top of page

අලුත් අවුරුද්ද මෙහෙම පටන් අරගෙන අවුරුද්දම අසාර්ථක කරගන්න එපා

Updated: Dec 31, 2019


ජීවිතේ ජයගන්න හිතාගෙන ඉදිරියට යන්න හදන හැම කෙනෙක්ගේ අතින්ම වැරදි කියන දේවල් සිදුවෙනවා, ඒක සාමාන්‍ය දෙයක්, නමුත් ඒ වැරදි ඉක්මනින්ම හදුනාගෙන ඒවා නිවරැදි කරගන්න ඔබට බැරි වුනොත් එය ඔබේ සාර්ථකත්වය අසාර්ථකත්වයක් බවට පෙරලන්න අනිවාර්යයෙන්ම බලපානවා.


මෙන්න මේ නිසා අද අපි මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ මේ ආකාරයෙන් අපි බොහෝ දෙනෙක් අවුරුද්ද පටන් ගන්නකොට කරන වැරදි ටිකක් ගැන. ඔබත් මේ වෙනකොට ඔබේ නව වසර පටන් අරන් තියෙන්නේ මේ ආකාරයෙන් නම් හැකි ඉක්මනින් අදම තමන් කරපු වරද හදා ගන්න, එහෙම නැති වුනොත් ඔයා දන්නෙම නැතුව මේ අවුරුද්දත් අසාර්ථකත්වය සමග ඉබේම ගෙවිලා යයි.


වරද 1 - හීන එක්ක වසර ආරම්භ කිරීම

සමහර වෙලාවට ඔබට හිතෙයි මේක කොහොමද වරදක් වෙන්නේ කියලා, කෙනෙක් සාර්ථකත්වය ගැන සිහිනයක් හිතේ තියාගෙන අවුරුද්ද පටන් ගන්නවානම් කොච්චර හොදද කියලා ! නමුත් ඔබ දන්නවද ඔබේ නව වසර අසාර්ථක වෙන්න තියෙන ලොකුම හේතුවත් වෙන්නේ මේක බව?


සිහිනයක් කියන්නේ හොද දෙයක් වුනාට , සිහිනයක් කිසිම වෙලාවක ඔබව ප්‍රායෝගික සාර්තකත්වයක් වෙනුවෙන් දිරි ගන්වන්නේ නෑ, එය කරන්නේ මානසික අභිප්‍රේරණයක් ලබා දෙන එක විතරයි. මේ නිසා ඔබට ඇත්තටම මේ වසරේ සාර්ථක වෙන්න ඕනේ නම් ඔබ සිහින අතහැරලා ඉලක්ක ඔබේ ජීවිතයට ලංකර ගන්න ඕනේ.


ඉලක්කයක් කියන්නේ සිහිනයකට වඩා වෙනස් දෙයක් බව අපි කලින් පැහැදිලි කරලා තියෙනවා, ඔබ තවමත් සිහිනයක් ඉලක්කයක් අතර තියෙන වෙනස හා එය මානසික වශයෙන් ඔබට කරන බලපෑම කොතරම්ද යන්න දන්නේ නැත්නම් මෙතැන click කරලා අපි කලින් ඉදිරිපත් කල ඉලක්ක සම්බන්ද ලිපිය කියවන්න.


වරද 2 - ලිඛිත සැලැස්මක් නැති වීම

ඔබ වසර ආරම්භ කලේ ඔබේ අරමුණු වෙත යන්න සකස් කල ලිඛිත සැලැස්මක් නැතුවනම් , ඒ කියන්නේ ඔබට ඔබ ඉදිරි දින ගත කරන්න ඕනේ කොහොමද කියන දේ ගැන හරි අවබෝධයක් නෑ. ඔබට ඔබේ සාර්ථකත්වය වෙත ලගා වෙන්න අද මොනවද කරන්න ඕනේ හෙට මොනවද කරන්න ඕනේ, මේ මාසය ඉවර වෙනකොට මොන වගේ සාර්ථකත්වයක් වෙත ලගා වෙලා තියෙන්න ඕනේද කියන දේ ගැන ඔබට හරි අවබෝධයක් නෑ. ඒ කියන්නේ ඔබ හිතෙන හිතෙන දේ කර කර සාර්ථක වෙන්න උත්සාහ කරන කෙනෙක් මිස, නිශ්චිත සැලසුමකට අනුව, කල යුතු දේ කල යුතු වෙලාවට කරන කෙනෙක් නෙමේ.


කල යුතු දේ කල යුතු වෙලාවට නොකර , මොනවා හරි දෙයක් කලාට සාර්ථක වෙන්න බෑ කියන දේ ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, ඒ නිසා ඔබට මේ මොහොත වෙන විට මේ වසරේ දින 365 ගෙවන ආකාරය ගැන, ඒ ආකාරයෙන් ගෙවලා තමන් බලාපොරොත්තු වෙන සාර්ථකත්වය වෙත ලගා වෙන හැටි ගැන , ලිඛිත නිශ්චිත සැලැස්මක් නැත්නම් ඔබ ඒ හරහාම ඔබට සාර්තක වෙන්න තියෙන හැකියාවෙන් 80%ක්ම වගේ නැතිකරගෙන අවසන්.


ඔබ අහබුවකින් යම් සාර්ථකත්වයක් ලගා කරගත්තොත් මිසක්, ඔබට සැලැස්මක් නැතුව පැහැදිලි නිශ්චිත ගමනක් යන්න හැකියාවක් ඇත්තේ නෑ.


වරද 3 - නව වසර කාලයේ වෙනසක් ලෙස විතරක් සැලකීම

නව වසර සමරනවා වෙනුවට , එය හුදෙක් කාලයේ වෙනසක් ලෙස පමනක් සලකා පරන විදිහටම ජීවත් වෙන්න උත්සාහ කිරීම තමයි මීලගට බොහෝ දෙනෙක් කරන වරද! අපේ සාර්ථකත්වයෙන් 80%කටම බලපෑම් කරන්නේ අපේ මනස. මේ නිසා නව වසරක් කියන්නේ පරණ දේවල් අමතක කරලා ආයෙත් අලුතෙන් පටන් ගන්න, අලුත්න් හිතන්න අපිට ස්වභාව ධර්මය විසින් ලබා දෙන අවස්ථාවක්. එහෙම වෙලාවක ඒ දේ ගනන් නොගෙන පරණ ඍණාත්මක සිතුවිලි සමගම, කිසිම සුවිශේෂී බවක් නැතුව පරන විදිහටම ඉන්නවානම් එය ඇත්තටම මෝඩ කමක්.


මේ නිසා පරණ දේවල් අමතක කරලා ආයෙත් අලුතින් ජීවිතේ පටන් ගන්න එක තමයි සාර්ථක වෙන පුද්ගලයන් විදිහට, සාර්ථකත්වය සොයන පුද්ගලයන් විදිහට අපි කල යුතු මීලග දේ.


ඔබට ඔබේ සාර්ථකත්වය ගැන ඇත්තේ සිහිනයක්ද? නැත්නම් ඉලක්කයක් හා සැලැස්මක්ද? ඔබේ නව වසර සාර්ථක නව වසරක් කරගන්න , නිවරැදිව ඉලක්ක පිහිටුවමින් සැලැස්මක් සකසන හැටි , පියවර වශයෙන් ඉගෙන ගන්න.


367 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page