මිනිසෙක්ගේ ජීවිතේ සාර්ථකත්වය වගේම අසාර්ථකත්වය ඇති වෙන්නෙත් යම්කිසි හේතුවක් ඇතුව. මේ ලෝකයේ කිසිම දෙයක් හේතුවක් නැතිව සිදුවන්නේ නෑ, ඒ නිසා ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගෙන සාර්ථකත්වය කරා ගෙනියන්න අවශ්‍යනම් ඔබ මුලින්ම,
1. තමන් අසාර්ථක ඇයි?
2. සාර්ථක වෙන්න තමන් කල යුත්තේ කුමක්ද?
යන කාරනා දෙක පිලිබදව නිවරැදිව තේරුම්ගත යුතු වෙනවා.
තමන් අසාර්ථක වෙන්න හේතු ඉගෙන ගන්න කලින් මදක් පහත තියෙන ප්‍රශ්ණ වලට ඔබේ පිලිතුර පැහැදිලිව කොලයක සටහන් කරගෙන ඉදිරියට ලිපිය කියවන්න. එය නිශ්චිතවම ඔබ අසාර්ථක වෙන්න තිබෙන ප්‍රධානම හේතු ටික ප්‍රායෝගික මට්ටමකින්ම තේරුම් ගන්න ඔබට උපකාරී වේවි.
1. ඔබ සාර්ථකත්වයට පත්වෙන නිශ්චිත දිනයක් පිලිබදව යම් අදහසක් ඔබ සතුව තිබෙනවාද? යම්කිසි නිශ්ඡිත දිනයකින් පසු තමන් සිහින දකින සාර්ථක ජීවිතය ගත කල හැකි බවට ඔබ තුල විශ්වාසයක් තිබෙනවාද?
2. ඔබ ඊයේ දිනය අවසන් කර නින්දට යන මොහොතේදී ඔබ ඔබේ සාර්ථකත්වයට කොයි තරම් ලං වී තෙබෙනවාද?, තව කොතරම් දුරක් ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් යා යුතුව තිබෙනවාද යන්න ගැන ඔබට පැහැදිලි අවබෝධයක් තිබුනාද?
3. ඔබ අද උදෑසන අවදි වුනේ ඔබේ සාර්ථකත්වය වෙත යාමටනම් ඔබ අද දවස ඇතුලත නිශ්චිතවම කල යුතු දේ දැනගෙනද?
පළමු ප්‍රශ්ණයට ඔබේ පිලිතුර නෑ යන්නනම්, එහි අදහස ඔබ තවමත් නිවරැදිව ඉලක්ක පිහිටුවීමට නොදන්නා බවයි, ඔබ තවමත් සිටින්නේ කවදා හෝ කොහොම හරි සාර්ථක වනවා යන බලාපොරොත්තුවෙන් මිස ඉලක්කයක් සහිතව නොවන බවයි. ඔබ තවමත් සාර්ථකත්වය ගැන සිහින දකිනවා මිස ප්‍රායෝගිකව ඔබේ ඉලක්ක ලගා කරගැනීම පිනිස නිශ්චිත ඉලක්කයක් සහිතව, නිශ්චිත සැලැස්මකට අනුගත වී නැති බවයි.
දෙවන හා තුන්වන ප්‍රශ්ණ වලට ඔබේ පිලිතුර නෑ යන්නනම් එහි අදහස ඔබ තවමත් ක්‍රියාත්මක වන්නේ සැලැස්මකට අනුව නොවන බවයි. ඔබ ඔබේ සාර්ථකත්වය ලගා කරගැනීම වෙනුවෙන් අරමුණක් ඇතුව සැලැස්මකට අනුව ගමන් නොකරයි. ඒ නිසා ඔබට ඔබ සැලැස්මේ සිටින්නේ කොතැනද, ඔබ කොතරම් සාර්ථකද? කොතරම් අසාර්ථකද යන්න පිලිබ්දව අවබෝධයක් නැත, එමෙන්ම ඔබ දවසක් අරබන්නේ යම් ඉලක්කයක් අරමුණු කරගෙන, එය ලගා කරගත යුතුය යන චේතනාවෙන් නොවේ, ඔබට කල යුත්තේ කුමක්ද, අද දවස තුල නිවරැදිව දවස කලමණාකරනය කර ගත්තොත් ඔබ කොතරම් සාර්ථකත්වයට ලං වෙනවාද යන්න ගැන ඔබට අවබෝධයක් නැත.
යමෙකුට ප්‍රායෝගිකව සාර්ථක වෙන්න අවශ්‍යනම් ඔහු හෝ ඇයට නිශ්චිතවම තමන් ලගා කරගන්න බලාපොරොත්තුවන ජීවිතය කුමන ආකාරයේ එකක්ද? එය වෙනුවෙන් ගමන් කල යුතු මාර්ගය කුමක්ද? කොපමන කාලයක් ඇතුලත තමන්ට සර්ථකත්වය තහවුරු කර ගත හැකිද යන්න පිලිබද පැහැදිලි අවබෝධයක් හා සැලැස්මක් තිබිය යුතුය. එසේ නොවන්නට එය ප්‍රායෝගිකව ලගා කරගැනීම ඉතා අපහසුය.
මේ ලෝකයේ සිටින දක්ෂතම ගෘහ නිරමාණකරුවා වුවත්, ගෙයක් හදන්නට කලින් සැලැස්මක් සකසයි. වැඩ ආරම්භ කරන්නේ ඉන් පසුවයි. එසේ නොවනන්ට ඔබ කොතරම් දක්ෂයෙක් වුවත් ඔබට පැහැදිලි ගමනක් යන්නට ලැබෙන්නේ නැත. නමුත් ඔබට සැලැස්මක් තිබෙනවානම් ඔබ කොතරම් සාර්ථකද, අසාර්ථකද, සිතූ ආකාරයෙන්ම සියල්ල සිදුවෙනවාද, අඩුපාඩු , වැරදීම් මොනවාද යන සියල්ල ගැන අවබෝධයක් ඇතුව ඔබේ ගමන යන්නට හැකියාව ලැබේ.
ඉලක්ක හා සැලසුම් රහිත ජීවතයක් ගෙවන පුද්ගලයාගේ සාර්ථකත්වයේ ගමන හරියට කිසිම එලියක් නැතුව කලුවරේ යන ගමනක් වැනිය. ඔහු කරන්නේ සෑම විටම ඔහුගේ සිතට හරියයි හැගෙන දේය. ඔහුට තම ගමනේ අවසානයවත්, යා යුතු මාර්ගයවත් නොපෙනෙයි. ඔහු තම සාර්ථකත්වයේ ගමනේ තමන් කොතරම් දුරක් පැමන තිබෙනවාද, තව කොතරම් දුරක් යන්නට තිබෙනවාද? ඉදිරියේ කුමන ආකාරයේ බාධක ගැටලු ඇතිවිය හැකිද? යන ආදී කාරණා ගැන කිසිම අවබෝධයක් නැතිව ඉදිරියට ගමන් කරයි. හිතෙන හිතෙන පැත්තට යමින්, සිතෙන සිතෙන දේ කරමින් තමන්ට සාර්ථක විය හැකිද යන්න සොයා බලයි. නිකරුනේ අනවශ්‍ය දේවල් කරමින් විශාල කාලයක් කා දමයි. ඉතා ලේසියෙක් ජයගත හැකි ඉලක්ක ජයගැනීමට පවා අනවශ්‍ය ලෙස වෙහෙසෙයි, අනවශ්‍ය කාලයක් ගනියි. අවසානයේ 99% දෙනා කිසිවක් ලගා කර නොගෙන අසාර්ථක මිනිසෙකු ලෙස ජීවිතය නිමා කරයි.
සැලැස්මක් නැති මිනිසාට සාර්ථක වෙන්න වාසනාව අවශ්‍ය වේ. මොකද ඔහුට හරියන්න තිබෙන අවස්ථාවට වඩා වරදින්න තියෙන අවස්ථාවන් ඉතා වැඩිය, නමුත් ඉලක්ක සහිත සැලසුම් සහගත මිනිසාට වාසනාවක් අවශ්‍ය නැත. ඔහුට තමන් පටන් ගත් තැන සිට අවසානය දක්වාම ඔහුගේ ගමන පිලිබද අවබෝධයක් ඇත. වැරදීමක් සිදුවුනත් ඔහුට එය හදුනා ගන්නටත් , ඉක්මනින් නිවරැදි කරගන්නටත් හැකියාව ඇත. ඉදිරියට එන බාදාවන් ගැටලු ගැන අවබෝධයක් ඇති නිසා එයට සූදානම් වීමට හැකියාවක් ඇත.
මේ නිසා ඔබ තවමත් අසාර්ථකනම් එයට ඇති එකම හේතුව වන්නේ ඔබ සතුව නිවරැදි ඉලක්ක, හා ඉලක්ක වෙනුවෙන් ගමන් කිරීමට නිශ්චිත සැලසුම් නොමැති කමයි. ඔබ මේ ටික නිවරැදිව ස්ථාපණය කරනවානම් , ඔබට මීලගට ඇත්තේ ඉලක්ක කරා යාමට අවශ්‍ය මානසික ශක්තිය ඇතිකරගැනීමත්, ක්‍රියාත්මක වීමේදී අවශ්‍ය විනය, සැලසුමකට අනුගත වීමේ හැකියාව යන දේවල් පවත්වා ගැනීම පමණකි. එය ඔබ සිතනවාටත් වඩා ඉතා පහසු දේවල්ය. අනෙක් අතට ඔබ නිශ්චිත ඉලක්ක හා සැලසුම් සමග ක්‍රියාත්මක වනවානම් එයත් සමග නිරායාසයෙන්ම ඔබේ මානසික ශක්තීන්, ආකල්ප , විනය ආදී බොහෝ ධනාත්මක දේ ඔබ තුල වර්ධනය වීමට පටන් ගනී. ( සරල ඉලක්ක පිහිටුවීමක් තුලින් පමණක් කොතරම් දුරට ඔබේ සිතුවිලි රටාව සුලු කාලයක් තුල වෙනස් කරනවාද යන්න පිලිබද අප කලින් ලිපි කීපයක්ම ඉදිරිපත් කර ඇත.)
ඔබට ප්‍රායෝගිකව සාර්ථක වෙන්න අවශ්‍යනම්, ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍යනම් ඔබ මුලින්ම කල යුතු එකම දේ වන්නේ ඔබේ ගමන මොහොතකට නවතා, නිවරැදි ඉලක්ක හා සැලසුම් ස්ථාපනය කර නිශ්චිත ප්‍රායෝගික ගමනක් යාමට පටන් ගැනීමයි. නිශ්චිතවම ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නේද, සාර්ථකත්වයේ රහස බවට පත්වන්නේද එයයි. එසේ නොවන්නට ඔබට අදත් හෙටත්, ඉදිරියටත් ඔබේ සාර්ථකත්වයේ ගමන යන්නට වන්නේ තමන් පටන්ගත් තැන, සිටින තැන, ගමන් කරන තැන යන කිසිවක් අවබෝධයක් නැති , යන මාර්ගය පිලිබද අවබෝධයක් නැතිව කලුවරේ කිසිම එලියක් නැතුව ගමන් කරන මිනිසෙකු ආකාරයෙන්ය.
මේ පිලිබද පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ඔබේ ජීවිතයේ ඕනෑම අරමුණක් වෙනුවෙන්, ඉලක්කයක් පිහිටුවා ගැනීම, නිශ්චිත, නිවරැදි සැලැස්මක් ඇතිකර ගැනීම, මනස, ආකල්ප, විනය ඇතුලු අනෙකුත් සාදක ඇතිකරගැනීම පිනිස ලොව සාර්ථක වූ මිනිසුන් ප්‍රායෝගිකව භාවිතා කල ප්‍රබල ප්‍රායෝගික ශිල්ප ක්‍රම , පියවර වශයෙන් පිලිවෙලට ඇතුලත් " ජීවිතය දිනන ප්‍රායෝගික මග " පහතින් Download කරගන්න. ( ඔබ ප්‍රායෝගික ජීවිතය තුල ක්‍රියාත්මක විය යුතු ආකාරය පියවර වශයෙන්, ප්‍රායෝගික අභ්‍යාස හා උදාහරණ සහිතව මෙහි ඇතුලත් වේ )
* ඉලක්ක පිහිටුවීම අත්පොත ( පිටු 115යි ).
* වැඩපත්‍රිකා තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම වෙනුවෙන් වන, ඉලක්ක සැකසීමේ පත්‍රිකා , සැලසුම් සැකසීමේ පත්‍රිකා හා දින සැලසුම් පත්‍රිකා සහිතයි.
* මෙය ප්‍රායෝගික සාර්ථකත්වය අරමුණු කරගත් පොතක් බැවින්. පොත ලබාගන්න සෑම කෙනෙකුටම කෘතිය තුල අපහැදිලි කරුනක් හෝ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී යම් ඇතිවන ගැටලු වෙතොත් ඒ සම්බන්දයෙන්, බාගත( Download ) කිරීමට අදාල යොමු අංකය ( Reference Number ) සමග Email පනිවිඩයක් හෝ Facebook පනිවිඩයක් එවීමෙන් මානව හැකියා හා පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර මහතාගෙන් නොමිලේ උපදෙස් ලබා ගත හැකිය.
Kommentare