මුදල් කියන දේ මේ දවස්වල බොහෝ දෙනෙක්ට ප්‍රශ්ණයක්නේ, ඒ වගේම බොහෝ දෙනෙක්ගේ ජීවිත වල තියෙන බලාපොරොත්තු වලින් මුලුන්ම තියෙන එක බලාපොරොත්තුවක් තමයි මේ මුදල්. ඇත්තටම මේ මුදල් කියන දේ ඇත්තටම ප්‍රශ්නයක්ද? මේ මුදල් ප්‍රශ්ණ වලින් අපිට ගැලවෙන්න අපහසු ඇයි?
ඇත්තටම බැලුවොත් මේ මුදල් කියන්නේ මිනිසෙක්ගේ ජීවිතයේ විසදන්න පුලුවන් ලේසිම ප්‍රශ්ණ වලින් එකක්. නමුත් මේ ලෝකයේ ඉන්න 80% දෙනා , කලබල වුනාම කොරොස් කටෙත් අතදාගන්න බෑ වගේ, මූල්‍යමය ගැටළු වලින් මිදෙන්න අවශ්‍ය කරන යහපත් මානසිකත්වයක් නැති නිසා දුක් විදිනවා.
ඔබ දන්නවා අපේ ජීවිතයේ බොහෝ දේවල් අපේ මනස තීරණය කරන බව! ඒ වගේම අපේ මානසික ශක්තිය පාවිච්චි කරලා අප අවට තියෙන භෞතික දේවල් වල පවා වෙනසක් කරන්න පුලුවන් බව අප අපේ කලින් ලිපි වල සදහන් කර තිබෙනවා. මේ ආකාරයෙන්ම හැම දේකටම වගේ අපේ මූළ්යමය තත්වයටත් මූලිඛවම බලපාන සාදකය අපේ මානසිකත්වය බව ඔබට විශ්වාස කරන්න පුලුවන්ද?
මුල්‍යමය අතින් සාර්ථක වෙන්න මනස කියන දේ බලපානවාද යන්න පිලිබදව ලෝකයේ බොහෝ පරීක්ෂන සිදුකර තිබෙනවා, ඒ හැම එකකින්ම වගේ ඔප්පු වුන ප්‍රබලම කරුණ තමයි, කෙනෙක්ගේ ජීවිතයේ මූළ්‍යමය සාර්ථකත්වයට බලපාන 1වන සාදකය මනස බව.
අපි හොදින් බැලුවොත් ඇත්තටම ඕනෑම කෙනෙක්ට මූල්‍යමය අතින් සාර්ථක වෙන්න අවශ්‍ය කරන බොහෝ මාර්ගයන් තිබෙනවා. නමුත් අපේ සිතුවිලි යම්කිසි රාමුවකට කොටුවී තිබෙන නිසා ඒ අවස්ථාවන් අපි බොහෝ දෙනෙක්ට නොපෙනී යනවා. ඒ වගේම අප තුල වන ඍණාත්මක ආකල්ප නිසා එම අවස්ථාවන් මග හැරී යාමක් සිදුවනවා.
කාලෙකට ඉහත ප්‍රදේශයේ දුප්පත් වඩු කාර්මිකයෙක් හිටියා. ඔහු කොයි තරම් දුප්පත්ද කීවොත් ඔහුට ඇතැම් දවස් වල කන්න බොන්නවත් සල්ලි තිබුනේ නෑ. ඔහු මේ ජීවිතය ගැන ඉතාමත් කල කිරීමෙන් හිටියේ.
මේ විදිහට ජීවත් වෙන අතරේ දවසක් ඔහු කුඩා ලී පතුරු කෑල්ලක් අරගෙන තමන්ගේ දරුවන්ට සෙල්ලම් කරන්න කුඩා සෙල්ලම් බඩුවක් නිර්මානය කරන්න පටන් ගත්තා. මොකද ඒ දවස්වල ඔහුගෙන් වඩු වැඩ කරගන්න කිසිම කෙනෙක් ආවේ නැති නිසා ඔහුට වෙන කරන්න කිසිම වැඩක් තිබුනේ නෑ.
මෙහෙම තත්වයක් යටතේ මුදල් අගහිගකම් තදින් දැනෙන නිසා ඔහුගේ ගෙදරත් , පවුල් ජීවිතය තුලත් විශාල ප්‍රශ්ණ රැසක් තිබුනා. මේ නිසා ඔහු ගෙදර රන්ඩු සරුවල් වලින් මිදෙන්නත් එක්ක මේ වැඩේ කරන්න තෝර ගත්තේ ගෙදරින් ටිකක් එහාට වෙන්න තියෙන ඇලපාරක් ලග තියෙන ස්ථානයක්. ඔහු මේ විදිහට තමගේ ප්‍රශ්න ගැනත් කල්පනා කර කර සෙල්ලම් බඩුව හදන වැඩේ පටන් ගත්තා.
මේ විදිහට ටික වෙලාවක් යනකොට එතැනට ආවා ගමේ ඉන්න ටිකක් ධනවත් පුද්ගලයෙක්. ඔහු ටිකෙන් ටික මේ පුද්ගලයා සමග කතාවට වැටුනා. මේ දුප්පත් වඩු කාර්මිකයා අර ධනවත් පුද්ගලයා සමගත් තමන්ගේ ජීවිතේ තියෙන ප්‍රශ්ණ ගැන කතා කලා. ඒ වෙන කිසිවක් නිසා නෙමේ තමන්ගේ හිතේ තියෙන පීඩනයෙන් මිදෙන්න.
මේ විදිහට ටික වෙලාවක් මේ දුප්පත් මනුස්සයාගේ කතාව අහගෙන හිටපු ධනවත් පුද්ගලයා ඔහුගේ හිත සනසන්නත් වචනයක් දෙකක් කියලා පෙරලා මෙහෙම ප්‍රශ්ණ කලා..
" ඔබ ඔය ලී කැබැල්ලක් අරගෙන මොනවද කරන්නේ? "
වඩු කාර්මිකයා තමන්ගේ අතේ තියෙන ලී කැබැල්ල දිහා බලලා , ටිකක් දුක්මුසු හඩකින් " මම මේ මගේ දරුවන්ට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩුවක් හදනවා , මොකද දරුවෝ එක එක සෙල්ලම් බඩු ඉල්ලනකොට අපිට ඒවා අරගෙන දෙන්න වත්කමක් නෑ " කියලා ප්‍රකාෂ කලා.
මිලගට ටික වෙලාවක් මේ දිහා නිහඩව බලාගෙන හිටපු ධනවත් පුද්ගලයා වඩුකාර්මිකයාගෙන් ටිකක් අමුතුවිදිහේ ප්‍රශ්ණයක් ඇහුවා.
" ඇයි ඔබ ඔය හැකියාව විකුනන්නේ නැත්තේ ? "
වඩු කාර්මිකයා ටිකක් පුදුමයෙන් වගේ ධනවත් පුද්ගලයා දෙස බැලුවා.
" ඔවු, ඇයි ඔබ ඔය හැකියාව විකුනන්නේ නැත්තේ? ඔබට පුලුවන් මේ ගමේ ඉන්න අනිත් දරුවන්ටත් සෙල්ලම් බඩු හදලා විකුනන්න. ඔබට එයින් හොද ලාභයක් ලබන්න පුලුවන්!"
මේ අදහස කිසිම වෙලාවක තමන්ගේ හිතට ආවේ නැති නිසා වඩු කාර්මිකයාගේ මනස ටිකක් මේ වචන ටිකත් එක්ක පිබිදෙන්න පටන් ගත්තා, නමුත් ඔහුගේ මනස ධනවත් පුද්ගලයාගේ තරම් ධනාත්මක නෑ. ඒ නිසා ඔහු අයෙත් ධනවත් පුද්ගලයාට පිලිතුරු දුන්නේ ටිකක් ඍණාත්මක පිලිතුරක්.
" කවුද දන්නේ ඕවා මිනිස්සු ගනියිද කියලා, අනික මට එහෙම ලොකු හැකියාවක් නෑ. අනිත් කාරනය මම දන්නේ නෑ ළමයි මොනවටද කැමති කියලා "
" දරුවන් මොනවටද කැමති කියලා ඔබ ඔබේ දරුවන්ගෙන් අහන්න, එයාලා ඔබට කියයි මොනවද හදනන් ඕනේ කියලා, අනික මේ කුඩා දරුවෝ මේ ලෝකයේ ඉන්න විශිෂ්ඨම නිර්මාණශිල්පියාගේ නිර්මාන ඉල්ලන්නේ නෑ. ඔබ උත්සාහ කරලා බලන්න " - ධනවත් පුද්ගලයා කීවා
මේ දේ පිලිබදව වැඩි විශ්වාසයක් තිබුනේ නැතත් ඔහු ධනවත් පුද්ගලයා කියපු වදන් අපතේ නොයවා, ගෙදර ගොස් තමන්ගේ දෙරුවන්ගෙන ඔවුන් කැමති සෙල්ලම් බඩු මොනවාද යන්න අසා සටහන් කරගත්තා, ඉන් පසුව ඒ සෙල්ලම් බඩු එක දෙක ඔහු නිර්මානය කලා, නිවසේම විකුනන්න තැබුවා. ඔහු හිතුවට වඩා මේ වැඩේ හරියන්න පටන් ගත්තා. ටික ට්ක සෙල්ලම් බඩු වෙනුවෙන් තියෙන ඉල්ලුම වැඩි වෙන්න පටන් ගත්තා.
අවසානයේ ඔහු නතර වුනේ ප්‍රදේෂයේ ඉන්න විශාල ධනවතුන්ගෙන් එක්කෙනෙක් වෙලා. දැන් ඔබ හොදින් කල්පනා කර බලන්න ඔහුගේ මේ ගමනේ ආරම්භය ගැන. පුංචි සිතුවිල්ලක වෙනසක් තමා ඔහුගේ ජීවිතයම වෙනස් කලේ. අනික මේ අවස්ථාව ඔහු වටා මීට පෙරත් තිබුනා, නමුත් ඔහුගේ මනසට එය ග්‍රහනය වුනේ නෑ. ඒත් අර ධනවත් පුද්ගලයාගේ මනස ඔහුගේ මනසට වඩා ධනාත්මක බවින් වැඩියි. ඔහුට පෙනුනා මේ දුප්පත් මිනිසා කරන දේ තුලම සැගවී තිබෙන වාසනාව.
අපි හැම කෙනෙක් ගාවම මේ විදිහට දියුනු වෙන්න අවශ්‍ය එක් දෙයක් හෝ කීපයක් අනිවාර්යයෙන්ම තියෙනවා. අපේ මනස හරි ආකාරයෙන් අපි විවර කර ගන්නවානම් මේ අවස්ථාවන් ඉතා පහසුවෙන් අපිට ග්‍රහනය කරගන්න පුලුවන්.
ඒ වගේම අපේ යටි සිත තුලත් අපි වෙතට මුදල් ආකර්ෂණය කර දීමේ හැකියාවක් තිබෙනවා. ඔබ ලෝකයේ මූළ්‍යමය අති සාර්ථක ධනවත්ම පුදග්ලයන්ගේ ලයිස්තුව අරගෙන ඒ එකිනෙක පුද්ගලයාගේ ජීවිතය සියුම්ව අද්‍යයනය කලොත් මේ හැම කෙනෙක්ම තමන්ගේ යටි සිතේ බලය පාවිච්චි කල අවස්ථාවන් ඕනෑ තරම් හොයා ගන්න පුලුවන්.
සාමාන්‍ය පුද්ගලයෙක් තමන්ගේ සිතුවිලි වල ශක්තියෙන් පාවිච්චි කරන්නේ ඉතා සුලු ප්‍රමාණයක් විතරයි. අපි බොහෝ දෙනෙක් අපිට ප්‍රයෝජනයට ගන්න පුලුවන් විශාල ශක්තියක් බාවිතා නොකර අත්හැර දමා තිබෙනවා.
ඇත්තටම බැලුවොත් අපි බොහෝ දෙනෙක් මෙන්න මේ සීමා වුන සිතුවිලි නිසා, ඍණාත්මක බව නිසා ඉතා පහසුවෙන් ඉක්මනින් ලගා කරගන්න පුලුවන් බොහෝ දේවල් ලගා කර නොගෙන නිකරුනේ දුක් විදිනවා. හරියට නිදානයක් උඩට වෙලා ඉදගෙන සිගමන් යදිනවා වගේ වැඩක් තමයි අපි බොහෝ දෙනෙක් කරන්නේ.
ඔබ දුප්පත්ව ඉපදුනොත් එය ඔබේ වරදක් නොවේ, නමුත් ඔබ දුප්පත්ව මිය ගියොත් එය ඔබේ වරදක් - බිල් ගේට්ස්
ඔබ හිතන්නේ බිල් ගේට්ස් මේ දේ කීවේ නිකම් කටට එනවට කියලද? දියුනු වෙන පුද්ගලයනුත්, අනෙක් සාමාන්‍ය පුද්ගලයනුත් මේ ලෝකය දකින්නේ ආකාර දෙකකට.
දියුනු වෙන කෙනෙක්ගේ මනස ක්‍රියා කරන ආකාරය වෙනස් නිසා මේ ලෝකයේ මුදල් හොයන්න තියෙන අවස්ථාවන් ඕනෑ තරම් ඔවුන්ට ඇස ගැටෙනවා. ඔවුන්ගේ මනස ධනාත්මක වීමත් සමග ඔවුන්ගේ මොලය මෙම අවස්ථාවන් ග්‍රහනය කරගන්න අවශ්‍ය පරිදි හැඩ ගැසෙනවා. ඒ වගේ කෙනෙක්ට කුණු ගොඩක් දැක්කත් ඒ තුලින් පෙනෙන්නේ කරදරය වෙනුවට කොම්පෝස්ට් පොහොර, නැත්නම් ප්‍රතිචක්‍රීය කරන ව්‍යාපාරයක්.
_____
ඔබේ යටිසිතේ ශක්තිය ප්‍රායෝගිකව ඔබේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා භාවිතා කරන ආකාරය ගැන ඉගෙන ගන්න අසිරිමත් යටිසිත - ප්‍රායෝගික උපදෙස් පොත PDF eBook එකක් ආකාරයෙන් පහතින් Download කර ගන්න.
Comments