top of page
Writer's pictureChathuska Amarasekara

අභියෝග බාර ගන්න තියෙන බය නැතිකර ගන්න සරල මනෝවිද්‍යාත්මක පියවර 2ක්.


සාමාන්‍යයෙන් අපිට යම් අභියෝගයක් බාර ගන්නකොට, අලුත් පියවරක් ඉදිරියට තබන්න යනකොට බය ඇතිවෙන්නේ කාරනා 2ක් උඩ, ඒ තමයි,


1. මේ දේ සාර්තක කරගන්න තමන්ට පුලුවන් වෙයිද කියන සැකය,

2. යම් විදිහකින් අසාර්ථක වුනොත් ඒ සමග ඇතිවෙන ප්‍රතිඵල වලට මුහුණ දෙන්න තියෙන බය.


මේ ලෝකයේ ඕනෑම කෙනෙක්ට මෙන්න මේ කාරනා 2ක නැතිකර ගන්න පුලුවන්නම් ජීවිතේ ඉදිරියට තබන ඕනෑම පියවරක් බය නැතුව ඉදිරියට තබන්න පුලුවන් හැකියාව ඒ පුද්ගලයා තුල ගොඩනැගෙනවා.


මෙන්න මේ විදිහට සාර්තක වෙයිද නැද්ද කියන සැකය හා අසාර්තකත්වය ගැන තියෙන බිය නැතිකරගන්න එදිනෙදා ජීවිතය තුල ඔබට භාවිතා කරන්න පුලුවන් සරල පිය්වර 2ක් ගැන තමයි අද ලිපියෙන් මම ඔබට ඉදිරිපත් කරන්නේ.


පියවර 1 - අසාර්ථක වෙනවාට වඩා සාර්තක වුනොත් ලැබෙන ප්‍රතිඵල ගැන වැඩියෙන් හිතන්න.


ඔබට මේ විදිහට ඉදිරියට අලුත් පියවරක් තියන්න, අභියෝගයක් බාර ගන්න වුන අවස්තාවක බයක් ඇතිවුනොත් මුලින්ම අසාර්තක වීම කියන දේ ගැන පොඩ්ඩක් අමතක කරලා සාර්ථක වුනොත් මොනවා වෙයිද කියලා හිතන්න පටන් ගන්න. සාර්තකත්වය හරහා ඔබට ලැබෙන ප්‍රතිලාභ ගැන හිතන්න.


පියවර 2 - අසාර්ථක වුනොත් ආයේ නැගිටින හැටි ගැන හිතන්න


ඔබ 100% අසාර්තක වුනොත් ආයේ නැගිටලා, යථා තත්වයට පත්වෙන්න කරන්න පුලුවන් දේවල් ගැන හිතන්න.


අසාර්ථකත්වය ගැන අමතක කරලා සාර්ථකත්වයේ ප්‍රතිඵල ගැන සිතන එක හැම වෙලාවෙම ඔබට ඉදිරියට යන්න තියෙන ආසාව, කැමැත්ත වැඩි කරනවා. ඒ හරහා මොනවා කරලා හරි මේ දේ ලබා ගන්න ඕනේ කියන සිතුවිලි රටාව ඔබ තුල වර්ධනය වෙනවා.


මීලගට අසාර්තක වුනත් ආයේ නැගිටින්න ක්‍රමයක් තියෙනවා කියලා තේරුම් ගැනීම ඔබට මේ දේ උත්සාහ කරලා බලන්න අවශ්‍ය කරන ආත්ම ශක්තිය ඔබ තුල වර්ධනය කරනවා.


යම් අභියෝගයකට මුහුන දෙනකොට මෙන්න මේ විදිහට හිතලා අසාර්තක වීමේ ප්‍රතිඵල ගැනම අරමුනු ගත වෙන මනස වෙනත් අතකට හරවා ගත්තොත් ඔබට හිතනවාටත් වඩා ලේසියෙන් ඉදිරියට යන්න, අලුත් දේවල් අත්හදා බලන්න ඔබට පුලුවන්කම ලැබෙනවා.


සටහන : මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර

 

දිනපතා සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය වෙන විවිද මනෝවිද්‍යාත්මක ක්‍රමශිල්ප හා කළමණාකරණ ක්‍රම ශිල්ප ගැන ලියවුන ලිපි ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයට ලබා ගන්න, ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකථනයෙන් REG හිස්තැනක් LOAT ලෙස සදහන් කර 77000ට SMS පණිවිඩයක් යොමු කරන්න.


දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදුගාස්තු පමණයි.




634 views

Comentarios

Obtuvo 0 de 5 estrellas.
Aún no hay calificaciones

Agrega una calificación
bottom of page