top of page

ඔබේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් නොමිලේම, නිවසේදීම නිර්මානය කරගන්න හැටි.

Updated: Sep 26, 2018


ඔබ ව්‍යාපාරිකයෙක් නම් එහෙමත් නැත්නම් යම්කිසි භාන්ඩයක් හෝ සේවාවක් අලෙවි කරන ආයතනයක් පවත්වාගෙන යනවානම් හෝ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවානම් වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම කියන්නේ ඔබේ ව්‍යාපාරය ගොඩනගා ගැනීමේ මූළිඛ පියවරයන්ගෙන් 1ක්. බොහෝ වෙලාවට ඔබේ ව්‍යාපාරයේ වෙබ් අඩවියේ ස්වභාවය ගනුදෙනු කරුවෙක් ඔබත් සමග කටයුතු කිරීම වෙනුවෙන් 50%-80%ක් අතර දායකත්වයක් දක්වනවා.


විශේෂයෙන්ම ඔබ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරනවානම් බොහෝ විට ඔබේ ගනුදෙනු කරුවන් මුලින්ම ඔබ කවුද, කරන්නේ කුමක්ද, ඔබ පිලිබද විශ්වාසයක් තැබිය හැකියද යන ආදිය ගැන තීරණයක් ගන්නේ බොහෝ විට ඔබේ වෙබ් අඩවිය දිහා බලලා. මෙන්න මේ නිසා ඔබේ ව්‍යාපාරය ගැන යහපත් ප්‍රතිරූපයක් ඇතිකර ගන්න නිවරැදිව ආකර්ෂණීය අයුරින් සකසන ලද වෙබ් අඩවියක් කියන දේ අනිවාර්යයෙන්ම වැදගත්.


නමුත් ගැටලුව වෙන්නේ සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න ඔබ වෙබ් අඩවි නිර්මාණය කරන ආයතනයකට ලබා දුන්නෝත්, ඒ වෙනුවෙන් ඔබට ඉතා විශාල මුදලක් වැය වෙනවා. අලුත් ව්‍යාපාරයකට එවැනි මුදලක් ඇතැම් විට දරන්න අපහසු වෙන්න පුලුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් වෙබ් අඩවි නිර්මාණය පිලිබද දැනුමක් හැමෝටම නැති නිසා බොහෝ විට තනියම වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න බොහෝ දෙනෙකු පෙලබෙන්නේත් නෑ. අනිත් කාරණය තමයි එහෙම කලත් බොහෝ දෙනෙකුට පුහුණු වෙබ් අඩවි නිර්මාණ කරුවෙකු තරම් හොදට ඒ වැඩේ කරගන්න එක ටිකක් අමාරු වැඩක්.


ඉතින් මේ ලිපියෙන් ඔබට අපි කියලා දෙන්නේ ඔබේ ව්‍යාපාරය සදහා මෙන්න මේ ගැටලු සියල්ල විසදගෙන ඉතා පහසුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ඉහල ප්‍රමිතියෙන් යුතු වෙබ් අඩවියක් ඔබටම , නිවසේදීම නිර්මාණය කරගන්න ආකාරය ගැන. මේ දේ කරගන්න ඔබට වෙබ් අඩවි නිර්මාණය පිලිබද කිසිම දැනුමක් අවශ්‍ය නෑ. ඒ වගේම විශාල නිමාණශීලීත්වයක් අවශ්‍යත් නෑ. අවශ්‍යනම් ඉතා පහසුවෙන් පැය කීපයක් ඇතුලත ඔබට ඔබේ වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම නිර්මානය කරගන්න පුලුවන්.


මෙහි මූළික කාරණා ටික ඔබට මිනිත්තු කීපයක් ඇතුලත කරගන්න පුලුවන් නිසා මේ ලිපිය කියවන ගමන්ම ඔබ මේ පියවර ටික කරගෙන ගියොත් ලිපිය කියවලා අවසන් වෙනකොට ඔබේ ව්‍යාපාරයේ වෙබ් අඩවියේ, මූළිඛ කාරනා ටික ඔබට ඉතා පහසුවෙන් නිමකරගන්න පුලුවන්.


පියවර අංක 01


ඔබ මුලින්ම කරන්න ඕනේ පහත දක්වලා තිබෙන වික්ස් වෙබ් අඩවිය open කරගන්න එක. පහත පින්තූරය click කරන්න එවිට ඉබේම වෙනත් window එකක් ආකාරයෙන් වික්ස් වෙබ් අඩවිය open වීමක් සිදුවෙනවා.


වික්ස් හරහා ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ පළමු හා විශාලතම වාසිය තමයි ඔවුන්ගේ සේවාවේ තියෙන ස්ථාවර බව. ඔබේ වෙබ් අඩවිය හදිසි නඩත්තු වැනි කාරනා නිසා බිද වැටීමේ හැකියාව වික්ස් තුල ඉතා අඩුයි, නැති තරම්. ඒ වගේම වික්ස් ජාලය තුල ඔවුන් ගනුදෙනු ආරක්ෂණ පද්දති ඉතා හොදින් සකස් කර තිබෙනවා. මේ නිසා ඔබ ඔබේ වෙබ් අඩවිය තුල online payments වැනි පහසුකම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවානම් ඒ වෙනුවෙන් හොද ආරක්ෂාවක් වික්ස් ජාලය සපයනවා.


පියවර අංක 02

Start Now Click කරන්න

පියවර අංක 03


ඉන්පසු ඔබට ලැබෙන Sign up එකට අදාල තොරතුරු ලබා දීලා , ලියාපදිංචි වෙන්න. මේ සදහා ඔබට වෙනමම තොරතුරු ඇතුලත් කරලා ලියාපදිංචි වෙන්න වගේම ඔබේ Facebook හෝ Gmail ගිනුම හරහා ක්ෂණිකව ලියාපදිංචි වෙන්නත් හැකියාව තියෙනවා.

පියවර අංක 04


ඔබ ලියාපදිංචි වූ පසු ඔබ පිලිබදව ඔවුන් ඔබෙන් ප්‍රශ්ණ කීපයක් අහනවා. ඔබට කැමතිනම් ඒ දේවල් වලට පිලිතුරු දෙන්න පුලුවන් නැත්නම් පහත දැක්වෙන skip කියන තැනclick කරලා කෙලින්ම වෙබ් අඩවි නිර්මානය කිරීමේ පිටුවට යන්න පුලුවන්.


පියවර අංක 05


මීලගට ඔබට ඔවුන් තෝරා ගැනීමේ අවස්ථා දෙකක් ලබා දෙනවා. Let Wix ADI Create a Website for you කියන අවස්ථාව හරහා ඔබ ගියොත් ඔවුන් ඔබේ ව්‍යාපාරය ගැන අහලා ඒ සදහා සුදුසු වෙබ් අඩවියක් ඔවුන් තෝරා දෙනවා. Wix Editor කියන අවස්ථාව හරහා ගියොත් ඔවුන් ඔබට විවිද ව්‍යාපාර සදහා සකස් කල templates 1000ක් පමන ඔබට ලබා දෙනවා. ඔබට ඒ අතරින් කැමති එකක් තෝරාගෙන ඔබේ තොරතුරු ඇතුලත් කිරීම පමනයි කල යුතු වන්නේ.


මෙහි තියෙන විශේෂත්වය තමයි මේ templates පාවිච්චි කරනවාට ඔබ ගෙවීමක් කරන්න ඕනේ නෑ, නමුත් වෙනත් මීට සමාන වෙබ් අඩවි වල හොද template එකක් ලබා ගන්න ඔබට ටිකක් විශාල මුදලක් ගෙවන්න සිදුවෙනවා. Wix Editor හරහා යාමේදී ඔබට විවිද සාම්පල රාශියක් ලැබෙන නිසා ඔබට වඩාත් සුදුසු template එකක් තෝරා ගන්න හැකියාව ඔබට ලැබෙනවා. මේ නිසා Wix Editor හරහා Template එකක් තෝරා ගැනීම වඩාත් සුදුසුයි කියන එක තමා මගේ පෞද්ගලික මතය.


පියවර අංක 06


මීලගට ඔවුන් ඔබට ලබා දෙනවා ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගැනීම සදහා වන Editor එක. එතැනදී ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයකින් ඔබේ template එක edit කරගන්න පුලුවන්.


මෙතැනදී ඔබ සම්පූර්ණයෙන් කරලා ඉවර වුනාම, ඔබට නොමිලේ ලබා දෙන URL එකක් හරහා වෙබ් අඩවිය publish කරන්න පුලුවන්, නමුත් ඔබට .com වැනි URL එකක් අවශ්‍යනම් ඒ වෙනුවෙන් ඔබට මුදලක් ගෙවලා URL එකක් මිලදී ගන්න සිදුවෙනවා. ඒ සදහා ඔබට වසරකටම යන්නේ රු 2000ටත් වඩා අඩු මුදලක්, ඒ වගේම ඔබට URL එක ඔබේ වෙබ් අඩවියට සම්බන්ද කරන්න, ඔබට premium package එකක් මිලදී ගන්න සිදුවෙනවා ඒ සදහා ඔබේ අවශ්යතාවය අනුව premium package එකක් තෝරා ගන්න පුලුවන්, සාමාන්‍යයෙන් මාසෙකට රු 850 වගේ මුදලක සිට ඔබට premium package එකක් තෝරා ගන්න පුලුවන්.


මෙතැනදී වෙබ් අඩවිය වැඩි දියුනු කරගෙන යනකොට හොද එකකට යන්නත් දැනට සාමාන්‍ය එකකට යන්නත් ඔයාට හැකියාව ලැබෙනවා. ඒ වගේම අවශ්‍ය ඕනෑම මොහොතක මාරු කරන්නත් අවස්ථාව තියෙනවා.


මෙහිදී වැදගත්ම කාරනය තමයි ඔයා එකක් තෝරාගන්න එක. වික්ස් ජාලය ඔයාට ලබා දෙන්නේ .com , .org , .net , .edu වගේ ජාත්‍යන්තර මට්ටමේ URL විතරයි. .lk වගේ URL එකක් අවශ්යනම් ඔයා ඒක වෙනම ලබාගෙන සම්බන්ද කරන්න අවශ්‍ය වෙනවා. කවදා හරි අන්තර්ජාතික මට්ටමට ඔයාගේ ව්‍යාපාරය දියුනු කරන්න හිතෙනවනම් දැන්ම .com වගේ ජාත්‍යන්තර මට්ටමේ URL එකක් අරගන්න එක හොදයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය. හැබැයි එහෙම ගන්නවානම් , ඔයාට අවශ්‍ය URL එක තවම ඉතිරි වෙලා තියෙනවානම් හැකි ඉක්මනින් මිලදී ගන්න.


මොකද ලෝකය පුරා තියෙන ආයතන රාශියක් හරහා URL වෙන් වෙනවා. දවසකට මිලියන ගනනක් URL මිලදී ගැනීම සිදුවෙනවා. ඒ වගේම සමහරු තමන්ගේ වෙලද නාමය ආරක්ෂා කරගන්න තමන්ගේ හරි URL එකට අමතරව ඒ ලගින් යන URL ටිකත් මිලදී ගන්නවා. ඒ නිසා අද මිලදී ගන්න තියෙන URL එක හෙට බලනකොට නැති වෙන්න පුලුවන්. ඒක නිසා පුලුවන් තරම් ඉක්මනින් ඔයාගේ URL එක මිලදී ගන්න වැඩේ කරන්න.


URL එක මිලදී ගත්තට පස්සේ ඔයාට Coming Soon Template එකක් link කරලා පසුව ඔයාගේ හරි Website එක link කරන්නත් පුලුවන්. ඒකත් ඔයාට ඔයාගේ ව්‍යාපාරයේ තත්වය උසස් කරන්න හොද ක්‍රමයක්. ලෝකයේ ගොඩක් විශාල ව්‍යාපාර පවා මේ දේ කරනවා මිනිස්සුන්ගේ ඔලුවට තමන්ගේ වෙලද නාමය ඇතුලත් කරන්න. මොකද ඔයාගේ තොරතුරු බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියට එන කෙනෙක්ට දකින්න තියෙන්නේ ඔයාගේ එකත් එක්ක එකක් නම් , නිරායාසයෙන් ඒ පුද්ගලයාගේ හිතේ මේ දේ ගැන දැනගන්න කුතුහලයක් ඇතිවෙනවා. එයත් සමග පසුව තමන්ගේ ව්‍යාපාරයේ තොරතුරු නිකුත් කල සැනින් ඉතා ඉක්මනින් මතක හිටින ස්වභාවයක් තියෙනවා.


324 views

留言

評等為 0(最高為 5 顆星)。
暫無評等

新增評等
bottom of page