top of page
Writer's pictureChathuska Amarasekara

අදින්න ඇදුම් නැති නිසා ගෝනියකින් ගවුමක් මහගත්තා.. අද ඇය බිලියනපතිනියක්

Updated: Aug 14, 2019



Oprah Winfrey කියන්නේ මේ ලෝකයේ මෙතෙක් බිහිවුනු මිනිසුන්ගේ ආදරය ගෞරවයට පාත්‍ර වුන ජීවිතයේ සෑම අංශයකින්ම වගේ සුවිශාල සාර්ථකත්වයක් හිමිකරගත්, ඇමරිකාවේ ධනවත්ම කාන්තාවන් ගෙන් එක්කෙනෙක්.


අද Oprah Winfrey මෙතැන හිටියට ඔප්‍රා කියන්නේ තමන්ගේ කුඩා කාලයේදී මවු පිය සෙනෙසහවත් හරියට ලබන්න බැරිවුන කෙනෙක්. ඒ වගේම ඉතාමත් දුශ්කර ළමා කාලයක් ගෙවපු කෙනෙක්. Oprah Winfreyට අඩුම තරමේ ගවුමක් අරන් දෙන්නවත් ඔප්‍රාගේ පවුලේ අයට මුදල් තිබුනේ නෑ. මේ නිසා Oprah ඇන්දේ විසිකරන ගෝනියක් කපලා මහපු ගවුමක්. මේ දුප්පත් කමයි, ඇය කළු ජාතිකයෙක් වීම වගේ ගැටළු නිසා Oprahට කුඩා කාලයේ ඉදලම තමන් ගැන ආඩම්බර වෙන්න පුලුවන් තත්වයක්වත්, ඇසුරු කරන්න යාලුවෝ ටිකක්වත් හිටියේ නෑ.


ටික ටික ලොකු වෙනකොට Oprahගේ ජීවිතේ තියෙන ප්‍රශ්ණ එන්න එන්නම වැඩි වුනා. ඇයට කීප සැරයක්ම පවුලේ හිතවතුන්ගෙන්ම අතවර වුනා.. අවසන් ප්‍රථිඵලය වුනේ අවුරුදු 14දී ඇය ගැබනියක් වීම. අනුන් කරපු වැරදි වලට ඇයට වන්දි ගෙවන්න වුනා පුංචි කාලේදීම. අන්තිමට ඇය මේ කරදර මැද්දේ එක ප්‍රබල තීරනයක් ගත්තා. ඒ තමයි මගේ ජීවිතේ අදින් පස්සේ කාටවත් වෙනස් කරන්න දෙන්නේ නෑ, මම මගේ ජීවිතේ ඉහලම සාර්ථකත්වයක් කරා ගෙනියනවා කියලා.


ඇය හිතුවා ඇගේ කුසේ ඉන්න දරුවාවත් ඇය හදා ගන්නවා කියලා. නමුත් ඒ දරුවා බිහි වෙලා ටික දවසකින් මිය ගියා. නමුත් මේ කිසිම දේකින් දුක් නොවී ඇය ජීවිතේ වෙනස් කරගන්න ගත්ත දැඩි තීරනේ පොඩ්ඩක් වත් වෙනස් නොකර ඉදිරියට යන්න පුලුවන් හැම දේම කරන්න පටන් ගත්තා. ඇයගේ ආසාව වුනේ රූපවාහිනී නිවේදිකාවක් වෙන එක. ඇය ඒ වෙනුවෙන් ලොකු උත්සාහයක් ගත්තත් හැම අවස්ථාවකම ඇයව ප්‍රතික්ෂේප වුනා... නමුත් ඇය එක මොහොතකටවත් පරාජය බාර ගන්න කැමති වුනේ නෑ. නැවත නැවත් උත්සාහ කලා. ලැබුන සුළු අවස්ථාව පවා ප්‍රයෝජනයට ගත්තා... කාලයක් යනකොට ඇයට මිනිස්සු ආදරය කරන්න පටන් ගත්තා. රූපවාහිනී නාලිකා වලට ඇය නැතුව බැරි චරිතයක් වුනා. කාලයක් යනකොට රූපවාහිනී නාලිකා වලට ඇය සිටීම විශාල ගෞරවයක් වන තැනටම පත් වුනා.


අද ඔබ කුමන දුක් වේදනා වින්දත්, ඔබ ඒ දුක් වේදනා විදගෙන ඉදිරියට යන්න හදනවානම්, ඒ දුක් වේදනා ඔබේ ජීවිත කතාවටත් විශාල අගයක් එකතු කරන දේයක් වේවි. ඒ වගේම ඔබට පුලුවන්නම් ඔබේ ජීවිතය වෙනස් කර ගන්නවා යන්න දැඩි ශක්තිමත්, ස්ථිර සිදුවිල්ලක් කරගන්න ඔබට ලේසියෙන්ම ඔබේ සියලුම දුක්ගැහැට බිදගෙන ඉදිරියටම යන්න හැකි වේවි.


ලොව ජයගත් සැබෑ චරිත ගැන සැකසුනු මෙවැනි ධනාත්මක ලිපි දිනපතා ලබා ගන්න, ඔබගේ Dialog , Hutch හෝ Airtel දුරකතනයෙන් REG හිස්තැනක් ACHIEVER ලෙස සදහන් කර 77000ට SMS කරන්න.


දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදු ගාස්තු පමණයි

400 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page