1. ධනාත්මක සිතුවිල්ලක් සමග අවදි වෙන්න
සෑම දවසකම උදෑසන ඔබ අවදි වෙන මොහොතේදී ධනාත්මක සිතුවිල්ලක් ඔබේ සිතට ඇතුල් කරගන්න. එම සිතුවිල්ලත් සමග දවස අරබන්න. අපි අවදි වෙන මොහොත කියන්නේ අපි නින්දකින් පසුව ඉතාමත් විවේකී, නිවුනු මානසිකත්වයක් සමග ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න මොහොතක්. හරියටම අපේ හිත ඒ වෙලාවට තියෙන්නේ මඩ වතුර වීදුරුවක් , දිගු වේලාවක් නොසොල්වා තිබුනාම ජලයේ මුසු වී තුබූ මඩ වීදුරුව පතුලේ තැම්පත්ව ජලය පිරිසිදු වී තිබෙනවා වගේ තත්වයක.
ඒ කියන්නේ මේ වෙලාවේදී අපේ මනසේ තියෙන ඍණාත්මක සිතුවිලි ක්‍රියාශීලී මට්ටමක නෑ. එය තාවකාලිකව යටපත් වෙලා තියෙන්නේ.
මෙන්න මේ වගේ වෙලාවක ඔබ යම් ධනාත්මක සිතුවිල්ලක් ඔබේ මනසට ඇතුලත් කලොත් එය ඉතා තදින් ඔබේ මනසේ තැම්පත් වීම සිදුවෙනවා. හරියට අපි මඩ වතුර වීදුරුවකට තින්ත බින්දුවක් දැම්මට අපිට ජලයේ වර්ණය වෙනස් වීමක් පෙනෙන්න පටන් ගන්නේ නෑ, නමුත් අපි මඩ වතුර වීදුරුව ටික වෙලාවක් නොසෙල්වෙන ආකාරයෙන් තියලා මඩ ටික වීදුරුව පතුලේ තැම්පත් වුනාට පසු තින්ත බින්දුවක් එයට එක් කලොත් එම තින්ත බින්දුව ජලය සමග මුසුවෙන ආකාරය ඉතා හොදින් බලා ගන්න පුලුවන් වගේ.
මනස ඍණාත්මක වෙලා තියෙන මොහොතක අපි කොයි තරම් ධනාත්මක දේවල් අපේ හිතට ඇතුලත් කලත් එතැනදී අපිට අපේ ඍණාත්මක සිතුවිලි වල ක්‍රියාකාරීත්වය වැඩි නිසා එම ධනාත්මක දේවල් අපේ සිතට, මතකයට තදින් ඇතුලත් වෙන්නේ නෑ. නමුත් ඍණාත්මක සිතුවිලි අක්‍රීය කරලා ධනාත්මක දේවල් ඇතුලත් කලොත් එය අපේ සිත තුල තදින් තැම්පත් වූ සිතුවිල්ලක් බවට පත් වෙනවා.
ඒ වගේම ඔබේ මනස උදෑසන අවදිවන මොහොතේදී ධනාත්මක වනවාද, ඍණාත්මක වනවාද යන්න මත ඔබේ දෛණික සිතුවිලි රටාව තීරණය වෙනවා. ඔබ අහලා ඇති සමහරු, " උදේ පාන්දර රන්ඩු වුනා අද දවසම ඉවරයි " වගේ ප්‍රකාෂයන් නිකුත් කරනවා. එහෙම නැත්නම් ඔබටත් පෞද්ගලිකව මේ වගේ අත්දැකීම් ඇති, උදෑසන යම් ඍණාත්මක සිතුවිල්ලක් ඇති වුනොත් බොහෝ විට එය දවස පුරාම ඒ ආකාරයෙන්ම සිතුවිලි රටාවක් ආකාරයෙන් පවතිනවා.
ඒ වගේම ඔබ අත් විදලා ඇති උදෑසන යම් ගීත කන්ඩයක් ඇසුනොත් එය දවස පුරාම ඔබේ මනසට නිතර නිතර පැමිනෙන බව. ඒ කියන්නේ ඍණාත්මක සිතුවිල්ලක් වෙනුවට ධනාත්මක සිදුවිල්ලක් ඇති වුනත් එය සිතුවිලි රටාවක් වෙලා දවස පුරාම ක්‍රියාත්මක වීම සිදුවෙනවා. මේ නිසා අපිට පුලුවන්නම් මේ විදිහට අපි අවධි වූ මොහොතේදීම අපේ සිතට ධනාත්මක සිතුවිල්ලක් ඇතුලත් කරගන්න , ඒ අනුව අපි එදා දවසේ සිතුවිලි මෙහෙයවන ආකාරය ධනාත්මක කරගන්න ඉතා පහසුවෙන් පුලුවන්.
මේ දේ කරනකොට ඔබ තව දෙයක් දැන ගන්න ඕනේ ඒ තමයි, කිසිම විටෙක උදෑසන ධනාත්මක සිතුවිලි ඇතුලත් කරගන්න හිතාගෙන පොත් පත් කියවන්න , විශාල විස්තර කිරීම් තියෙන ලිපි වගේ දේවල් කියවන්න යන්න එපා. එය ඔබේ මනස උදෑසන අනවශ්‍ය ලෙස වෙහෙසට පත් කිරීමක්, ඒ වෙහෙස නිසාම නැවත මනසේ තියෙන ඍණාත්මක තත්වයන් නැවත ඇති වෙලා, ඔබට මේ වැඩේ එපා වෙන්න පුලුවන්. මේ නිසා ඉතා සරල වචන පේලියක් සහිත සිතුවිල්ලක් ඇතුලත් කරගන්න උත්සාහ කරන්න.
උදාහරණයක් විදිහට, ඔබ දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නෙමේ, නමුත් ඔබ දුප්පතෙක් ලෙස මිය ගියොත් එය ඔබේ වරදක් - බිල් ගේට්ස් වගේ වචන පෙලක් හිතට ඇතුලත් කර ගැනීම ඉතාම ප්‍රමාණවත්. ඔබ මෙය ටික කාලයක් කරනකොට ඔබේ මනසේ තිබෙන ඍණාත්මක සිතුවිලි වලට වඩා තදින් තැම්පත් වූ ධනාත්මක සිතුවිලි ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔබ පූර්ණකාලීනව ධනාත්මකව සිතන පුද්ගලයෙක් බවට පත් වෙනවා.
මේ දේ ඔබට ලේසියෙන්ම කරන්න , ඔබට පුලුවන් අපගේ Winners Lounge Wake-up Alerts සේවාව සමග සම්බන්ද වෙන්න, මෙතැනදී ඔබට සෑම දිනකම උදෑසන 5ට අපි ඔබේ සිතුවිලි ධනාත්මක කරන ආකාරයේ කෙටි පණිවිඩයක් ඔබේ දුරකතනයට එවනු ලබනවා, සාමාන්‍යයෙන් ලෝකයේ දුරකතන පාවිච්චි කරන අයගෙන් 60%-80%ත් අතර ප්‍රමාණයක් උදෑසන අවදි වූ ගමන් කරන්නේ තමන්ගේ දුරකතනය පරික්ෂා කරන එක. ඔබත් එහෙම කෙනෙක්නම් ඔබ අවදි වූ මොහොතේම අපි එවන ධනාත්මක කෙටි පණිවිඩය කියවලා මේ දේ කරන්න පුලුවන්.
Winners Lounge Wake-up Alerts සේවාව සක්‍රීය කරගන්න ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන්,
REG හිස්තැනක් QOD ලෙස සදහන් කර 77000ට SMS පණිවිඩයක් යොමු කරන්න,
ඔබට මෙම කෙටි පණිවිඩ සිංහල භාෂාවෙන් අවශ්‍යනම්,
REG හිස්තැනක් QODS ලෙස සදහන් කර 77000ට SMS පණිවිඩයක් යොමු කරන්න.
( සේවා ගස්තු ලෙස දිනකට රු 2.50ක් හා රජයේ බදුගාස්තු අයවේ)
2. චරිත කතාවක් කියවන්න
කතාවක් තියෙනවා ලෝකයේ සාර්ථක වෙන්න තියෙන පහසුම ක්‍රමය , සාර්ථක වූ මිනිසුන් ගිය පාරේ ගමන් කිරීමයි කියලා. අපි ලෝකයේ සාර්ථක වූ මිනිසුන්ගේ චරිත ඇත්තටම අද්යයනය කල යුත්තේ මෙන්න මේ නිසා.
උදාහරණයක් විදිහට අපි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා, ව්‍යාපාරයක් පටන් ගන්න මුදල් ඕනේ කියලා, මේ නිසා බොහෝ දෙනෙක් මුදල් නෑ කිය කියා ඉදිරියට නොයා බලාගෙන ඉන්නවා. නමුත් රිචඩ් බ්‍රැන්සන් වර්ජින් ගුවන් සමාගම ආරම්භ කලේ කිසිම ආයෝජනයක් නැතුව, ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගම ආරම්භ කලේ කිසිම මුදලක් නැතුව, ගූගල් , මයිරෝසොෆ්ට් වගේ ලෝකය හොල්ලපු සමාගම් සියල්ලම වගේ ආරම්භ වුනේ , මූලික ප්රාග්ධණයක් නැතුව.
නමුත් අපි හිතන්නේ පළමු අඩිය තියන්න අපිට මුදල් ඕනේ කියලා. එහෙම බැලුවම ඔවුන් සාර්ථක වෙන්න කරපු දේවලුයි, අපි කරන දේවලුයි අතර පැහැදිලි වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනස අදුන ගන්න පුලුවන් එකම ක්‍රමය, ලෝකයේ සාර්ථක වූ මිනිසුන් සාර්ථක වෙන්න ක්‍රියාත්මක වුනේ කොහොමද කියන දේ ඉගෙන ගැනීම, අද්යයනය කිරීම.
ඔබ රිචඩ් බ්‍රැන්සන්, ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, තමන්ගේ ව්‍යාපාරය මුලින්ම පටන් ගත්තේ කොහොමද කියන දේ අද්යයනය කරලා තිබුනානම් ඔබ කවමදාවත් , ව්‍යාපාරයක් පටන් ගන්න සල්ලි ඕනේ කියලා හිතන්නේ නෑ. ඔබට ඉබේම ඒ චරිත කරපු දේවල් ඔබේ මනසට එන්න පටන් ගන්නවා. ඔබ හිතන ක්‍රමය ඉබේම වෙනස් වෙන්න පටන් ගන්නවා.
මේ නිසා දවසට විනාඩ් 10ක් වත් සාර්ථක මිනිසුන් එම සාර්ථකත්වය වෙත ගියේ කොහොමද කියන දේ අද්යයනය කරන්න වෙන් කරන්න. එය ඔබට අභිප්‍රේරණයක් සපයනවා වගේම, ඔබ හිතන විදිහත් ඉබේම වෙනස් කරනවා.
දිනපතා අප නිකුත් කරන ලොව සාර්ථක චරිත පිලිබද චරිත කතා ඇතුලත් Achiever Notes දිනපතා ලබා ගන්න, ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන්,
REG හිස්තැනක් Achiever ලෙස සදහන් කර 77000ට SMS පණිවිඩයක් යොමු කරන්න,
( සේවා ගස්තු ලෙස දිනකට රු 2.50ක් හා රජයේ බදුගාස්තු අයවේ)
3. ක්‍රම ශිල්ප ගැන ඉගෙන ගන්න
ඕනෑම දෙයක් කරනකොට ඒ දේ කරන්න විවිද ක්‍රම තියෙනවා, සාර්ථකත්වය වෙත යනකොටත් ඒ ගමනේදී අපිට භාවිතා කරන්න පුලුවන් විවිද ක්‍රම ශිල්ප තියෙනවා. ඒ ක්‍රම ශිල්ප හරියට බාවිතා කරනවානම් අපි හිතනවාට වඩා වේගයෙන් අපිට අපේ ඉලක්ක වෙත පහසුවෙන්ම යන්න පුලුවන්.
උදාහරණයක් විදිහට , ඉලක්කයක් පිහිටුවනකොට ඒ වෙනුවෙන් නිශ්චිත ක්‍රමයක් තියෙනවා, ඒ ක්‍රමයට එය කලොත් ඔබේ මනසට හා චර්යාවන්ට වෙන බලපෑමයි, සාමාන්‍ය මිනිසුන් එදිනෙදා ඉලක්කයක් පිහිටුවන ක්‍රමයට ඉලක්කය ඇතිකරගැනීමයි කියන්නේ අහසයි පොලවයි වගේ විශාල වෙනස් ප්‍රතිඵල ගෙන දෙන ක්‍රම දෙකක්. ඒ වගේම සැලැස්මක් හදනකොට, සැලැස්මක් ක්‍රියාත්මක කරනකොට, සිතුවිලි ධනාත්මක කරනකොට, මානසික පීඩනයන්ට මුහුන දෙනකොට වගේ ඒ ඒ අවස්ථාවන් තුල උපරිම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් ක්‍රම ශිල්ප සෑහෙන ප්‍රමානයක් තිබෙනවා. මේ දේවල් ඔබ හරියට හදුනා ගත්තේ නැත්නම් ඔබට සිද්ද වෙනවා හැම වෙලාවකදිම අනවශ්‍ය වෙහෙසක්, කාලයක්, පිරිවැයක් දරලා ඔබේ සාර්ථකත්වය කරා යන්න.
මේ නිසා ඔබ අනිවාර්යයෙන් සෑම දවසකම විනාඩි 10ක් 15ක් වෙන්කරගෙන මේ ක්‍රම ශිල්ප ගැන අද්යයනය කරන්න, ඉගෙන ගන්න හුරුවක් ඇතිකර ගන්න.
දිනපතා අප නිකුත් කරන පහසුවෙන් , වේගයෙන් සාර්ථක වීම වෙනුවෙන් භාවිතා කල හැකි පහසු ක්‍රම පිලිබද ප්‍රායෝගික කරුණු ඇතුලත් Blog සටහන් දිනපතා ලබා ගන්න, ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන්,
REG හිස්තැනක් LOAT ලෙස සදහන් කර 77000ට SMS පණිවිඩයක් යොමු කරන්න,
( සේවා ගස්තු ලෙස දිනකට රු 2.50ක් හා රජයේ බදුගාස්තු අයවේ)
ඔබ මෙන්න මේ පියවර 3න දිනපතා අනුගමනය කරනවානම් , කාලයත් සමග ඔබ පූර්ණ කාලීන ධනාත්මක ආකල්ප වලින් යුත්, ප්‍රායෝගිකව සාර්ථක වෙන පුද්ගලයෙක් බවට පත්වීම කිසිම දෙයකට වලක්වන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.
Comments