයි.
අපි හරියටම අපේ අරමුණ වෙත යන්න මොනවද කරන්න ඕනේ කියන දේ තේරුම් ගන්න බැරි වෙන්න තියෙන්නේ එක ප්‍රධාන හේතුවක් විතරයි. ඒ තමයි අපේ මනසේ තිබෙන අරමුණු ගත බවේ තිබෙන දුර්වලතාවය. අපි බලාපොරොත්තු ගැන හිතුවට, නිශ්චිත අරමුණක් ගැන නොසිතීම.
මේ දේ තේරුම් ගන්න මම ඔබට තවත් එක් සරල උදාහරනයක් කියන්නම්, ඔබ සිතන්න ඔබට ඇමරිකාවට යන්න කැමැත්තක් තියෙනවා කියලා, එහෙම කැමැත්තක් ආශාවක් ඇති වුනාම ඔබ යම්තාක් දුරකට ධනාත්මක පුද්ගලයෙක්නම් ඔබේ මනසට එන පළමුවෙනි සිතුවිල්ල තමයි, මම කොහොම හරි , කවදා හරි ඇමරිකාවට යනවා කියන සිතුවිල්ල.
නමුත් අපි මේ හිතේ තියෙන ආශාව , පොඩ්ඩක් වෙනස් කරලා 20xx වසරේ දෙසැම්බර් නිවාඩුවට ඇමරිකාවේ සංචාරයකට යනවා කියලා හිතුවොත් ඔබට කලින් වගේ කවදා හරි කොහොම හරි යනවා කියලා හිතන්න බැරි වෙනවා, මොකද මේ සිතුවිල්ල කලින් සිතුවිල්ලට වඩා අරමුණු ගත බවින් වැඩියි. මෙතැනදී ඔබට හිතන්න වෙන්නේ මේ දවස වෙනකොට ඇමරිකාවට යන්නනම් ඔබ නිශ්චිතවම මොනවද කරන්න ඕනේ කියන දේ මිස, කවදා හරි , කොහොම හරි යනවා කියන දේ නෙමේ.
ඔබේ මනසේ , ඔබේ බලාපොරොත්තුව වෙනුවෙන් තියෙන අරමුණු ගත වැඩිවෙන්න, වැඩිවෙන්න ඔබේ මනසේ ක්‍රියාකාරීත්වයත් එයට අනුව වෙනස් වෙනවා, ඔබේ අරමුණ වෙත ලගා වෙන්න ප්‍රායෝගිකව ඔබ කරන්න ඕනේ මොනවද කියන දේ නිරායාසයෙන්ම හිතෙන්න පටන් ගන්නවා. ඔබට අලුත් අදහස් ඇතිවෙන්න පටන් ගන්නවා, ඔබට ඔබේ අරමුණ වෙත යන්න අවශ්‍ය කරන විවිද මාර්ගයන් පෙනෙන්න පටන් ගන්නවා.
මේ නිසා ඔබ ඔබේ නව වසරේ සාර්ථකත්වය වගේම ජීවිතයේම සාර්ථකත්වය දෙගුන කරගන්න කල යුතු පළමුවෙනි දේ තමයි ඔබේ මනසේ තියෙන අරමුණු ගත බව වැඩිකර ගැනීම. ඔබ අවශ්‍ය ප්‍රමානයට ඔබේ මනසේ අරමුණුගත බව වැඩිකරගැනීම ඔබට සාර්ථක වෙන්න තිබෙන පලමු වෙනි බාදකය නැති කරනවා. ඔබ කල යුත්තේ කුමක්ද යන්න ගැන තිබෙන අපැහැදිලි බව නැති කරනවා.
මීලගට කල යුතු දේ දැනගෙන හිටියත් ඔබ අසාර්ථක වෙන දෙවැනි හේතුව තමයි කල යුතු දේ කල යුතු ආකාරයට කරන්න ඔබට නොහැකි වීම. තවත් පැහැදිලි කලොත් ඔබ දැනගෙන හිටියත් ඔබ කරන්න ඕනේ මොනවද කියලා ඔබට ප්‍රායෝගික ලෝකය තුල ඒ දේවල් අතපසු වීම, අමතක වීම, මග හැරීම, එහෙමත් නැත්නම් ඒ දේ කරන්න සිත් නොදීම වැනි දේවල් මේ කාරනයට ඇතුලත් වෙන්න පුලුවන්.
මේ දේ මෙහෙම වෙන්න ඔබට ප්‍රධාන කාරනා 3ක් බලපානවා,
1. ඔබට සැලැස්මක් නැති වීම
2. ඔබ තුල වන ඍණාත්මක ආකල්ප
3. ඍණාත්මක පරිසර සාදක
ඔබට අරමුණක් තිබුනට ඔබට සැලැස්මක් නෑ කියන්නේ, ඔබ ඔබේ අරමුන වෙත යන්න කොයි කොයි වෙලාවට , කුමන දේවල් කරන්න ඕනෙද කියන දේ ගැන හරි අවබෝධයක් නෑ කියන එක. උදාහරණයක් විදිහට අපි හිතුවොත් ඇමරිකාවේ යන ගමන ගැනම, එතැනදි මනස අරමුණුගත වෙච්ච ගමන්, මේ වෙනුවෙන් අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්න ඕනේ, වීසා වෙනුවෙන් සූදානම් වෙන්න ඕනේ, ගමනට අවශ්‍ය කරන අනෙකුත් දේවල්, ගුවන් ප්‍රවේශපත් ආදිය සූදානම් කරගන්න ඕනේ, වගේ ඔබ කල යුතු දේවල් වල ලයිස්තුවක් ඔබේ ඔලුවට එනවා, නමුත් ඔබ මේ ටික සැලැස්මකට අනුව සකසා නොගෙන මතකයේ තියාගෙන හිටියට ඒ දේ ප්‍රායෝගිකව කරන්න හැකි වෙන්නේ නෑ. ඔබට සිදුවෙනවා, ඔබ කවදා, කොයි වෙලාවට, කුමන ආකාරයෙන් මේ දේවල් කරනවාද යන්න හරියට සැලසුම් කරන්න. මේ සැලැස්ම දිහා බැලුවම ඔබට බලාගන්න පුලුවන් වෙන්න ඕනේ ඔබ කරන්න ඕනේ දේවල් ටික මුල සිට අග දක්වාම පියවර වශයෙන්. එහෙම නැති වෙච්ච ගමන් ඔබ කල යුතු දේ දැනගෙන සිටියත් , වැඩ කල්දාන්න පටන් ගන්නවා. ඔබ අවශ්‍ය දේ ඉටු කිරීම වෙනුවෙන් ලොකු අවදානයක් ලබා දෙන්නේ නෑ.
මීලගට ඔබ සතුව කොතරම් හොද සැලැස්මක් තිබුනත් ඔබට ඒ දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගන්න බැරි වෙන්න හේතුවන ප්‍රධානම කාරනව වෙන්නේ ඍනාත්මක බව, ඍණාත්මක බව ඔබ තුල තිබෙන තාක් කල් ඔබ ඉදිරියට යනකොට එන ප්‍රශ්න ගැටලු හමුවේ අඩියක් දෙකක් පසුපසට එන්න හෝ, ඔබේ ගමන නවතා දමන්න ඔබේ සිත බොහෝ වෙලාවට ඔබට බලපෑම් කරනවා. මේ නිසා ධනාත්මක ආකල්ප කියන දේ යමක් සාර්ථක කරගන්න අපි ලග තියෙන්නම ඕනේ සාදකයක්. මොකද අපි දන්නේ නෑ අපිට කොයි වෙලාවකදී කුමන ආකාරයේ අභියෝග වලට මුහුන දෙන්න සිදුවෙයිද කියලා. මේ නිසා අපිට තාවකාලික ධනාත්මක සිතිවිලි වෙනුවට පූර්ණ කාලීන, ධනාත්මක ආකල්පමය තත්වයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා.
මීලගට අපි කල යුතු දේ හරියට කරගන්න බැරි වෙන අන්තිම කාරන වෙන්නේ පාරසරික සාදක, අපි නිතර ඇසුරු කරන්නේ අපේ ගමනට බාදාවක් වෙන අයනම්, අපිව අදෛර්යමත් කරන අයනම්, අපේ ගමනට ගැටලු ඇතිකරන අයනම් එය අපිට අවශ්ය දේ අවශ්‍ය ආකාරයට කරන්න බැරි වෙන්න ප්‍රබල හේතුවක් බවට පත්වෙනවා. ඒ නිසා ඔබේ සාර්ථකත්වය තහවුරු කරගන්න එවැනි තත්වයන් නිසි ආකාරයෙන් වෙනස් කර ගැනීමත් ඔබ ඔබේ සාර්ථකත්වය ප්‍රායෝගිකව තහවුරු කරගැනීම වෙනුවෙන් කල යුතු වෙනවා.
මෙන්න මේ ආකාරයෙන් ඔබට ඔබේ හිතේ තියෙන බලාපොරොත්තුව වෙනුවෙන්,
1. මනසේ තිබෙන අරමුණුගත බව වැඩිකරගන්න පුලුවන්නම්,
2. සැලැස්මක් සකසා ගන්න පුලුවන්නම්,
3. ධනාත්මක ආකල්පමය තත්වයක් ඇතිකර ගන්න පුලුවන්නම්,
4. පාරසරික සාදක සාර්ථකත්වයට වාසි සහගත ලෙස වෙනස් කරගන්න පුලුවන්නම්,
ඔබ දැනට සිටින තත්වයට වඩා දෙගුනයක් නෙමේ දස ගුනයක් විශාල සාර්ථකත්වයක් වුනත් ඉතා පහසුවෙන් ප්‍රායෝගිකව ලගා කරගන්න පුලුවන්.
ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඔබේ මනසේ අරමුණුගත බව උපරිම මට්ටමකට ගෙන එන හැටි, නිවරැදිව සැලැස්මක් සකසා ගන්න හැටි, ප්‍රායෝගිකව ධනාත්මක ආකල්ප ඇතිකරගන්න හැටි වගේම ඔබේ සාර්ථකත්වයට බලපාන බාහිර සාදක සාර්ථකව වෙනස් කරගන්න ඔබ ප්‍රායෝගිකව පියවර වශයෙන් ඉගෙන ගන්න, පහත සබැදිය හරහා " ජීවිතය දිනන ප්‍රායෝගික මග " PDF eBook එක ඔබත් Download කරගන්න.
Comments