මේ ප්‍රශ්ණයට හිතට අවංකව පිලිතුරු සපයන්න.
ඔබ පොත් සාප්පුවකට පොත් තෝරමින් සිටින විට එහි සාර්ථක වෙන හැටි ලෙසින්, මනස සකසා ගන්නා ආකාරයේ සිට ප්‍රායෝගිකව යම් ඉලක්කයක් වෙත ලගා වෙන ආකාරය ගැන ප්‍රායෝගික උපදෙස් ඇතුලත් පොතක් තිබුනොත් එහි මිල රු 10000ක් ලෙස සදහන් වුනොත් ඔබ එය මිලදී ගන්නවාද? නැත්නම් පොතක් සදහා රු 10000ක මිලක් වැඩි බව සිතනවාද?
ඔබ එය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරනවානම් එහි අදහස වන්නේ ඔබේ සාර්ථකත්වය ඔබට රු 10000ක් වත් නොවටින බවයි.
වරක් ඇමරිකානු ලේකකයකු වන ග්‍රෑන්ට් කාර්ඩෝන් ගුවන් තොටුපලට වී තම පෞද්ගලික ගුවන් යානය සූදානම් වන තුරු නැවතීමේ මැදිරියට වී සිටියා. එතැනදී ඔහුට දකින්නට ලැබුනා ඔහු විසින් ලියූ පොතක් ගුවන්තොටුපලේ වූ පොත් සලක විකිනීමට තිබෙන අයුරු. සුලු මොහොතකින් ඔහු දුටුවා වෙලද සැලට පැමිනි අයෙක් තම පොත පරික්ෂා කර අවසානයේ එහි මිල දෙස බලා පොත නැවත තබා පිටව යන අයුරු.
මෙය දුටු ග්‍රෑන්ට් තම සහයකයාට පොත තබා පිටව යන පුද්ගලයා පෙන්වා මෙසේ සදහන් කලා. අර පොතේ මිල ඩොලර් 30යි. මම මිලියනපතියෙක් වෙන්න ආ ගමනේදී මගේ ජීවිතය වෙනස් වෙන්න බලපාපු සියලු කරුනු මම මේ පොතේ සටහන් කලා. කෙනෙක්ගේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය හැම දෙයක්ම වගේ මේ පොතේ තියෙනවා. නමුත් අර පුද්ගලයා පොතේ මිල දිහා බලලා යන්න ගියා. ඔහුට ඔහුගේ සාර්ථකත්වය ඩොලර් 30ක් වත් වටින්නේ නෑ. මෙතැනට මිලියනපතියෙක්, බිලියනපතියෙක් වෙන්න දැඩි උවමනාවක් තියෙන කෙනෙක් ආවනම් ඔහුට මේ පොතේ හැම පිටුවකම පෙනෙනවා මිලියන පතියෙක් වෙන හැටි.
ඔහු කිසිම වෙලාවක ඩොලර් 30 ගැන හිතන්නේ නෑ. මොකද ඔහු එයින් ලබන්න යන දේ ඩොලර් 30ට වඩා ගොඩක් වැඩියි. නමුත් මේ කෙනාට තමන්ගේ හීනයට වඩා තමගේ ප්‍රශ්ණය ලොකු වැඩියි. ඩොලර් 30 නැති වීම මේ පොතෙන් ඔහු ඉගෙන ගන්න දෙයට වඩා ඔහුට දැනෙනවා. එහෙම කෙනෙක්ට සාර්ථකත්වය ලගා කරගන්න ගොඩක් අමාරුයි. ඔයාගේ ජීවිතේ තියෙන ප්‍රශ්ණ ඔයාගේ හීන වලට වඩා විශාල නොවුනොත් ඔයාට හැමදාම යන්න වෙන්නේ පස්සට.
නිකමට කල්පනා කර බලන්න ඔබ ඔබේ හීන වලට, ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට දීලා තියෙන වටිනාකම කොච්චරක්ද කියලා. ඒ වටිනාකම එක්ක ඔබ ඔබේ ජීවිතේ කරන කියන හැම දෙයක්ම වෙනස් වෙනවා.
ඔබ අසනීප වුන දවසක ඔබ කාර්යාලයේ සිට ගෙදර එන්න කුලී රථයකට රු1000ක් වියදම් කලොත් එහි අදහස ඔබට ඒ හරහා ලැබෙන සුවය ඔබට රු 1000ට වඩා වටිනවා යන්න. ඔබ ඔබේ පෙම්වතියෙගේ සිත ගන්න තරු පහේ හෝටලයක ආහාර වේලක් සදහා ගියොත් ඒ වෙනුවෙන් ඔබ රු 5000ක් වියදම් කලොත් එහි අදහස රු 5000ට වඩා ඔබට ඇයගේ සිත දිනා ගැනීම වටින බව. නමුත් ඔබ සිතන්න ඔබ ඇයි පාරේ ඉන්න යාචකයකුට රු 1000ක් හෝ 5000ක් හෝ නොදෙන්නේ? ඔබට ඒ පුද්ගලයාට උදවු කිරීම රු 5000ක් නොවටිනා නිසා නෙමේද?
ඔබ ඔබේ ජීවිතයේ හැම තීරණයක්ම ගන්නේ එම සිදුවීම, එම අවස්ථාව ඔබට කොතරම් වටිනවාද යන්නමත, ඇතැම් විට ඔබ මුදලින් ඒ වටිනාකම නොගෙවනවා වන්න පුලුවන්, ඇතැම් විට ඔබේ කාලයෙන්, කැපවීමෙන්, මහන්සියෙන් එම වටිනාකම ගෙවනවා වෙන්න පුලුවන්. නමුත් ඔබ ඒ සියල්ල කරන්නේ ඔබට එම අවස්ථාව , එයින් ලැබෙන ප්‍රථිපලය කොතරම් වටිනවාද යන්න මත පමණයි.
ඔබ ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් මුදලක් වැය කරන්නේත්, කැපවන්නේත්, කාලය වැය කරන්නේත්, එය කොතරම් ඔබට වටිනවාද යන්නට සාපේක්ෂවයි!
Comments