ඔබ බටහිර ක්‍රියාදාම චිත්‍රපට වලට ප්‍රිය කරනවානම්, ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ Rambo මාලාව නිසකවම ඔබගේ මතකයේ ඇති. මෙහි ප්‍රදාන චරිතයට පන දෙන්නේ Sylvester Stallone නම් අසහාය රංගන ශිල්පියාය.
Sylvester Stallone යනු ජීවිතයේ බොහෝ කම් කටොලු මගින් සාර්ථකත්වයට පත් වූ මිනිසෙකි. කුඩා කල සිට ඔහුගේ සිහිනය වූයේ ලොව සුපතල රංගන ශිල්පියෙකු වීමය. ඔහු ඒ සදහා විවිද උත්සාහයන්ගේ නිරත විය. නමුත් ඒ සෑම උත්සාහයකින්ම ඔහු පරාජය වූයේ ඔහුට සෑහෙන තරම් මානසික පීඩාවක් ගෙන දෙමින්ය. අවසානයේ ඔහු ගෙවල් කුලියවත් ගෙවා ගැනීමට නොහැකි මට්ටමට බිද වැටුනේය. ඔහු තම බිරිදගේ ආබරණ කීපයක් හොරෙන් විකුනා මුදල් සොයා ගැනීමට සිදුවන තරමට ඔහු අසරණ විය. අවසානයේ ඔහුගේ බිරිද පවා ඔහුව හැර ගියේය. මාස කීපයක් තුල ඔහුට පාරට බහින්නට වන තරමට ඔහු ජීවිතයෙන් පරාජයට පත් විය. දින ගනන් කුසගින්නේ සිටින්නටත්, මහ පාරේ නිදා ගැනීමටත් සිදුවිය.
අවසානයේ ඔහු මේ තත්වයෙනුත් පහතට ඇද වැටුනේ, තමා සුරතලයට ඇති කෙරූ සුනඛයා පවා විකුනන්නට හිත හදා ගැනීමට වන තරම් ඔහු දුප්පත් වීමෙනි. ඇතැම් විට මෙම තත්වය විද දරා ගැනීමට පවා ඔහුට නොහැකි වූ අවස්ථාවල Stallone හඩමින් පාර දිගේ ඇවිද ගියේය. නමුත් මේ කිසිවක් හමුවේ ඔහු රංගන ශිල්පියෙකු වීමේ සිහිනය අත හරින්නට සුදානම් වුනේ නැත.
ඔහුව කවුරුන්වත් නිර්මාණයකට දායක කර ගන්නේ නැත්නම් තමාගේ නිර්මාණයක් තුලින් හෝ තමා ජය ගත යුතු බව ඔහු සිහියට ගත්තේය. ඒ සිතුවිල්ලත් සමග ඔහු ලොව ඉතාමත් ජනප්‍රිය වූ Rocky චිත්‍රපටයේ කථාව ලියන්නට පටන් ගත්තේය. එය චිත්‍රපට සමාගම් වලට ලබා දුන් පසු එය හොද මිලකට මිලදී ගැනීමට බොහෝ දෙනෙකු ඉදිරිපත් විය. නමුත් Stallone ගේ ඉල්ලීම වූයේ තමාට එහි ප්‍රදාන චරිතයද රගපෑමට අවශ්‍ය බවය. අවසානයේ චිත්‍රපට සමාගම් ඔහුට එම අවස්ථාව ලබා දීමටත් ඉතා අඩු මුදලක් පිටපතට ගෙවීමටත් එකග විය. පිටපතට ඉතා අඩු මුදලක් ලැබුනත් ඔහුට තම සිහිනය වෙත යාමට මාර්ගය ඒ හරහා පෑදෙන බව දුටු Stallone එයට කැමති විය.
මේ සියල්ල අවසානයේ Rocky චිත්‍රපටය ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම චිත්‍රපට අතරට එක් විය. Sylvester Stallone ලොව බිහිවූ සුපිරිතම රංගන ශිල්පීන් අතරට එකතු විය.
ජීවිතයේ කොපමන බාදක ඇති වුවත් ඒ කිසිවක් හමුවේ ඔබගේ සිහින හෝ ඉලක්ක අත් නොහරින්න. ඔබ බලාපොරොත්තුවන සාර්ථකත්වය ඔබට හිමි නොවේනම් ,එය ඔබ තුලින්ම ගොඩනගන්න.
මෙවැනි Blog සටහන් දිනපතා උදෑසන ලබා ගන්න, ඔබගේ Dialog , Hutch හෝ Airtel දුරකතනයෙන් Reg හිස්තැනක් Achiever ලෙස සදහන් කර 77000ට SMS කරන්න | දිනකට රු.2.50 හා රජයේ බදු ගාස්තු අයවේ
Comments