top of page

Laser Focus

Sun, Mar 21

|

Zoom Workshop

මනස තුල වන ඒකාග්‍රතාවය (Focus) පවත්වගැනීමේ හැකියාව වැඩිකරගන්නා ආකාරය පිලිබද කෙරෙන ප්‍රායෝගික වැඩමුළුව

Registration is Closed
See other events
Laser Focus
Laser Focus

Time & Location

Mar 21, 2021, 4:00 PM – 6:00 PM

Zoom Workshop

About the event

උපදේශකවරයා විසින් ඉදිරිපත් කරන වැඩසටහන් විස්ථරය 

පෞද්ගලිකව මම මගේ ජීවිතයේ අරමුණු හබා යාමේදී, මම කොතරම් උත්සාහ කලත් මට වෙනස් කර ගැනීමට නොහැකි වුන තත්වයන් කීපයක් තිබුනා, ඒ තමයි, 

මම කොතරම් සැලසුම් සහගතව, මගේ වැඩකටයුතු ආරම්භ කලත්, පැය කීපයක්, ඇතැම් අවස්ථාවල මිනිත්තු කීපයක් යන විට එම සැලසුම් වලින් පිට පැනලා ක්‍රියාත්මක වෙන තත්වයක් මා තුල තිබුනා. 

ඇතැම් විට, මම මේ වැඩේ අද කරනවාමයි කියලා කොතරම් තද සිතුවිල්ලක සිටියත්, , දන්නේම නැතුව, වෙන වෙන වැඩ නිසා, කල යුතු දේ මග හැරෙන ස්වරූපයක් මා තුල තිබුනා. 

ඒ වගේම කොතරම් හොදින් දවස සැලසුම් කලත්, බොහෝ විට දවස අවසානයේ සැලසුම් කල දේවල් වලින් එකක් දෙකක් හැරෙන්නට අනිත් සියල්ල කරන්නට අපහසු වෙන තත්වයක් මා නිරන්තරයෙන්ම අත්වින්දා,

මගේ ජීවිතය වෙනස් කරගන්නට, දැඩි අවශ්‍යතාවයක් තිබුනත්, ඒ වෙනුවෙන් මම මොන තරම් දේවල් අත් හදා බැලුවත්, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේදී සෑම විටම මේ තත්වයන් තුන, මට අවශ්‍ය තත්වයන් වෙත ලගා වීම, සෑම විටම වලක්වන කරුණක් වුනා. 

ඒ වගේම මෙම තත්වයන් වෙනස් කරගන්න බැරි වීම, සෑම විටම මගේ ජීවිතයේ ගැටලු ගුණ කරන හේතුවක් බව කාලයත් සමග මට තේරුම් ගියා. විශේෂයෙන්ම, කල යුතු දේවල් එක පිට එක ගොඩගැසීම, වැඩ වලට සාපේක්ෂව කාලය මදි වීම නිසා වන අධික මානසික පීඩනය, මානසික අවුල් සහගත බව, ජීවිතේ සෑම අංශයක් තුලම සිදුවන පසු බෑම, අසම්පූර්ණ බව, අතෘප්තිය වැනි දේ දවසෙන් දවස වැඩි වෙන බව මට අත්විදින්නට ලැබුනා.

බොහෝ අවස්ථා වල එය ජීවිතේ අතෘප්තිකර බව වැඩි කිරීම නිසා, සැලසුම් සහගතව, ඉලක්ක හබා යමින් ජීවිතය ගොඩනගනවා වෙනුවට, ජීවිතයෙ ඔහේ ගොඩනැගෙන්නට දී, අරමුණකින් තොරව ක්‍රියාත්මක වන ස්වරූපයක් මා තුල නිර්මාණය වෙන්න පටන් ගත්තා. 

නමුත් පසුව ලෝකයේ විවිධ උපදේශකවරුන් සමග සම්බන්ද වීමට පටන් ගැනීමත් සමග, මේ සියල්ලම හේතුව මා තුල වූ එකම එක පුංචි මානසික තත්වයක් ගොඩනගා නොගැනීම බව මට තේරුම් ගියා. 

ඒ තමයි මගේ මනස නිශ්චිත අරමුණක් කෙරෙහි පූර්ණ අවදානයක් සහිතව වැඩි කාලයක් පවත්වාගෙන සිටීමේ හැකියාව මා විසින් ගොඩනගාගෙන නැති බව. 

ගෙයක් හදනවානම්, එහි වැඩියෙන්ම අවදානය යොමු කල යුතු කොටස වෙන්නේ, අත්තිවාරම. අත්තිවාරම ශක්තිමත් නැත්නම්, ගේ මොනතරම් හොදට හැදුවත්, ඒ ගේ කොතරම් ලස්සන වුනත්, ඒක වැඩිකල් යන්න කලින් විනාශ වෙනවා. 

ඒ වගේම තමයි මේකත්, සාර්ථකත්වය ගැන කොතරම් දැනගෙන හිටියත්, කොතරම් සැලසුම්, උපක්‍රම තිබුනත්, මේ හැකියාව නැතුව, සැබෑ ජීවිතයේදී කිසිම දෙයක් කරන්න වෙන්නේ නෑ. 

පසුකාලීනව මම උපදේශකවරයෙක් ලෙස ක්‍රියාකරනකොටත්, මම වැඩියෙන්ම මම ලගට අපු මිනිසුන් තුල දැක්කේ මෙන්න මේ ගැටලුව. බාහිරින් අපි මොන මොන දේවල් කලත්, මේ තත්වය ඇතිකර නොගන්න තෙක් ඔවුන් ජීවිතේ ඔවුන්ට අවශ්‍ය දේ ලැබෙන්නේ ඉතාම හෙමින් බව පසු ගිය වසර කීපය පුරාවටම මිනිසුන් දහස් ගනනකගේ ජීවිත තුල මම දැක්කා. 

නමුත් මේ තත්වය ගොඩනගන එක ලේසි නෑ. යම් කෙනෙක් මේ හැකියාව ගොඩනගා ගැනීම වෙනුවෙන්ම ලොකු කැපවීමක් දරන්න සූදානම් නැත්නම්, ඇත්තටම ඒක ප්‍රායෝගික දෙයක් වුනේ නෑ. 

විශේෂයෙන්ම මේ ගැටලුව හදුනා ගත් පසු මේ තත්වය ඉතාම සුළු ප්‍රමාණයකින් ගොඩනගා ගන්නත්, මට මාස 6කට වැඩි, දැඩි කැපවීමකින් යුතු පුහුණුවකට ලක් වෙන්න සිදු වුනා. විශේෂයෙන්ම ගුරුවරයෙක්ගේ දැඩි අදීක්ෂණය යටතේ කල යුතු පුහුණුවක් වුනා. මොකද එහෙම නොවෙන්න මේ හැකියාව නැති කෙනෙක්ට තනියම ඒ පුහුණු වීමවත් දවස් කීපයකට වඩා කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒකත් ඉබේම මග හැරෙනවා. 

මෙන්න මේ නිසයි, පසුගිය අවුරුදු 3කට ආසන්න කාලයක් පුරාවට, මේ හැකියාව ගොඩනගා ගැනීම වෙනුවෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන, එදිනෙදා කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න සිදුවෙන, මෙවැනි දෙයක් වෙනුවෙන් මාස හෝ අවුරුදු ගනනක විශේෂ කැපවීමක් කල නොහැකි කෙනෙකුට වුවත් කල හැකි දෙයක් තියෙනවාද යන්න සොයා බැලීම මම ආරම්භ කලේ. 

එතැනදි, ඒ වෙනුවෙන් වන අතීත දැනුම් පද්දති වගේම, නූතන මනෝවිද්‍යාත්මක ක්‍රම ගැන අධ්‍යනය කිරීමේදී මට වැටහුන දේ තමයි, ඇත්තටම ඒ දේ කෙටි කාලයක් තුල ගොඩනැගිය හැකි, බොහෝ ක්‍රම ලෝකයේ තිබෙන බව. 

එවැනි ක්‍රම, ලෝකයේ ඉතාම ඉහල මට්ටම් වල සිටින මිනිසුන් ඉතාම රහසේ භාවිතා කරන බව. 

මේ ක්‍රම ප්‍රායෝගිකව අත් හදා බැලීමේදී මම ප්‍රායෝගිකව අත්විදි තත්වය තමයි, නිම කිරීම වෙනුවෙන් අවම සති කීපයක් අවශ්‍ය යයි මා විසින් සිතා සිටි, ඒ වගේම ප්‍රායෝගිකව එවැනි කාලයක් ලබා ගනිමින් මා නිම කල වැඩ පවා, පැය කීපයක් තුල නිම කිරීමට හැකි වන තත්වයක් මෙම ක්‍රම මා තුල ගොඩනගන බව. ඒ වගේම මගේ මනස තුල වන ක්‍රියාකාරීත්වය, ඉතාම පැහැදිලි, ක්‍රියාශීලී, අවුල් සහගත නොවන මට්ටමකට පත් වන බව. 

එය මා තුල මෙතෙක් කල් නිදා සිටි යෝදයෙකු හිටි හැටියේ අවදි වෙන්නට පටන් ගත්තා වැනි අත්දැකීමක්. එහෙම නැත්නම්, රෝගී වූ කාලාන්තරයක් දුක් විදි පුද්ගලයෙකු, හිටි හැටියේ සුව වෙනවා වැනි අත්දැකීමක්. 

මෙය පොතක තියෙන කරුණක් නෙමෙයි, මෙය මගේ ප්‍රායෝගික අත්දැකීම. 

මාර්තු 21 වන ඉරිදා සවස 04.00 සිට 06.00 දක්වා මම ඔබත් එක්ක සාකච්චා කරන්නේ, අන්න ඒ අත්දැකීම ඔබේ ජීවිතය තුලත් අත්විදින්න නම්, ඔබ මීලග දින 30 තුල, අත් හදා බැලිය යුතු ප්‍රායෝගික ක්‍රම කීපයක් ගැන. 

එහෙමනම් අපි නොවැරදීම ඉරිදා සවස 04.00ට Zoom හරහා හමුවෙමු.

- මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර

Tickets

  • Access Pass

    $10.00
    Sale ended

Total

$0.00

Share this event

bottom of page