BY CHATHUSKA AMARASEKARA
Yes I Can - Positive Thinking Workshop (1)
Mon, Aug 12
|South Asia Partnership Sri Lanka (SAPSRI
Time & Location
Aug 12, 2019, 9:00 AM – 1:00 PM
South Asia Partnership Sri Lanka (SAPSRI, 1175/2 Lake Crescent, Kotte Rd, Sri Jayawardenepura Kotte 10107, Sri Lanka
About the event
ඔබට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ නැද්ද?, හැමදාම ජීවිතේ එකම තැනද?, ජීවිතයට අලුත් ආරම්භයක් අවශ්‍යද? , අලුත් මිනිසෙක් ලෙස ජීවිතේ දැක්මක්, අරමුණක් සහිතව උද්‍යෝගිමත්, පහසුවෙන් , ඕනෑම අභියෝගයක් ධනාත්මකව ජය ගනිමින් සාර්ථකත්වය හබා යා හැකි සක්‍රීය පෞර්ශයක් සහිත මිනිසෙක් ලෙස ඔබව වෙනස් කර ගන්න කැමතිද?
ඍණාත්මක බව, අවිනිශ්චිත බව, අසාර්ථකත්වය වෙනුවට, ජවයකින් යුත්, ප්‍රීතිමත් සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න , අලුත් මිනිසෙක් ලෙස ජීවිතය වෙනස් කර ගන්න ඔබට අවශ්‍යද?
එසේ නම් "Yes I Can - ඕව් මට පුලුවන්!" ධනාත්මක චින්තන වැඩමුලුව එසේ ජීවිතයේ වෙනසක් සොයන ඔබ වෙනුවෙන්.
අන්තර්ගතය.
* ජීවිතයට වෙනස් නොවන දැක්මක් ඇතිකර ගන්න හැටි.
* නිශ්චිත ඉලක්ක සහිත මිනිසෙක් වෙන හැටි
* ඍණාත්මක ආකල්ප වලින් මිදී නොනැවතී සාර්ථකත්වය හබා යන මිනිසෙක් වෙන හැටි.
* උද්‍යෝගිමත්, අභිප්‍රේරණයකින් යුත් මිනිසෙක් වෙන හැටි.
* කාලයෙන් උපරිම ප්‍රයෝජණ ගන්න හැටි
* සක්‍රීය පෞර්ශත්වක් ගොඩනගා ගන්න හැටි.
* සාර්ථකත්වය වෙනුවෙන් යටි සිතේ බලය පාවිච්චි කරන හැටි.
- ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා අභ්‍යාස සහිත එක්දින පුහුණු වැඩසටහනකි.
මෙම වැඩසටහනෙන් ඔබට,
ජීවිතය දෙස අලුත් ආකාරයකින් බලමින්, ධනාත්මක, ශක්තිමත්, උද්‍යෝගයකින් යුතු පුද්ගලයෙක් ලෙසට ඔබේ ඉලක්ක පහසුවෙන් හබා යාමේ හැකියාව ඔබ තුල ප්‍රායෝගිකව වර්ධනයක කර ගනිමින් , අලුත් මිනිසෙක් ලෙස ජීවිතයට , අලුත් ආකාරයකින් ධනාත්මකව මුහුණ දීමේ හැකියාව ලැබේ.
මෙම වැඩසටහන කවුරුන් වෙනුවෙන්ද?
ධනාත්මක මනසක් සමගින් අලුත් මිනිසෙක් ලෙස තම ඉලක්කයන් හබා යාමට අවැසි නමුත් ප්‍රායෝගික ජීවිතය තුල ගැටලු , අභියෝග නිසා ඉදිරියට යන්න නොහැකිව සිටින, ජීවිතයට වෙනසක් අවශ්‍ය, ජීවිතයේ ඕනෑම අංශයකින් සාර්ථක වෙන්න සිහින දකින අවුරුදු 16ට වැඩි ඕනෑම අයෙකුට මේ වෙනුවෙන් සහබාගී විය හැකිය.
මෙහෙයවීම
මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර
පැවැත්වෙන ස්ථානය හා වෙලාව
ජුනි 23 වන ඉරිදා උදෑසන 9 සිට සවස 1 දක්වා.
( ආරක්ෂක හේතූන් මත මෙම වැඩසටහනට සහබාගී වීමේදී ඔබ විසින් පෑනක් /වතුර බෝතලයක් හැරෙන්නට වෙනත් කිසිදු ගමන් මල්ලක් රැගෙන ඒම සපුරා තහනම් වේ. ඔබට වැඩසටහන වෙනුවෙන් අවශ්‍ය වන සියලු දේ අප විසින් ලබා දෙනු ලැබේ.)