top of page

ඔබේ ජීවිත කතාවේ ලස්සනම කොටස තමයි ඔබ අමාරුවෙන් ජීවිතය ජයගන්න හදන කොටස!

Updated: Mar 29, 2020


ree

සාර්ථක වෙන එක ලේසි දෙයක් නම් හැම තැනම ඉන්න ඕනේ සාර්ථක වෙච්ච මිනිස්සු. මොකද මේ ලෝකයේ කිසිම මිනිසෙක් සාර්ථක වෙනවා හැරෙන්නට , අසාර්ථක , දුක් සහිත ජීවිතයක් ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. එහෙම බලාපොරොත්තු වුනාට හැමෝටම සාර්ථක වෙන්න බැරි ඇත්තටම සාර්ථක වෙන එක අමාරු දෙයක් නිසා තමයි. හැබැයි සාර්ථක වෙන්න අමාරුයි කියන්නේ සාර්ථක වෙන්න බැ කියන එකනම් නෙමේ.


ඒ වගේම ඒ අමාරු කම් ඇතුලේ තමයි සාර්ථකත්වයට තියෙන වටිනාකම වගේම ජීවිතයේ තියෙන සුන්දරත්වය නිර්මාණය වන්නේත්, නිකමට හිතලා බලන්න, ඔබ සාර්ථක වුන දවසක ඔබට උජාරුවෙන් යුතුව මතක් කරන්න තියෙන්නේ, ලේසියෙන් ලබාගත්ත දේවල් ගැනද? නැත්නම් අමාරුවෙන් කට්ටක් කාලා ලගා කරගත්ත දේවල් ගැනද?


සාර්ථක මිනිසෙක්ගේ ජීවිත කතාවේ තියෙන සුන්දරම කොටස තමයි , අමාරුවෙන් ජීවිතේ ජයගන්න උත්සාහ කරන කොටස. එහෙම කොටසක් නැත්නම් ඇත්තමට ඒ ජීවිත කතාවේ කිසිම රසයක් නැති වෙනවා. හරියට ගල්පර , විවිද බාදක අතරින් ගලන ගගක් ලස්සන වෙනවා වගේ!


විශාල බෑවුම් තමයි ලස්සනම දිය ඇලි නිර්මාණය කරන්නේ, අන්න ඒ වගේ ඔබේ ජීවිතයේත් අමාරුම කාල තමයි, ජීවිතේ සුන්දරම මතකයන් නිර්මානය කරන්නේ.


මේ නිසා කිසිම දවසක ජීවිතේ විදින දුක් ගැහැට ගැන දුක් වෙන්න එපා. ඒ ඔබ නිර්මාණය කරන්නේ ඔබේ ජීවිත කතාවේ රසවත්ම කොටස. ඒ කොටස රසවත් අයුරින් ඉවර කරලා, සාර්ථකත්වයේ කොටස ගොඩනගන්න පටන් ගන්න! ඔබ එහෙම කලොත් කවදා හරි ඔබේ ජීවිත කතාවත් ඉතාම රසවත් එකක් වෙයි!


සටහන මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර

ඔබ සිහින දකින ඕනෑම ආකාරයක අරමුණක් ප්‍රායෝගික ජීවිතය තුල ලගා කරගන්නේ කොහොමද? ඒ වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න, ඉතා සරලව, ප්‍රායෝගික මට්ටමකින් ඉගෙන ගන්න. "ජීවිතය දිනන ප්‍රායෝගික මග " PDF eBook එක පහතින් Download කර ගන්න.


ree

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page